වරුසාවේ පෙරලිකාරයා Lando?

F1 තරග තුළ වැසි සහිත කාලගුණය යටතේ ධාවනය කිරීම යනු රියදුරෙකුගේ සැබෑම දක්ෂතාව මැන බලන ප්‍රධාන මිනුම්දණ්ඩක් ලෙස ප්‍රචලිතයි.

Nov 11, 2026 05:22 am (1 day ago)
වරුසාවේ පෙරලිකාරයා Lando?
Photo Courtesy - Formula 1

සාමාන්‍යයෙන් වැසි දින තරගවල ප්‍රභලයන් ලෙස බොහෝ දෙනා කතා කරන්නේ මැක්ස් Max Verstappen සහ Lewis Hamilton පිළිබදවයි.

නමුත් මෑතකදී බ්‍රසීල ග්‍රොන් ප්‍රී තරගයේදී තවත් ධාවකයෙකු තමන් වැසි සහිත තරගවල කෙතරම් දක්ෂද යන්න නැවත වරක් මුළු ලෝකයටම පෙන්වා දුන්නා. ඒ අන් කවරකුවත් නොව Lando Norris.

මෙම ලිපිය කියවන පාඨක ඔබට 2021 රුසියානු ග්‍රොන් ප්‍රී තරගයේදී Lando Norris වර්ෂාව හමුවේ සිදුකළ තීරණාත්මක වරද හමුවේ ජයග්‍රහණය අහිමි වූ ආකාරය මෙහෙනි වනු ඇතියි.

නමුත් එම තරගයේදී පවා Norris තෙත බරිත ධාවන පථය මත පෙන්නුම් කළ වේගය සහ Grip එක සොයාගත් ආකාරය ඔහුගේ විශිෂ්ටත්වය ලෝකයට පෙන්වූ අවස්ථාවකි.

McLaren කණ්ඩායමේ ප්‍රධානී Andrea Stella සඳහන් කරන පරිදි, ධාවන පථයේ තත්ත්වය වියළි සහ තෙත අතරමැදි තත්ත්වයක පවතින විට, ධාවන පථයේ සීමාවන් ඉක්මනින්ම සොයාගෙන වැඩිම වේගයක් ලබා ගැනීමට Norris සතුව පුදුමාකාර හැකියාවක් තිබෙනවා.

මෑතකදී පැවැත්වුණු බ්‍රසීල ග්‍රොන් ප්‍රී තරගයේදී Pole Position එකෙන් තරගය ආරම්භ කර, වෙනස් වන කාලගුණික තත්ත්වයන් හමුවේ ඉතා දක්ෂ ලෙස රථය පාලනය කරමින් ජයග්‍රහණය කරා යාමට ඔහුට හැකි වුණා.

මීට අමතරව Zandvoort තරගය, 2024 දී චීන Sprint තරගය සහ බ්‍රසීල තරගයේ Poles දිනා ගැනීම වැනි අවස්ථාවන්ගෙන්ද Norris ගේ මෙම සුවිශේෂී හැකියාව මනාව පැහැදිලි වනවා.

The Race වෙබ් අඩවිය විසින් සිදු කරන ලද මත විමසුමකට අනුව 74% ක් ප්‍රේක්ෂකයින් වැසි දිනයේ හොඳම රියදුරා ලෙස Maxද 13.6% ක් Lewis ද තෝරාගනිද්දී Lando Norris ට හිමිව ඇත්තේ 6% කටත් වඩා අඩු ප්‍රතිශතයකි.

මෙයින් පෙනී යන්නේ Lando Norris යනු F1 හි අතිශය දක්ෂ, නමුත් බොහෝ දෙනාගේ අවධානයට ලක් නොවූ වැසි තත්වයන්හි දක්ෂයෙකු බවයි.

Log in to like and share this story.

Comments (0)

Join the conversation. Login or Register to comment.

No approved comments yet. Be the first to comment!