F1 ඉතිහාසය අලුත් කළ 20 හැවිරිදි Kimi Antonelli
Formula 1 ලෝකයේ නවතම පෙරළිය සිදු කරමින්, Mercedes කණ්ඩායමේ යොවුන් ක්‍රීඩක Andrea Kimi Antonelli 2026 F1 ලෝක ශූරතාව හිමිකර ගැනීමට සමත් වුණා.

මෙක්සිකෝ ග්‍රෝන් ප්‍රී තරගයේදී තෙවැනි ස්ථානය දිනා ගැනීමත් සමඟ තරගාවලිය නිමාවීමට පෙරම මෙම ලෝක ශූරතාව තහවුරු කර ගැනීමට ඔහුට හැකි වුණා.
මේ සමඟින් ෆෝමියුලා 1 ඉතිහාසයේ ළාබාලතම ලෝක ශූරයා බවට පත්වෙමින් වාර්තා පොත් අලුත් කරන්නට වයස අවුරුදු 20ක් වන මෙම ඉතාලි ජාතික ක්‍රීඩකයා සමත් වුණා.
මින් පෙර Formula 1 ඉතිහාසයේ ළාබාලතම ලෝක ශූරයා ලෙස වාර්තා පොත් අතර රැඳී සිටියේ ජර්මානු ජාතික Sebastian Vettel ය.
Red Bull Racing කණ්ඩායම නියෝජනය කරමින් 2010 වසරේ අබුඩාබි ග්‍රෝන් ප්‍රී තරගයේදී සිය කුලුඳුල් ලෝක ශූරතාව දිනා ගන්නා විට Vettelගේ වයස අවුරුදු 23යි දින 134ක් ලෙස සටහන් වුණා.
එතැන් පටන් වසර 16ක් පුරා කිසිදු ධාවකයෙකුට බිඳහෙළීමට නොහැකිව තිබූ මෙම වාර්තාව බිඳදැමීමට Kimi Antonelli සමත් වීම කැපී පෙනුණා.
Kimi Antonelli යනු හිස් අහසින් පැමිණි තරුවක් නොව, F1 ඉතිහාසයේ බිඳහෙළීමට අපහසුම යොවුන් වාර්තා රැසක් එකින් එක තමන් සතු කරගත් ක්‍රීඩකයෙකි.
ඔහුගේ මෙම කෙටි තරග දිවිය තුළදී තැබූ ප්‍රධානතම වාර්තා කිහිපය F1 ලෝකයේ ඔහුගේ ආධිපත්‍යය මැනවින් පිළිඹිබු කිරීමට සමත් වනවා.
ලාබාලතම Race Leader, ලාබාලතම Polesitter, Pole Position එක ලබාගත් ලාබාලතම ක්‍රීඩකයාගේ වාර්තාව, ලාබාලතම Grand Sla හිමිකරුවාගේ වාර්තාව යන වාර්තාද ඊට ඇතුලත් වනවා.
Mexican ග්‍රෝන් ප්‍රී තරගය නිමවා මෝටර් රථයෙන් පිටතට පැමිණි Kimi Antonelli, තමන් ලැබූ මෙම විශිෂ්ට ජයග්‍රහණය හමුවේ දැඩි ලෙස හැඟීම්බර වුණා. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ තමන්ට මෙම මොහොතේ වචන පවා අහිමි වී ඇති බවයි.
"මට මේ මොහොතේ දැනෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න බැහැ. මේක මගේ කුඩා කාලයේ ඉඳන් තිබුණු ලොකුම හීනයක්. Mercedes කණ්ඩායම තැබූ විශ්වාසයට සහ දුන් සහයෝගයට මම සදා ණයගැතියි. මගේ පවුලේ අයට සහ කණ්ඩායමට මගේ හදපිරි ස්තුතිය හිමිවෙනවා."
තම දෙවැනි F1 තරග වාරයේදීම ලෝක ශූරතාව දිනා ගැනීමට Kimi Antonelli සමත් වූයේ ඉතාමත් ස්ථාවර සහ දක්ෂ ධාවන රටාවක් පෙන්නුම් කරමිනි.
Monza හිදී 19 වැනි ස්ථානයෙන් තරගය ආරම්භ කර ප්‍රථම ස්ථානය දිනාගැනීමට ඔහු සමත් වීම මෙවර තරගවාරයේ කැපී පෙනෙන සිදුවීමක් බවට පත් වුණා.
Lewis Hamilton, Mercedes කණ්ඩායමෙන් ඉවත්වීමෙන් පසු ඇති වූ හිඩැස පිරවීමට පැමිණි මෙම යොවුන් ක්‍රීඩකයා, වසර කිහිපයකට පසු Mercedes කණ්ඩායමට නැවතත් ලෝක ශූරතාවක් ගෙන ඒමට සමත් වී තිබෙනවා.
මෝටර් රථ විශ්ලේෂකයන් පවසන්නේ ඉදිරි වසර කිහිපය තුළ Formula 1 ධාවන පථය රජ කිරීමට Kimi Antonelli ට හැකිවනු ඇති බවයි.
Log in to like and share this story.
Comments (0)
No approved comments yet. Be the first to comment!



