වට 6කින් තරගයම කණපිට පෙරළූ Lando Norris

Photo Courtesy - Getty Images
මෙවර Formula 1 තරගවාරයේ සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරමින් හංගේරියානු ග්‍රෝන් ප්‍රී තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට Lando Norris සමත් වුණා.
තරගයේ මුල් භාගයේදී පෙරමුණ අහිමි වුවද, Norris මෙම තරගය ජයගත්තේ සාමාන්‍ය අභිබවා යාමකින් පමණක් නොව උපක්‍රමශීලී තරග රටාවක් අනුගමනය කරමිනි.
තාක්ෂණික උපක්‍රම , කාලගුණික වෙනස්වීම් සහ Norris සතු ධාවන දක්ෂතාවය මෙම ජයග්‍රහණයට ඍජුවම බලපෑම් එල්ල කළ අයුරු පිළිබදව තොරතුරු ඇතුලත් ලිපියකි මේ...
සිකුරාදා දිනයේ පුහුණු වට වලදී McLaren රථයේ වේගය සහ සමබරතාව පිළිබඳව Norris ට යම් ගැටලු තිබුණද, සෙනසුරාදා වන විට සුළගේ දිශානතිය වෙනස් වීමත් සමඟින් රථයේ Aerodynamic සමබරතාව සහ පාලනය සැලකිය යුතු ලෙස වර්ධනය වුණා.
එමඟින් ලැබුණු විශ්වාසය මත Norris, Qualifying වලදී වේගවත්ම කාලය වාර්තා කරමින් Pole Position එක දිනා ගැනීමට සමත් වුණා.
Pole Position එකෙන් තරගය ආරම්භ කළද පළමු වටයේදීම Norris ගේ රථය තරමක් Slide වීම නිසා Oscar Piastri විසින් Norris ව අභිබවා යමින් තරගයේ පෙරමුණ හිමිකරගන්නට සමත් වුණා.
නමුත් Norris ඊළඟ වට 33 පුරාවටම Piastri ට තත්පර 2කටත් වඩා අඩුවෙන් පරතරය තබාගනිමින් දැඩි තරගයක් ලබා දෙන්නට සමත් වුණා.
තරගයේ 33 වන වටයේදී Piastri ව නව ටයර් ලබාගැනීම සඳහා Pit Stop එකට කැඳවීමට McLaren කණ්ඩායම තීරණය කළ නමුත් තවත් වට 6ක් පැරණි ටයර් වලින්ම ධාවන පථයේ රැදී සිටින්නට Norris තීරණය කළා.
ඉදිරියෙන් වෙනත් රථ නොමැතිව පිරිසිදු වායු ධාරාවන්හි ධාවනය කිරීමට ලැබුණු මෙම වට 6 තුළ පැරණි ටයර් තිබියදීත් සියලු දෙනා මවිත කරවන වේගයක් පවත්වා ගැනීමට Norris සමත් වුණා.
40 වන වටයේදී Norris සිය Pit Stop එක අවසන් කර නැවත ධාවන පථයට පිවිසෙන විට, Piastri ට වඩා ඉදිරියෙන් තරගයේ පෙරමුණ හිමිකර ගැනීමට ඔහුට හැකි වුණා.
පසුව Piastri ගේ රථයේ Gearbox ගැටලුවක් නිසා ඔහුට තරගයෙන් ඉවත වීමට සිදු වූ අතර, Norris තත්පර 15ක විශාල පරතරයක් සහිතව Max Verstappen පරාජය කරමින් ජයග්‍රහණය තහවුරු කරගන්නට සමත් වුණා.
සුළගේ වෙනස තමාට වාසිදායක ලෙස භාවිත කිරීමත්, තීරණාත්මක වට 6 තුළ Norris දැක්වූ අසමසම ධාවන දක්ෂතාවයත් මෙම ජයග්‍රහණයට ඉවහල් වුණා.
Comments (0)
No approved comments yet. Be the first to comment!



