පැයට කිලෝමීටර 500 සීමාව පසුකළ ලොව වේගවත්ම මෝටර් රථය
මෝටර් රථ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, පැයට කිලෝමීටර 500 වේග සීමාව පසුකළ ප්‍රථම නිෂ්පාදන මෝටර් රථය බවට පත්වීමට චීනයේ BYD සමාගමේ Yangwang හි U9 Xtreme විදුලි මෝටර් රථයට හැකිවී තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි Al Dhafra ප්‍රදේශයේ වසා දමන ලද E11 අධිවේගී මාර්ග කොටසකදී සිදුකළ මෙම ධාවනයේදී, මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර 503.17ක් එනම් පැයට සැතපුම් 312.65ක් ලෙස සටහන් වී තිබෙනවා.
මේ සමග ලොව වේගවත්ම නිෂ්පාදන මෝටර් රථය සහ ලොව වේගවත්ම විඋලි මෝටර් රථය යන ද්විත්ව වාර්තාවන්ම පිහිටුවීමට මෙම මෝටර් රථයට හැකිවී තිබෙනවා.
මීට අමතරව මෙම ඓතිහාසික ජයග්‍රහණය වෙනුවෙන් ගිනස් ලෝක වාර්තා සහ FIA අනුමැතියද නිල වශයෙන් හිමි වී තිබෙනවා.
මෙම රථයෙහි ඇති මෝටර් 4 මගින් අශ්ව බල 2,977 ක දැවැන්ත බලයක් උත්පාදනය කෙරෙනවා. මෙම වාර්තාගත ධාවනය සිදුකොට ඇත්තේ ප්‍රකට ජර්මානු ජාතික ධාවන ශූර Marc Basseng විසින් වීම කැපී පෙනෙනවා.

මෙහි ධාවනය සඳහා විශේෂයෙන් නිපදවන ලද Giti ටයර් භාවිත කර ඇති අතර, ඒවාද ලොව වේගවත්ම මාර්ග-රථ ටයර් ලෙස වාර්තා අතරට එක්වී තිබෙනවා.
මීට පෙර ජර්මනියේ ATP Papenburg පරීක්ෂණ මධ්‍යස්ථානයේදී මෙම රථය පැයට කි.මී. 496.22ක වේගයක් සටහන් කර තිබූ අතර, අබුඩාබි හිදී සිය පැරණි වාර්තාව තවදුරටත් අලුත් කිරීමට BYD සමාගමට හැකිවී තිබෙනවා.
මීට අමතරව, ජර්මනියේ ප්‍රකට Nürburgring Nordschleife ධාවන පථය මිනිත්තු 6:59.157කින් නිම කරමින් විදුලි Supercar රථයක් තැබූ වේගවත්ම ධාවන කාලය ද සටහන් කිරීමට ඊට හැකිවුණා.
Bugatti, Rimac, සහ Koenigsegg වැනි සාම්ප්‍රදායික සුපිරි මෝටර් රථ නිෂ්පාදකයන් අභිබවා යමින්, විද්‍යුත් තාක්ෂණයෙන් මෝටර් රථ ලෝකය පෙරළියකට ලක් කිරීමට BYD Yangwang U9 Xtreme සමත්ව තිබීම මෙහිදී කැපී පෙනෙන්නට වුණා.
Log in to like and share this story.
Comments (0)
No approved comments yet. Be the first to comment!



