F1 ධාවන පථයට එන අලුත්ම ආරක්ෂකයා

Jul 22, 2026 11:00 am (3 months ago)
F1 ධාවන පථයට එන අලුත්ම ආරක්ෂකයා
Photo Courtesy - Mercedes

Formula 1 තරඟාවලියේ නිල Safety Car රථය ලෙසින් සුවිසල් කාර්‍යභාරයක් ඉටු කළ Mercedes-AMG GT Black Series රථය වෙනුවට, වඩාත් බලගතු සහ නවීන තාක්ෂණයෙන් යුතු Mercedes-AMG GT 63 PRO 4MATIC+ රථය හඳුන්වා දීමට Mercedes සමාගම කටයුතු කර තිබෙනවා.

හංගේරියානු ග්‍රෝන් ප්‍රී අදියරේ සිට F1 ධාවන පථයේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වන්නේ මෙම අලුත්ම රථයයි.

මෙය Mercedes සමාගම විසින් Formula 1 තරගාවලිය වෙනුවෙන් ම නිර්මාණය කරන ලද 14 වන Safety Car රථය වන අතර, මෙහි ඇති විශේෂත්වය වන්නේ All-Wheel Drive පද්ධතියක් සහිතව F1 ආරක්ෂක රථයක් ඉදිරිපත් කළ ප්‍රථම අවස්ථාව මෙය වීමයි.

ලීටර් 4.0 V8 biturbo එන්ජිමකින් සමන්විත මෙය, අශ්වබල 612 ක දැවැන්ත බලයක් සහ 850Nm ක උපරිම ව්‍යාවර්තයක් ජනනය කරන අයුරින් නිර්මාණය කොට තිබෙනවා.

AMG Speedshift MCT 9G ගියර් පද්ධතිය සහ AMG Performance 4MATIC+ fully variable all-wheel drive තාක්ෂණයෙන් මෙම මෝටර් රථය සමන්විත වනවා.

අධික වේගයකදී ආරක්ෂිතව නතර කරගැනීම සඳහා AMG High Performance ceramic composite බ්‍රේක් පද්ධතියක් මෙහි භාවිතා කොට තිබෙනවා.

F1 ධාවන පථයේ අවශ්‍යතාවලට ගැලපෙන සේ ඉදිරිපස නව Front splitter එකක්, සක්‍රීය Flap එකක් සහිත Rear wing එකක් සහ Dive planes මීට එක්කර තිබෙනවා. එමගින් අධික වේගයෙන් වංගු ගන්නා විට රථයේ ස්ථාවරත්වය වැඩි කරනු ලබනවා.

ඕනෑම කාලගුණ තත්ත්වයකදී ධාවකයන්ට පැහැදිලිව දර්ශනය වීම සඳහා පසුපස Wing එක තුළම සවිකරන ලද Signalling system එකක් සහ අමතර LED ආලෝක පද්ධතියක් ද මෙහි ඇතුළත් කර තිබෙනවා.

Mercedes සමාගම Formula 1 තරඟාවලිය සඳහා Safety Cars සපයන්නා ලෙස වසර 30 ක් සම්පූර්ණ කිරීම නිමිත්තෙන්, ප්‍රවීණ ධාවක Bernd Maylander විසින් පදවන මෙම නව රථය සඳහා විශේෂ සැමරුම් ලාංඡනයක් එක්කර තිබෙනවා.

එමෙන්ම, මෑත කාලයේදී Aston Martin සමාගම සමඟ හවුලේ සිදුකළ කළ Safety Car සැපයීමේ කාර්යය නිමා කරමින්, මෙම වසරේ සිට Formula 1 තරඟාවලියේ එකම Safety Car සහ Medical Car සැපයුම්කරු ලෙස Mercedes සමාගම තනිවම කටයුතු කිරීමද විශේෂත්වයක්.

Log in to like and share this story.

Comments (0)

Join the conversation. Login or Register to comment.

No approved comments yet. Be the first to comment!