ඉතිහාසයේ මිළ අධිකම Chevrolet Corvette රථය
මෝටර් රථ ලෝලීන්ගේ සහ මොටර් රථ එකතු කරන්නන්ගේ අවධානය දිනාගන්නා Monterey Car Week වෙන්දේසියේදී, ඇමරිකානු රේසිං ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් විය.

Photo Courtesy - RM Sotheby's
1963 Chevrolet Corvette Grand Sport Chassis 003 රථය ඩොලර් මිලියන 18.7 කට අලෙවි වෙමින් ඉතිහාසයේ වැඩිම මිලකට වෙන්දේසි වූ Chevrolet Corvette රථය බවට පත්වීමත් සමඟයි.
RM Sotheby's වෙන්දේසියේදී මෙම රථය සඳහා ඇස්තමේන්තු කර තිබූ වටිනාකම ඩොලර් මිලියන 11 ත් 13 ත් අතර විය.
නමුත් ලංසු තැබීම ආරම්භ වීමත් සමඟම එම සීමාවන් පසුකර ගිය මෙම Grand Sport රථය, මීට පෙර Corvette රථයක් සඳහා තබා තිබූ ඩොලර් මිලියන 7.7 ක වාර්තාව මෙන් දෙගුණයකටත් වඩා වැඩි අගයකට අලෙවි විය.

මේ වන විට මෙය වෙන්දේසියකදී වැඩිම මිලකට අලෙවි වූ ඇමරිකානු මෝටර් රථ අතර 3 වන ස්ථානයට පත්ව ඇති අතර පළමු ස්ථාන දෙක හිමිව ඇත්තේ 1935 Duesenberg SSJ සහ 1964 Shelby Cobra Daytona Coupe රථවලටයි.
1960 දශකයේ මුල් භාගයේදී Carroll Shelby ගේ බලවත් Cobra මෝටර් රේසින් රථ පරාජය කිරීමේ අරමුණින් Chevrolet හි ප්‍රධාන ඉංජිනේරුවෙකු වූ Zora Arkus-Duntov විසින් මෙම Grand Sport මාදිලිය නිර්මාණය කරන්නට විය.
ඒ වන විට General Motors සමාගම නිල වශයෙන් ධාවන තරග සඳහා සහභාගී වීම අත්හිටුවා තිබූ බැවින්, මෙය ඉතා රහසිගත ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක විය.
සාමාන්‍ය 1963 Corvette එකකට වඩා රාත්තල් 1,300 කින් පමණ බර අඩු කර, විශේෂිත Tubular චැසියක් සහ Fiberglass බඳක් සහිතව මෙය නිර්මාණය කරන්නට විය.
ඇලුමිනියම් 377-cubic-inch V8 එන්ජිමකින් සමන්විත මෙයට, අශ්වබල 600 කට වඩා මෙන්ම 600 lb-ft ට වැඩි ව්‍යවර්ථයක් ජනනය කිරීමට හැකිවිය.

මුළු ලෝකයටම Original Grand Sports නිෂ්පාදනය කර ඇත්තේ 5 ක් පමණක් වන අතර Coupe මාදිලි 3 න් පළමුවැන්න වන්නේ වූයේ මෙලෙසින් අලෙවි වූ Chassis 003 රථයයි.
මෙම රථය හුදෙක් ප්‍රදර්ශනයට පමණක් සීමා නොවූ, සැබෑ ධාවන පථයන් ජයගත් මෝටර් රථයකි.
1963 SCCA තරගාවලිය තුළදී මෙම රථය පදවනු ලැබූ Dick Doane විසින් ජයග්‍රහණ ත්‍රිත්වයක් හිමිකර ගැනීමට සමත් විය.
එමෙන්ම A.J. Foyt සහ John Cannon වැනි ප්‍රකට ධාවකයින් විසින් මෙය පදවා Sebring පැය 12 තරගයේ දී සිය කාණ්ඩයේ දෙවන සහ තෙවන ස්ථාන දිනා ගන්නට ඔවුන් සමත් විය.
A.J. Foyt, Jim Hall, Augie Pabst, Dick Thompson ඇතුළු ඇමරිකානු රේසිං ක්ෂේත්‍රයේ ප්‍රබලයින් රැසක් ද මෙම මෝටර් රථය ධාවනය කර ඇත.
මෙම රථයේ පසුගිය හිමිකරු විසින් 1964 Sebring තරගයේ පැවැති මුල් ස්වරූපයටම මෙය පත් කිරීම සඳහා පැය 4,000 කට අධික කාලයක් සහ ඩොලර් මිලියනයකට ආසන්න මුදලක් වැය කර ප්‍රතිසංස්කරණය කොට තිබුණි.
ඩොලර් මිලියන 18.7 ක දැවැන්ත මුදලකට අලෙවි වුවද, එහි ඇති දුර්ලභත්වය සහ ඓතිහාසික වටිනාකම නිසා එය සාධාරණ මිලක් බව මෝටර් රථ විශ්ලේෂකයින්ගේ අදහසයි.
Comments (0)
No approved comments yet. Be the first to comment!


