මානුෂීයත්වය වෙනුවෙන් Rafah වෙත ගිය ලෝක ශූරයා

ලෝක ප්‍රකට Formula 1 ධාවන ශූර Lewis Hamilton, ඊජිප්තුව සහ ගාසා තීරය අතර පිහිටි Rafah දේශසීමා මායිම වෙත සංචාරයක නිරත වී තිබෙනවා.

Nov 11, 2026 07:31 pm (10 hours ago)
British Formula One driver Lewis Hamilton, center, listens to Major General Khaled Maghawer, governor of North Sinai, during his visit to Egypt’s side of the Rafah crossing with Gaza Strip, in Rafah, Egypt, Tuesday, Nov. 10, 2026.
British Formula One driver Lewis Hamilton, center, listens to Major General Khaled Maghawer, governor of North Sinai, during his visit to Egypt’s side of the Rafah crossing with Gaza Strip, in Rafah, Egypt, Tuesday, Nov. 10, 2026. Photo Courtesy - AP Photo/Mohamed Arafat

එහිදී ඔහු ගාසා තීරයේ අසරණ වූ ජනතාව වෙත මානුෂීය ආධාර සපයන සංවිධානවල ක්‍රියාකාරීත්වය සහ ආධාර ගබඩා කර ඇති ස්ථාන නිරීක්ෂණය කර තිබෙනවා.

හත්වරක් Formula 1 ලෝක ශූරතාවය ජයගත් Hamilton, මැදපෙරදිග පවතින මානුෂීය අර්බුද සහ ගැටුම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් හඬක් නැගූ ක්‍රීඩකයෙකු ලෙස ප්‍රචලිතව සිටිනවා.

ඔහු මීට පෙරද ගාසා තීරයේ ප්‍රහාරවලින් මියගිය දරුවන් පිළිබඳව සහ වහාම සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා තිබුණා.

එහිදී Lewis Hamilton, Al-Arish හි පිහිටි ඊජිප්තු Red Crescent සංවිධානයේ ප්‍රධාන සහනාධාර ගබඩාව වෙත ගොස්, ගාසා තීරය වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය යැවෙන ආකාරය පිළිබඳව සොයා බලා තිබෙනවා.

Rafah දේශසීමාවේදී සහනාධාර මෙහෙයුම්වල නිරත සේවකයන් හමු වූ Hamilton, අරාබි බසින් සුබ පතමින් ඔවුන්ගේ කැපවීම අගය කොට තිබෙනවා.

ගාසා තීරය තුළ සටන් විරාමයක් ක්‍රියාත්මක වුවද, ප්‍රදේශයට ඇතුළු වන ආධාර ප්‍රමාණය තවමත් ප්‍රමාණවත් නොවන බව වාර්තා වනවා.

දිනකට ආධාර රැගත් ට්‍රක් රථ 600ක්වත් ඇතුළු විය යුතු බවට එකඟතාවයකට පැමිණ තිබුණද, එම ප්‍රමාණය තවමත් නොලැබෙන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවලට අනුව එහි මානුෂීය අර්බුදය තවමත් උග්‍ර මට්ටමක පවතිනවා.

බ්‍රසීලයේ සාඕ පවුලෝ හි පැවැත්වුණු තරගයෙන් පසුව මෙම සංචාරයට එක් වූ Hamilton, පලස්තීනය, කොංගෝව, සුඩානය සහ සිරියාව වැනි ගැටුම්වලින් පීඩා විඳින කලාපවල ජනතාවට ඉක්මනින්ම සාමය උදා විය යුතු බව අවධාරණය කොට තිබෙනවා.

Log in to like and share this story.

Comments (0)

Join the conversation. Login or Register to comment.

No approved comments yet. Be the first to comment!