අලුත් කාර් වල Design අවුල් ද?

නූතනයේ නිර්මාණය වූ මෝටර් රථ වල Design සම්බන්ධයෙන් ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වනු දැකගත හැකිවුණා.

Nov 12, 2026 06:19 am (32 minutes ago)
අලුත් කාර් වල Design අවුල් ද?
Photo Courtesy - Getty Images

මෑතකදී ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වූ මෙම කරුණ සම්බන්ධයෙන් එල්ල වන විවේචන ගැන McLaren F1 හි අත්දැකීම් බහුල Designer කෙනෙකු වන Peter Stevens අදහස් දක්වා තිබෙනවා.

Lamborghini සහ BMW වැනි සුප්‍රකට සමාගම් සමඟද කටයුතු කර ඇති මෙම ප්‍රවීණ නිර්මාණකරුවා පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය හරහා සිදු කෙරෙන ඇතැම් විවේචන සහ මතභේදයන් අනවශ්‍ය ලෙස විශාල කර පෙන්වා ඇති බවයි.

සිය Instagram ගිණුමේ සටහනක් තබමින් Peter Stevens පෙන්වා දෙන්නේ, නූතන සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ අවධානය සහ මතක ශක්තිය සති 3ක් හෝ 4ක් වැනි ඉතා කෙටි කාලයකට සීමා වී ඇති බවයි.

මෝටර් රථ Design පිළිබඳ නිර්මාණය වන මතභේද එක් මොහොතකින් තවත් මොහොතකට අමතක වී වෙනස් වන ආකාරය ඔහු උදාහරණ සහිතව පැහැදිලි කොට තිබෙනවා.

මුලදී Ferrari Luce සහ Murray Group හි F1c Fiberglass Model එකට එල්ල වූ දැඩි විවේචන මේ වන විට අඩු වී ඇති බව ඔහු සදහන් කරනවා.

එම පැරණි මාතෘකා අමතක වී, දැන් කාගෙත් අවධානය සහ විවේචන Jaguar Type 01 Design එකට සහ නව Porsche Mission S Concept රථය වෙත යොමු වී ඇති බව ඔහු පෙන්වා දෙනවා.

නූතන මෝටර් රථ නිර්මාණයේදී අතීත පැරණි රථවල පෙනුම සෘජුව අනුකරණය කිරීම හෝ ඒවායින් යැපීම වෙනුවට, එම පැරණි නිර්මාණ පිටුපස තිබූ නිර්මාණාත්මක දර්ශනය අධ්‍යයනය කර ආභාසය ලැබිය යුතු බව Peter Stevens අවධාරණය කරනවා.

“New cars should not be about feeding off the looks of past models but more about learning from their philosophy.”

Fiat සහ Renault වැනි සමාගම්වල මෑතකාලීන ඇතැම් නව නිර්මාණාත්මක අදහස් අගය කරන අතරම, නූතන විදුලි රථවල අධික බර වැඩිවීම පිළිබඳවද ඔහු ප්‍රශ්න කරනවා.

විශේෂයෙන්ම Renault සමාගම අතීතයේ අනුගමනය කළ සැහැල්ලු ඉංජිනේරු විද්‍යාවෙන් ඈත්වීම සම්බන්ධයෙන් ඔහු සිය කනස්සල්ල පළ කොට තිබෙනවා.

Log in to like and share this story.

Comments (0)

Join the conversation. Login or Register to comment.

No approved comments yet. Be the first to comment!