ලෝක ශූරයන් දෙපළ පසුපසින්ම තරග බිමට
බ්‍රසීල ග්‍රෝන් ප්‍රී තරගයට පෙර ප්රමුඛ පෙළේ රියදුරන් කිහිපදෙනෙකුටම දැඩි පසුබෑමකට ලක්වීමට සිදුවී තිබෙනවා.

ඒ ඔවුන්ගේ මෝටර් රථවල Power Unit වල කොටස් වෙනස් කිරීම නිසා ලැබුණු දඬුවම් හේතුවෙනි.
Red Bull කණ්ඩායමේ මැක්ස් වර්ස්ටැපන්ගේ රථයේ අභ්‍යන්තර දහන එන්ජිම්, Turbo Charger සහ Exhaust පද්ධති සඳහා නියමිත සීමාව ඉක්මවා අලුත් උපාංග භාවිත කිරීමට සිදුවුණා.
මේ නිසා ලැබුණු ස්ථාන 30ක දඬුවම හේතුවෙන්, ඔහුට බ්‍රසීල තරගය ආරම්භ කිරීමට සිදුවන්නේ 21 වන ස්ථානයෙනි.
කෙසේ වෙතත් මින් පෙර Interlagos ධාවන පථයේ පසුපසින් තරගය ආරම්භ කර ජයග්‍රහණ කිරීමට Verstappen සමත්වී ඇති බැවින්, මෙවරද ඔහුගෙන් ප්‍රබල පෙරළියක් බලාපොරොත්තු විය හැකි බව අපේක්ෂා කෙරෙනවා.
Ferrari කණ්ඩායමේ Lewis Hamilton හටද මුලින් ස්ථාන 10ක දඬුවමක් හිමිවීමට නියමිතව තිබුණද, 3 වන පුහුණු වටයේදී ඔහුගේ රථයෙන් දුමාරයක් මතුවීම සහ තාක්ෂණික දෝෂ හටගැනීම නිසා Power Unit එකම අලුතින් ප්‍රතිස්ථාපනය කිරීමට සිදු වුණා.
ඒ අනුව Hamilton ට ස්ථාන 65ක Grid Panelty එකක් හිමිවී ඇති නමුත් ඔහුට තරගය ආරම්භ කිරීමට සිදුවන්නේ 20 වන ස්ථානයෙනි.
මීට අමතරව, Ferrari කණ්ඩායමේ Charles Leclerc සහ Mercedes කණ්ඩායමේ ජෝර්ජ් George Russell ද මෙම දඬුවම්වලට මුහුණ දී සිටිනවා.
මෙම දඬුවම් හමුවේ, McLaren කණ්ඩායමේ Lando Norris හට Pole Position ස්ථානය හිමිවූ අතර, Kimi Antonelli දෙවන ස්ථානයෙන් තරගය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
Max සහ Lewis යන ලෝක ශූරයන් දෙදෙනාම පසුපසින් තරගය ආරම්භ කරමින් ඉදිරියට පැමිණීමට සටන් වැදීම හමුවේ, මෙවර බ්‍රසීල ග්‍රෝන් ප්‍රී තරගය අතිශය උද්වේගකර එකක් වනු ඇතැයි විචාරකයන් පෙන්වා දෙනවා.
Log in to like and share this story.
Comments (0)
No approved comments yet. Be the first to comment!



