Ferrari දිනුවේ අපේ දෝෂ නිසා - Toto Wolff
2026 Formula 1 තරඟවාරයේ තම කණ්ඩායම මුහුණ දෙන ප්රධානතම දුර්වලතාවය පිළිබඳව Mercedes කණ්ඩායමේ ප්රධානී Toto Wolff අදහස් දක්වා තිබෙනවා.

මෙම තරඟවාරයේ පළමු අර්ධය තුළ Mercedes කණ්ඩායම ඉතා විශිෂ්ට දස්කම් දක්වමින් සෙසු කණ්ඩායම් වලට වඩා ඉදිරියෙන් රැදී සිටින්නට සමත්ව තිබෙනවා.
මේ වන විට ඔවුන් Ferrari කණ්ඩායමට වඩා ලකුණු 72ක් ඉදිරියෙන් පසුවන අතර Kimi Antonelli ද තරඟ 6ක් ජයග්රහණය කරමින් දෙවන තැන රැදෙන Lewis Hamilton ට වඩා ලකුණු 50ක් ඉදිරියෙන් පසු වනවා.
නමුත් Toto Wolff පවසන ආකාරයට, ,මෝටර් රථයේ Reliability සම්බන්ධ ගැටලුව ඔවුන්ට මේ වන විට විශාල අවාසියක් අත්කර දී තිබෙනවා.
විශේෂයෙන්ම Power unit එකෙහි සහ බැටරියේ ඇති වූ දෝෂ හේතුවෙන් ඔවුන්ට ජයග්රහණය කිරීමට තිබූ තරඟ කිහිපයක්ම අහිමි වී තිබෙනවා.
" අපි තරඟවාරය ඉතා හොදින් ආරම්භ කළා. නමුත් රථයේ තාක්ෂණික දෝෂ අපිට විශාල බලපෑමක් කළා. තරඟ 3ක් හෝ 4ක්ම අපිට අවසන් කිරීමට නොහැකි වූ නිසා අපගේ ප්රධානම ප්රතිවාදියා වන Ferrari කණ්ඩායමට සාපේක්ෂව අපිට ලකුණු 70-80ක් පමණ අහිමි වුණා"
ඔහු තවදුරටත් සඳහන් කළේ Ferrari කණ්ඩායම ලබාගත් අවසන් ජයග්රහණ දෙකම, Mercedes කණ්ඩායමේ අවාසනාව සහ තාක්ෂණික දෝෂ නිසා ඔවුන්ට ලැබුණු ඒවා බවයි.
Ferrari සහ McLaren වැනි කණ්ඩායම් මේ වන විටත් නව Upgrades හඳුන්වා දෙමින් Mercedes කණ්ඩායම වෙත දැඩි තර්ජනයක් එල්ල කරමින් සිටිනවා.
Mercedes කණ්ඩායමද ඉදිරියේදී නව යාවත්කාලීන කිරීම් හඳුන්වා දීමට සූදානම් වුවත්, Cost cap සහ මීළඟ වසර සඳහා වන සැලසුම් පිලිබද ද අවදානය යොමු කරමින් එය කළ යුතු බැවින්, Upgrades සිදු කරන්නේ කවදාද යන්න තවමත් ස්ථිර නොමැති බව Wolf පවසා තිබෙනවා.
Log in to like and share this story.
Comments (0)
No approved comments yet. Be the first to comment!



