අත්වැරදීම් මධ්‍යයේ 21න් 2ට ආ Max Verstappen.
බ්‍රසීල ග්‍රෝන් ප්‍රී තරගයේදී 21 වන ස්ථානයෙන් ආරම්භ කර දෙවන ස්ථානය දක්වා පැමිණීමට Red Bull කණ්ඩායමෙහි Max Verstappen සමත් වුණා.

කෙසේ වෙතත්, තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු තම ආරම්භය සහ තරගයේ තත්ත්වය පිළිබඳව සදහන් කොට තිබෙනවා.
තරග ආරම්භයේදී Lewis Hamilton ඉතා සාර්ථක ලෙස ඉදිරියට ඇදුනද, Verstappen ගේ ආරම්භය අපේක්ෂිත මට්ටමක නොතිබූ බවත් තමන් අතින් දෝෂයක් සිදුවූ බව ඔහු පිළිගෙන තිබෙනවා.
"ඇත්තටම කිව්වොත්, මම ක්ලච් එක අල්ලාගෙන හිටපු විදිය වැරදි නිසා මගේ reaction time එක ගොඩක් අඩු වුණා. මට ඉක්මනින් react කරන්න සිදු වුණත්, කාර් එක ඉදිරියට යෑම ප්‍රමාද වුණා. ඒක සම්පූර්ණයෙන්ම මගේ අතින් වුණු වරදක්."
පළමු වංගු තුනේදී තරගකරුවන් කිහිප දෙනෙක්ම එක පේළියට සිටීම නිසා තදබදයක් ඇති වූ බවත්, Hamilton මෙන් තමාට මුල් වටයේදී පහසුවෙන් ඉදිරියට යාමට නොහැකි වූ බවත් ඔහු සඳහන් කොට තිබෙනවා.
මූලික පසුබෑමෙන් පසු Max Verstappen ඉතා වේගයෙන් ඉදිරියට පැමිණි අතර අනෙක් රියදුරන් පහසුවෙන් පසුකරමින් ඔහු මුල් ස්ථාන අතරට පැමිණියද, පසුව මෝටර් රථයේ හැසිරීම වෙනස් වී තිබෙනවා.
Slick ටයර් වෙත මාරු වීමත් සමඟම, අධිවේගී වංගු වලදී වාහනය අධික ලෙස පාලනයෙන් ගිලිහී යාමේ අත්දැකීමකට ඔහු මුහුණ දී තිබෙනවා.
මෙම බාධක මධ්‍යයයේ වුවද, 21 වන ස්ථානයේ සිට ආරම්භ කර දෙවන ස්ථානය දිනාගැනීමට හැකි වීම පිළිබඳව ඔහු සතුට පළ කොට තිබෙනවා.
Log in to like and share this story.
Comments (0)
No approved comments yet. Be the first to comment!



