
Formula 1 ධාවන පථයන් අතරේ වඩාත්ම උද්යෝගිමත් සහ අභියෝගාත්මක ධාවන පථයක් ලෙස Sepang ජාත්‍යන්තර ධාවන පථය ප්‍රචලිතව තිබෙනවා.
1999 වසරේ සිට F1 තරඟාවලියේ අනිවාර්ය අංගයක් වූ මැලේසියානු Grand Prix තරඟය, ඕනෑම මොහොතක වෙනස් විය හැකි කාලගුණය සහ අභියෝගාත්මක වංගු නිසා ධාවකයින්ගේ මෙන්ම ප්රේක්ෂකයින්ගේද දැඩි ආකර්ෂණයට ලක් වුණා.
වසර 9 ක විරාමයකින් පසු, මැලේසියානු Sepang ධාවන පථය නැවතත් 2026 F1 තරඟාවලියට එක්වන බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.
ඒ යුධමය වාතාවරණය හමුවේ අතහැර දැමුණු බහරේන් ග්‍රෝන් ප්‍රී අදියර වෙනුවටයි. මෙම තරඟය එළඹෙන ඔක්තෝබර් 2 සිට 4 දක්වා Sepang International Circuit හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
වසර 19 ක නොකඩවා පැවැත්වූ සාර්ථක ඉතිහාසයකින් පසුව 2017 වසරේදී මැලේසියානු ග්‍රෝන් ප්‍රී තරඟය F1 තරඟාවලියෙන් ඉවත් කිරීමට මැලේසියානු රජය තීරණය කළා.
F1 තරඟයක් පැවැත්වීම සඳහා F1 හිමිකරුවන් වූ Liberty Media වෙත ගෙවිය යුතු ගාස්තුව වසරින් වසර අධික ලෙස ඉහළ යාම මැලේසියානු රජයට සහ සංවිධායකයින්ට විශාල මූල්‍ය බරක් බවට පත් වුණා.
අවසාන කාලසීමාවන් වන විට Sepang හි පැවැත්වුණු තරඟ නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින්ගේ ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වුණා. එමෙන්ම F1 තරඟය නරඹන්නට මැලේසියාවට පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ සංඛ්‍යාවද පහත වැටෙන්නට වුණා.
තරඟය සංවිධානය කිරීමට යන අධික පිරිවැයට සාපේක්ෂව රටට ලැබෙන ආර්ථික සහ සංචාරක ප්‍රතිලාභය ප්‍රමාණවත් නොවන බව මැලේසියානු රජය තීරණය කළා.
එම මුදල් වෙනත් මහජන සුබසාධන සහ ක්‍රීඩා කටයුතු සඳහා යෙදවීම වඩාත් සුදුසු බව ඔවුන්ගේ අදහස බවට පත් වුණා.
එමෙන්ම සිංගප්පූරු ග්‍රෝන් ප්‍රී තරඟය රාත්‍රී තරඟයක් ලෙස විශාල ජනප්‍රියත්වයක් ලබා ගැනීමත් සමග, ආසියානු කලාපයේ ප්‍රේක්ෂක අවධානය වැඩි වශයෙන් සිංගප්පූරුව දෙසට යොමු වීමද මැලේසියාවට අවාසිදායක වුණා
2026 දී තාවකාලික ආදේශක තරඟයක් ලෙස Sepang නැවත පැමිණියද, ලොව පුරා F1 රසිකයින් සහ ධාවකයින් බලාපොරොත්තු වන්නේ මේ හරහා මැලේසියානු ග්‍රෝන් ප්‍රී අදියරට ඉදිරි වසරවලදී F1 දින දර්ශනයේ ස්ථිර ස්ථානයක් වෙන් වනු ඇතැයි යන්නයි.
Log in to like and share this story.
Comments (0)
No approved comments yet. Be the first to comment!



