Toyota Celica නාමය නැවතත් කරළියට
මෝටර් රථ ලෝලීන් අතර නොමැකෙන මතකයක් ඉතිරි කළ Toyota Celica නාමය වසර විස්සක දීර්ඝ නිහැඬියාවකින් පසුව නැවතත් කරළියට පැමිණ තිබෙනවා

Toyota සමාගම විසින් නිකුත් කරන ලද නවතම තොරතුරුවලට අනුව, Celica නාමය Gazoo Racing ලාංඡනය සහිතව World Rally Championship තරග මාලාව හරහා නැවත කරලියට පැමිණීමට නියමිතව තිබෙනවා.
2027 WRC තරග වාරයේදී මෙම නව GR Celica Rally1 රථය ප්‍රථම වරට ධාවන පථයට පිවිසීමට සූදානමින් පසුවනවා.
Toyota සමාගම 2027 WRC තරගාවලිය සඳහා කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කිරීමට සූදානම් වනවා.
ඔවුන්ගේ වත්මන් Toyota Gazoo Racing කණ්ඩායම නව 2027 GR Yaris Rally1 රථයෙන්ද නව Toyota Racing කණ්ඩායම සම්පූර්ණයෙන්ම නව GR Celica Rally1 රථයෙන්ද තරගබිමට පිවිසීමට නියමිතව තිබෙනවා.
මින් පෙර GR Yaris රථය සාමාන්‍ය මහාමාර්ග සඳහා නිපදවීමට පෙර WRC ධාවන පථයේදී පරීක්ෂාවට ලක් කළ අයුරින්ම, මෙවර GR Celica රථයද ඉදිරියේදී සාමාන්‍ය භාවිතය සඳහා නිපදවන මහමගට උචිත මෝටර් රථයක් ලෙස වෙළඳපොළට හඳුන්වා දීමට පෙර මෙසේ ධාවන පථයේදී පරීක්ෂාවට ලක් කෙරෙන බවට අනුමාන කෙරෙනවා.
2027 WRC Rally1 නීතිරීතිවලට අනුව මෙම ධාවන රථ සඳහා 1.6L turbocharged එන්ජිමක් භාවිත වන අතර, එයින් අශ්වබල 290 ක පමණ බලයක් රෝද හතරටම සපයනු ලබනවා.
සාමාන්‍ය පාරිභෝගිකයන් සඳහා නිපදවන Celica රථය සඳහා Toyota සමාගමේ නවතම 2.0L Turbo 4-Cylinder එන්ජිම භාවිත වනු ඇති බවට ක්ෂේත්රයේ කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
මෙම එන්ජිම මගින් අශ්වබල 400 කට ආසන්න බලයක් සහ 500 Nm ක ව්‍යවර්ථයක් ලබා දීමට හැකියාව පවතින බව සඳහන් වනවා.
Toyota Racing කණ්ඩායම නියෝජනය කරමින් GR Celica Rally1 රථය ධාවනය කිරීමට ලෝක ශූර Elfyn Evansසහ Scott Martin සමගින් Oliver Solberg හා Sami Pajari වැනි දක්ෂ ධාවකයින් එක්වීමට නියමිතව තිබෙනවා.
Toyota Celica යනු 1970 සිට 2006 දක්වා ලෝකය පුරාම දැවැන්ත ජනප්‍රියත්වයක් ලබා තිබූ Sports Coupé මාදිලියක්.
වසර 20 කට පසු GR Celica ලෙස මෙය නැවත පැමිණීම මෝටර් රථ ක්ෂේත්රයේ විශාල පෙරළියක් කරනු ඇතැයි විශ්වාස කෙරෙනවා.
2027 WRC තරග වාරය ආරම්භ වීමට පෙර Toyota සමාගම විසින් මෙම රථයේ වැඩිදුර විස්තර ඉදිරියේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
Log in to like and share this story.
Comments (0)
No approved comments yet. Be the first to comment!



