Mercedes කණ්ඩායම නිෂ්පාදකයින්ගේ ශූරතාවය දිනා ගනී

2026 Formula 1 තරග වාරයේ අතිශය උණුසුම් මුහුණුවරක් ගත් බ්‍රසීලයේ Interlagos ධාවන පථයේ පැවැති São Paulo Grand Prix තරගයේදී Mercedes කණ්ඩායම නිෂ්පාදකයින්ගේ ලෝක ශූරතාව නිල වශයෙන් තහවුරු කර ගැනීමට සමත් වුණා.

Nov 9, 2026 02:29 pm (2 days ago)
George Russell, Mercedes, Andrea Kimi Antonelli, Mercedes, Toto Wolff, Mercedes
George Russell, Mercedes, Andrea Kimi Antonelli, Mercedes, Toto Wolff, MercedesPhoto Courtesy - Formula 1

මෙම තරගය McLaren කණ්ඩායමේ Lando Norris විසින් ජයග්‍රහණය කළ නමුත් Mercedes රියදුරන් වන George Russell 4 වන ස්ථානයත්, Kimi Antonelli 5 වන ස්ථානයත් දිනා ගනිමින් කණ්ඩායමට හිමි ශූරතාව තහවුරු කිරීමට අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබා ගන්නට සමත් වුණා.

තරගය ආරම්භයේදීම දෙවන ස්ථානයෙන් ධාවනය ඇරඹූ Kimi, පළමු ස්ථානයේ සිටි Lando Norris අභිබවා පෙරමුණ ගැනීමට සමත් වුණා.

පළමු වට 7 තුළ තත්පර 5ක ඉදිරියක් ලබා ගැනීමට ඔහුට හැකි වූවත්, 20 වන වටයේදී පළමු වංගුවේදී සිදු වූ අවාසනාවන්ත ලිස්සා යාම නිසා Norris ට නැවතත් පෙරමුණ ගැනීමට අවස්ථාව හිමි වුණා.

තරගයේ අවසාන වට කිහිපයේදී ඇදහැලුණු වර්ෂාවත් සමඟ ධාවන පථය අභියෝගාත්මක වද්දී එම තත්ත්වය හමුවේ Russell 4 වන ස්ථානයෙන් සහ Kimi 5 වන ස්ථානයෙන් තරගය නිමා කලා.

ඊයේ දිනයේදී Ferrari කණ්ඩායමේ Charles Leclerc 7 වන ස්ථානයත්, Lewis Hamilton 9 වන ස්ථානයත් ලබා ගැනීම හේතුවෙන් Mercedes කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ළඟා විය නොහැකි තරම් ඉදිරියට පැමිණිමට සමත් වුණා.

ඊයේ තරගයට පෙර Mercedes පිල Ferrari පිලට වඩා ලකුණු 126ක් ඉදිරියෙන් සිටි අතර, ශූරතාව තහවුරු කිරීමට ලකුණු 129ක පරතරයක් අවශ්‍ය වුණා.

පසුගිය මෙක්සිකෝ ග්‍රොන් ප්‍රී තරගයේදී Kimi, F1 ඉතිහාසයේ ලාබාලතම ලෝක ශූරයා බවට පත් වීමෙන් පසු, මෙම ජයග්‍රහණයත් සමඟ Mercedes පිල 2026 වසරේ ද්විත්ව ශූරතාවම තමන් සතු කර ගන්නට සමත් වුණා.

මෙය Mercedes කණ්ඩායම විසින් දිනා ගන්නා ලද 9 වන F1 නිෂ්පාදකයින්ගේ ලෝක ශූරතාවයයි.

මීට පෙර ඔවුන් 2014 සිට 2021 දක්වා අඛණ්ඩව ශූරතාවලින් 8ක් දිනාගෙන තිබූ අතර 2021 වසරෙන් පසුව ඔවුන් දිනාගත් පළමු නිෂ්පාදකයින්ගේ ශූරතාව මෙය වනවා.

Log in to like and share this story.

Comments (0)

Join the conversation. Login or Register to comment.

No approved comments yet. Be the first to comment!