බ්‍රසීල තරගයේ දී Ferrariට මොකද වුණේ ?
São Paulo Grand Prix තරගයේදී Ferrari කණ්ඩායමට තරගකාරී මට්ටමකට පැමිණීමට නොහැකි වීම බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා.

එහිදී ඔවුන් මුහුණ දුන් ප්‍රධානතම තාක්ෂණික ගැටලුව වූයේ ටයර්වල උෂ්ණත්වය නිසි පරිදි පවත්වා ගැනීමට නොහැකි වීම බව Ferrari කණ්ඩායම් ප්‍රධානී Fred Vasseur ප්‍රකාශ කර තිබෙනවා.
මෙම තරගයේදී Charles Leclerc 7වන ස්ථානයත්, Lewis Hamilton 9 වන ස්ථානයත් ලබා ගනිමින් තරගය අවසන් කළ අතර, සතියකට පෙර මෙක්සිකෝවේදී ලබාගත් සාර්ථකත්වයට සාපේක්ෂව මෙය Ferrari කණ්ඩායමට දැඩි පසුබෑමක් වුණා.
මෙම සති අන්තය පුරාම Ferrari රථ දෙකටම Power Unit වෙනස් කිරීම් නිසා Grid Penalties ලැබී තිබූ අතර Hamilton ගේ මෝටර් රථයේ ඇති වූ අතිරේක දෝෂයක් නිසා ඔහුට 20 වන ස්ථානයෙන් තරගය ආරම්භ කිරීමට සිදු වුණා.
තරගය ආරම්භයේදීම Lewis Hamilton ඉතා දක්ෂ ලෙස රථ 11ක් පසුකර යමින් 9 වන ස්ථානයට පැමිණියද, ධාවන පථයේ තෙතමනය සහිත අවස්ථාවේ භාවිතා කළ Intermediate ටයර් නිසි උෂ්ණත්වයට ගෙන ඒමට නොහැකි වීම නිසා නැවතත් ඔහුගේ වේගය අඩාල වුණා.
"මම තාක්ෂණික කරුණු ගැන වැඩිදුර කතා කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් මෙහිදී ප්‍රධානම බලපෑම ඇති කළේ ටයර්වල උෂ්ණත්වය. තරගයේ සමහර අවස්ථාවලදී අපිට දැඩි ලෙස අභියෝගවලට මුහුණ දීමට සිදු වුණා." යනුවෙන් Fred Vasseur සදහන් කොට තිබෙනවා.
" සාමාන්‍යයෙන් ටයර්වල ගැටලුවක් ඇති වූ විට එහි බලපෑම මෝටර් රථයට කරන වෙනස්කම් වලට වඩා ඉතා වැඩියි. ඔබ මෝටර් රථයට කොතරම් අලුත් Upgrades එකතු කළත්, ටයර් නිවැරදි උෂ්ණත්වයේ තබා ගැනීමට නොහැකි නම් ඔබට කිසිදු සාර්ථකත්වයක් ලබා ගන්න බැහැ."
Hamilton කලින්ම Slicks ටයර් වෙත මාරු වීමට තීරණය කළ අතර එය යම් තාක් දුරට ඉක්මන් වැඩි තීරණයක් වූ බවත්, ඊට අමතරව තනි ධාවන තීරුවක් පමණක් පවතිද්දී පසුපසින තරගය ආරම්භ කර ඉහළ Top Speed එකක් නොමැතිව රථ අභිබවා යාම ඉතා අසීරු වූ බවත් Vasseur සඳහන් කළා.
මේ අතර São Paulo තරගයෙන් අනතුරුව Mercedes කණ්ඩායම 2026 නිෂ්පාදකයින්ග ශූරතාව තහවුරු කරගත් අතර Ferrari කණ්ඩායමට 2 වන ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදු වුණා.
එමෙන්ම 2008 වසරෙන් පසුව ශූරතාවයක් දිනා ගැනීමට Ferrari තවමත් බලන් සිටින අතර, Vasseur අවසාන වශයෙන් Mercedes කණ්ඩායමට සුබ පතමින් කියා සිටියේ ඊළඟ තරග වාරයේදී නැවතත් ශක්තිමත්ව තරගයට පැමිණෙන බවයි..
Log in to like and share this story.
Comments (0)
No approved comments yet. Be the first to comment!



