Ferrari කණ්ඩායමට අභියෝගයක් වූ 2026 WEC තරගවාරය

World Endurance Championship තරගාවලියේ Hypercar කාණ්ඩයට අවතීර්ණ වූ දා සිට මේ දක්වා Ferrari කණ්ඩායම මුහුණ දුන් වඩාත්ම අභියෝගාත්මක තරඟ වාරය බවට 2026 වසර පත්ව තිබෙනවා

Nov 8, 2026 05:54 pm (3 days ago)
Ferrari කණ්ඩායමට අභියෝගයක් වූ 2026 WEC තරගවාරය
Photo Courtesy - FIA WEC

2023 සිට 2025 දක්වා පිට පිට තෙවරක්ම ප්‍රකට Le Mans තරඟය ජයග්‍රහණය කිරීමට ෆෙරාරි සමත් වුවද, මෙවර ඔවුන්ට 5 වන ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදුවුණා.

Monza හි පැවැත්වෙන මෙවර තරගවාරයේ අවසාන තරඟයට පෙර, Ferrari හි තාක්ෂණික අධ්‍යක්ෂ Ferdinando Cannizzo විසින් මෙම වසරේ ඔවුන්ගේ අසාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වා තිබෙනවා.

Cannizzo සඳහන් කරන ආකාරයට, මෙවර තරඟ වාරයේදී Toyota කණ්ඩායම නැවතත් සිය පැරණි සක්‍රීය ස්වරූපයට පැමිණ තිබෙනවා.

Toyota හි නවීකරණය කරන ලද රථය සහ ඔවුන්ගේ තරඟ උපායමාර්ග හමුවේ Ferrari කණ්ඩායමට මුළු තරඟ වාරය පුරාම දැඩි තරඟකාරීත්වයකට මුහුණ දීමට සිදු වුණා.

"Toyota කියන්නේ හැමතිස්සෙම ගොඩක් ශක්තිමත් කණ්ඩායමක්. ඔවුන් රථයේ ක්‍රියාකාරීත්වය වගේම තරඟ උපායමාර්ගත් ඉතා හොඳින් පාලනය කළා. ඒ වෙනුවෙන් ඔවුන්ට ගෞරවය හිමිවිය යුතුයි,"

2026 වසරේ Ferrari කණ්ඩායමේ පසුබෑමට බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ රථවල විශ්වාසනීයත්වයයි.

රථවල Performance උපරිම මට්ටමට ගෙන ඒමට උත්සාහ කිරීමේදී විශ්වාසනීයත්වයට බලපෑම් එල්ල වන බව Cannizzo පෙන්වා දී තිබෙනවා.

මීට අමතරව, තරඟ සඳහා රථ සූදානම් කිරීමේදී සිදු වූ සුළු අතපසුවීම් සහ මූලික වැරදි කිහිපයක් ද මෙවර ඔවුන්ගේ පසුබෑමට හේතු වූ බව ඔහු පිළිගෙන තිබෙනවා.

මීළඟ තරඟ වාරය සඳහා Ferrari සමාගම විශාල තාක්ෂණික යාවත්කාලීන කිරීම් රැසක් සමඟින් 499P රථය ධාවන පථයට එකතු කිරීමට සූදානම් වන බව ඔහු වැඩිදුරටත් සදහන් කොට තිබෙනවා.

Log in to like and share this story.

Comments (0)

Join the conversation. Login or Register to comment.

No approved comments yet. Be the first to comment!