දඬුවම් පරදවා නැගී සිටි Hamilton ගේ අසමසම ජයග්‍රහණය

Formula 1 තරගාවලියක ලෝක ශූරතාවය තීරණය වන තීරණාත්මක නිමේෂයක, බොහොමයක් දේ ඔබට එරෙහිව පෙළගැසී ඇති මොහොතක ඔබට කුමක් කළ හැකිද? 2021 බ්‍රසීල ග්‍රෝන් ප්‍රී අදියරේදී Lewis Hamilton මුහුණ පාන්නේ එවැනි සිදුවීමකටයි.
2021 F1 තරගවාරයේ Lewis Hamilton සහ Max Verstappen අතර පැවැති අතිශය උණුසුම්ම ලෝක ශූරතා සටන, Interlagos අදියරට පැමිණෙන විට Hamilton සිටියේ Verstappen ට වඩා ලකුණු 19ක් පිටුපසිනි.
ශූරතා බලාපොරොත්තු ජීවමානව තබා ගැනීමට නම් Hamilton ට බ්‍රසීලයේදී ජයග්‍රහණයක් අනිවාර්ය විය.
සති අන්තය ආරම්භයේදීම Mercedes කණ්ඩායම Hamilton ගේ රථයට නව අභ්‍යන්තර දහන එන්ජිමක් සවිකිරීම නිසා ඔහුට ස්ථාන 5ක Grid Penalty එකක් හිමිවිය.
නමුත් සැබෑ අර්බුදය පැමිණෙන්නේ Qualifying අදියරෙන් පසුවය. Qualifying හි වේගවත්ම කාලය වාර්තා කරමින් Hamilton ඉදිරියෙන්ම සිටියද, ඔහුගේ රථයේ Rear Wing එකෙහි DRS පරතරය නීතිමය සීමාවට වඩා මිලීමීටර 0.2කින් වැඩි බව තීරණය විය.
එහි ප්‍රතිඵලයක් ලෙස Hamilton ව Qualifying තරගයෙන් ඉවත් කරනු ලැබීය. සෙනසුරාදා පැවැත්වෙ Sprint තරගය අවසන් ස්ථානයේ සිට ආරම්භ කිරීමට Hamilton ට සිදු විය.
එමෙන්ම ඉරිදා ප්‍රධාන තරගයේදී Engine Penalty එක නිසා තවත් ස්ථාන 5ක් පස්සට යාමට ද ඔහුට සිදුවිය. සෙනසුරාදා පැවැති වට 24ක Sprint Qualifying තරගය F1 ප්‍රේක්ෂකයින්ට අදහාගත නොහැකි දර්ශනයක් විය.
Interlagos හි ප්‍රධාන වීදියේ Mercedes W12 රථයේ තිබූ අසමසම Straight-line speed එක සහ Hamilton ගේ අතික්‍රමණශීලී ධාවන විලාසය හමුවේ ප්‍රතිවාදීහු එකිනෙකා අසරණ වන්නට විය.
වට 24ක් තුළ රථ 15ක් පසුපසට දමමින් විසිවන ස්ථානයේ සිට පස්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට Hamilton සමත් විය.
තමන්ට ලැබී තිබූ ස්ථාන 5ක Penalty එකත් සමඟ Hamilton ඉරිදා තරගය ආරම්භ කළේ 10 වන ස්ථානයෙනි.
තරගය ආරම්භ වී වට 5ක් ඇතුළත ප්‍රතිවාදීන් පසුකර තෙවන ස්ථාන දක්වා පැමිණීමට Hamilton ට ගතවූයේ සුළු මොහොතකි.
Red Bull කණ්ඩායමෙහි Sergio Perez ව උපායශීලීව පසුකරමින් Hamilton P2 ස්ථානයට පැමිණියේය. දැන් ඔහු ඉදිරියේ සිටියේ ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ Max Verstappen පමණි.
48වන වටයේ Turn 4 හිදී Hamilton, Verstappen ව පසුකිරීමට උත්සාහ කළද Verstappen ගේ දැඩි ආරක්ෂාකාරී ධාවනය හමුවේ රථ දෙකම ධාවන පථයෙන් පිටතට ඇදී යන්නට විය.
ඉන් පසුනොබැස එක දිගට පීඩනය එල්ල කළ Hamilton, 59 වන වටයේදී Main Straight එකේදී DRS තාක්ෂණය භාවිත කරමින් අතිවිශිෂ්ට ලෙස Verstappen ව පසුකර තරගයේ පෙරමුණ ගත්තේය.
අවසානයේ තත්පර 10.49ක පරතරයක් සහිතව ප්‍රථමයෙන් ජයග්‍රාහී සීමාව පසුකළ Hamilton, බ්‍රසීල ජාතික කොඩිය අතැතිව ජයග්‍රහණය සැමරුවේ තමන්ගේ ආදර්ශමත සංකේතය වූ Ayrton Senna ව සිහිපත් කරමිනි.
සති අන්තය පුරාම එකතුව ස්ථාන 25ක දඬුවම් ලබා, සියල්ල තමන්ට එරෙහිව තිබියදී ලබාගත් මෙම ජයග්‍රහණය F1 ඉතිහාසයේ ලියැවුණු අසමසම ජයග්‍රහණයක් ලෙස සදා අමරණීය වනු ඇත.
හංගේරියානු ග්‍රෝන් ප්‍රී අදියරේදීත් එවැනි දස්කමක් දක්වමින් ජයග්‍රහණය කිරීමට Grid Panelty එකකට මුහුණ පා සිටින Lewis Hamilton සමත් වේවිද ?
Log in to like and share this story.
Comments (0)
No approved comments yet. Be the first to comment!



