දශක හතරක නොසැලෙන 4x4 බල වික්‍රමය

ලෝකයේ දුෂ්කරම ප්‍රදේශ සහ ඝන වනාන්තර මැදින් නොනැවතී ඉදිරියට යා හැකි එකම වාහනය කුමක්දැයි යමෙකුගෙන් ඇසුවොත්, ඔබගේ මුවින් නැගෙන පළමු නාමය වන්නේ Toyota Land Cruiser 70 Series රථයයි.

Aug 3, 2026 04:14 pm (2 months ago)
ToyotaTechnical
දශක හතරක නොසැලෙන 4x4 බල වික්‍රමය
ලෝකයේ දුෂ්කරම ප්‍රදේශ සහ ඝන වනාන්තර මැදින් නොනැවතී ඉදිරියට යා හැකි එකම වාහනය කුමක්දැයි යමෙකුගෙන් ඇසුවොත්, ඔබගේ මුවින් නැගෙන පළමු නාමය වන්නේ Toyota Land Cruiser 70 Series රථයයි.

1984 වසරේදී ප්‍රථම වරට ලොවට හඳුන්වා දුන් මෙම ජනප්‍රිය රථය, වසර හතළිහකට අධික කාලයක් පුරා තමන්ටම ආවේණික සරල ව්‍යුහය ආරක්ෂා කරගනිමින් ලොව පුරා දැවැන්ත ප්‍රජාවකගේ ප්‍රසාදයක් දිනාගැනීමට සමත්ව තිබෙනවා.

වෙනත් බොහෝ වාහන නිෂ්පාදකයින් වසර කිහිපයක් ඇතුලත පෙර මාදිලිය සම්පූර්ණයෙන්ම වෙනස් කළද, Toyota සමාගම මෙම මාදිලියේ මූලික පදනම වෙනස් නොකිරීමට තීරණය කළා.

දශකයකට අධික කාලයක් පුරා සිදු කරන ලද දීර්ඝකාලීන පරීක්ෂණ දෙස බැලීමේදී පැහැදිලි වන්නේ Land Cruiser 70 Series යනු හුදෙක් ගමනාගමන මාධ්‍යයක් පමණක් නොව, ජීවිත කාලයටම විශ්වාස කළ හැකි සහකරුවෙකු බවයි.

කිලෝමීටර් ලක්ෂ ගණනක් ගමන් කරමින්, වන ලැහැබ කාන්තාර පසුකර ගියද, මෙහි ඇති Ladder Frame චැසියේ සහ බඳෙහි සවිශක්තියට හානියක් සිදු නොවන අයුරු අණාවරණය කොට ගෙන තිබෙනවා.

සරල යාන්ත්‍රික සැලසුම නිසා ඕනෑම දුෂ්කර ප්‍රදේශයකදී පවා ඉතා පහසුවෙන් නඩත්තු කරගැනීමේ හැකියාව පැවතීම මෙහි ඇති විශේෂත්වයකි.

එමෙන්ම කිලෝ ග්‍රෑම් 3,500 ක ඇදීමේ හැකියාව නිසා විශාල ට්‍රේලර් හෝ බර යන්ත්‍රෝපකරණ ගෙනයාම ඉතා පහසුවෙන් මෙමගින් සිදුකළ හැකිවනවා.

Toyota සමාගම මෑතකදී හඳුන්වා දුන් නවතම 70 Series මාදිලිය මගින් මෙම ඉපැරැණි ජනප්‍රිය රථයට විශාල තාක්ෂණික පිම්මක් ලබා දී තිබෙනවා.

Toyota LandCruiser 70 Series four-cylinder 2024 Review - carsales.com.au

සාම්ප්‍රදායික ලීටර් 4.5 V8 Turbo-Diesel එන්ජිම සහ 5-speed Manual Gearbox එකට, නවතම ලීටර් 2.8-Litre 4-Cylinder Turbo-Diesel එන්ජිම සහ 6-speed Automatic ගියර් පද්ධතිය මෙයට එකතු කර තිබෙනවා.

සිලින්ඩර හතරේ එන්ජිම ප්‍රමාණයෙන් කුඩා වුවද, එය 150kW ක බලයක් සහ 500Nm ක ඉහළ ව්‍යාවර්තයක් නිපදවන අතර මෙය V8 එන්ජිමේ 430Nm ව්‍යාවර්තය වැඩි අගයක් වීම තාක්ෂණික වශයෙන් කැපී පෙනෙන ලක්ෂණයකි.

එමෙන්ම නව ස්වයංක්‍රීය ගියර් පද්ධතිය නිසා නගරබද රථවාහන තදබදයේදී පවා ධාවනය ඉතා පහසු වී ඇති අතර, ඉන්ධන පිරිමැසුම්දායක බවද වැඩි වී තිබෙනවා.

අතීතයේ පැවැති 70 Series මාදිලිවල අඩුපාඩුවක් ලෙස පැවති අභ්‍යන්තර පහසුකම් සහ ආරක්ෂිත පද්ධති නව මාදිලියේදී සැලකිය යුතු ලෙස යාවත්කාලීන කර තිබෙනවා.

පදිකයින් හඳුනාගැනීමේ පද්ධති සහ මාර්ග සලකුණු හඳුනාගැනීමේ තාක්ෂණය ඇතුළත් Toyota Safety Sense පද්ධතිය ද ඊට අලුතින් එක්කර තිබෙනවා.

අභ්‍යන්තරයේ Touchscreen තිරයක්, Android Auto, Apple CarPlay සහ USB-C ජැක් ඇතුළත් කර ඇති අතර, පිටතින් පැරණි 78 Series මාදිලිය සිහිගන්වන වටකුරු LED ප්‍රධාන ලාම්පු මගින් රාත්‍රී කාලයේදී පැහැදිලි දර්ශන පථයක් ලබාදෙනු ලබනවා.

එහි ඇති ඉදිරිපස සහ පසුපස Solid Axles සහ පසුපස Rear Leaf Spring Suspension පද්ධතිය මගින් විශාල බරක් දැරීමේ හැකියාව මෙන්ම අභියෝගාත්මක මාර්ගවලදී ඉහළ නම්‍යශීලීභාවයක් ලබාදෙන බැවින් මේවා Off Road තරග වලදී Land Cruiser 70 Series රථයක් පරාජය කිරීම ඉතා අසීරුවනවා.

අවශ්‍යතාවය අනුව වෙනස් කළ හැකි Part-time 4WD පද්ධතිය සහ විකල්පමය Differential Locks මගින් මඩ, වැලි හෝ ගල් පර සහිත ඕනෑම මාර්ගයක් ජයගැනීමට ඊට හැකියාව පවතිනවා.

එමෙන්ම ලීටර් 130 ක විශාල ඉන්ධන ටැංකිය නිසා නිතර ඉන්ධන පිරවීමකින් තොරව කිලෝමීටර් 1,200 කට අධික දුරක් එකදිගට ගමන් කිරීමේ හැකියාවද මෙය සතුයි.

කෙසේ වෙතත්, මෙම රථය නගරබද ධාවනයේදී යම් යම් අභියෝග එල්ල කරන අතර එහි ඇති විශාල Turning circle එක නිසා පටු මාර්ගවලදී සහ රථගාලවලදී වාහනය හැරවීම තරමක් අපහසු වනවා.

මෙම වාහනය නිර්මාණය කර ඇත්තේ සුඛෝපභෝගී රථයක් ලෙස නොව, ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි මෝටර් රථයක් ලෙසයි.

Toyota Land Cruiser 70 Series යනු සාමාන්‍ය නගරබද ධාවනයට පමණක් සීමා වූ වාහනයක් නොව, එය නිපදවා ඇත්තේ දීර්ඝ චාරිකා සහ අභියෝගාත්මක මාර්ග ඔස්සේ ගමන් කිරීමට උචිත ලෙසයි.

ඔබ සොයන්නේ සුඛෝපභෝගී අලංකාරයට වඩා පැවැත්ම, ආරක්ෂාව සහ ඕනෑම තැනක යා හැකි Off Road මෝටර් රථයක් නම්, Toyota 70 Series යනු තවමත් ලෝකයේ මිලදී ගත හැකි හොඳම වාහනයයි.

Comments (0)

Join the conversation. Login or Register to comment.

No approved comments yet. Be the first to comment!