Ducati සහ BMW රාජධානියට චීනයෙන් එල්ල වූ දැවැන්ත අභියෝගය
ලෝකයේ ප්‍රමුඛතම සහ දැවැන්තම යතුරුපැදි ප්‍රදර්ශනයක් වන EICMA 2026 හිදී සමස්ත ක්‍රීඩා යතුරුපැදි ලෝකයේම අවධානය ක්ෂණිකව තමන් වෙත නතු කර ගැනීමට චීනයේ CFMoto සමාගම සමත් වුණා.

ඒ මෙතෙක් කල් Concept මාදිලියක් ලෙස පරීක්ෂණ මට්ටමේ පැවති ඔවුන්ගේ ප්‍රථම Liter-class Superbike රථය වන CFMoto V4SR-RR මාදිලියේ අවසන් නිල නිෂ්පාදිත සංස්කරණය එළිදැක්වීමත් සමගයි.
2027 වසරේදී නිල වශයෙන් වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත මෙම යතුරුපැදිය, සැබවින්ම Superbike ක්ෂේත්රයේ රජකරන Ducati Panigale V4 සහ BMW M 1000 RR වැනි බලවතුන්ට අභියෝගයක් එල්ල වනු ඇතැයි විචාරකයන් පෙන්වා දෙනවා.
මෙම රථයේ හදවත බඳු එන්ජිම සම්පූර්ණයෙන්ම CFMoto සමාගමේ ඉංජිනේරුවන් විසින්ම නිර්මාණය කොට තිබෙනවා.
997cc ධාරිතාවයකින් යුත්, V4 එන්ජිමකින් බලගන්වා ඇති මෙම යතුරුපැදියට අශ්වබල 210 කට වඩා වැඩි දැවැන්ත බලයක් මුදාහැරීමේ හැකියාව පවතිනවා.

මෙම එන්ජිම සඳහා MotoGP තාක්ෂණයෙන් ආභාසය ලැබූ Counter-rotating crankshaft එකක් මෙන්ම, සුප්‍රකට ඔස්ට්‍රියානු Pankl සමාගම විසින් නිෂ්පාදිත සැහැල්ලු Titanium connecting rods එකතු කර තිබෙනවා.
මෑතකදී සිදුකරන ලද ධාවන පරීක්ෂණ අතරතුරදී පැයට කිලෝමීටර 315.82 ක උපරිම වේගයක් වාර්තා කිරීමට මෙහි Prototype යතුරුපැදිය සමත්ව තිබෙනවා.
CFMoto V4SR-RR හි දැකගත හැකි විප්ලවීයම අංගය වන්නේ එහි ඇති Active Aerodynamics තාක්ෂණයයි.
සාම්ප්‍රදායික Superbike වල දැකිය හැකි Fixed Aerodynamic Winglets වෙනුවට, ධාවන වේගය සහ ධාවන රටාව අනුව ස්වයංක්‍රීයව වෙනස් වන Active Winglets පද්ධතියක් මෙහි අඩංගු වනවා.
මෙමගින් අධික වේගයෙන් ඍජු මාර්ගවල ගමන් කිරීමේදී යතුරුපැදිය මත ඇතිකරන Downforce අගය වැඩි කරන අතරම, තදින් තිරිංග යෙදීමේදී යතුරුපැදියේ ස්ථායීතාව උපරිම මට්ටමක පවත්වා ගැනීමට හැකිවනවා.
මෙම අති නවීන යතුරුපැදියේ මෙහෙයුම් පද්ධතිය සකස් කිරීම සඳහා ලොව ප්‍රමුඛතම Premium සන්නාමයන්හි සහය ලබාගෙන තිබෙනවා.
එහිදී ඉදිරිපස සහ පසුපස Suspension සඳහා Öhlins තාක්ෂණයද, තිරිංග පද්ධතිය සඳහා Brembo Hypure calipers ද භාවිත කොට තිබෙනවා.
මෙහි Exhaust පද්ධතිය සම්පූර්ණයෙන්ම Akrapovič Titanium මගින් නිමවා ඇති අතර, Grip එක ලබා ගැනීම සඳහා Pirelli Diablo Supercorsa SP V4 ටයර් යුගලයකින් සමන්විත වනවා.
මෙම සියලු උපාංග භාවිත කර තිබියදී පවා යතුරුපැදියේ බර කිලෝග්‍රෑම් 180 ක සීමාවේ පවත්වා ගැනීමට ඉංජිනේරුවන් සමත්ව තිබෙනවා.
CFMoto සමාගම විසින් V4SR-RR හි නිල වෙළඳපොළ මිල ගණන් තවමත් ප්‍රකාශයට පත් කර නොමැති වුවද, යුරෝපීය සහ ජපන් තරඟකරුවන්ට වඩා සැලකිය යුතු ලෙස ආකර්ෂණීය සහ තරඟකාරී මිලකට 2027 වසරේදී මෙය ගෝලීය වෙළඳපොළට පිවිසෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
හුදෙක් අඩු මිලට සීමා නොවී ඉහළම තාක්ෂණය සහ ක්‍රියාකාරීත්වය ලබාදීමට CFMoto දැක්වූ මෙම පියවර, ඉදිරි Superbike තරඟකාරීත්වය සම්පූර්ණයෙන්ම අලුත් මගකට යොමු කරනු ඇතැයි විචාරකයන් පෙන්වා දෙනවා.
Log in to like and share this story.
Comments (0)
No approved comments yet. Be the first to comment!



