තරග අදියර 3යි, Penalty 4යි. Hamilton's 2026 Nightmare

සිය අටවැනි ලෝක ශූරතාවය වෙනුවෙන් සටන් වදින Lewis Hamilton හට මෙවර හංගේරියන් ග්‍රෝන් ප්‍රී තරඟාවලිය ද ගෙන ආවේ අමිහිරි මතකයකි.
සති අන්ත තුනක් ඇතුළත සිව්වැනි වරටත් දඬුවම් අවස්ථාවකට මුහුණ දීමට සිදුවීමත් සමග Hamilton ගේ ලෝක ශූරතා සිහිනයට දැඩි බලපෑමක් එල්ල වී ඇත.
මෙවර තරඟයේදී හැමිල්ටන් දඬුවමකට යටත් වූයේ ඉතාමත් අනපේක්ෂිත මෙන්ම අදහා ගත නොහැකි සුළු වරදක් හේතුවෙනි.
තරඟය අතරතුර Pit Lane එකට ඇතුළු වීමේදී පැයට කිලෝමීටර 80ක් ලෙස නියම කර තිබූ උපරිම වේග සීමාව, හැමිල්ටන්ගේ රථය විසින් සටහන් කර තිබුණේ පැයට කිලෝමීටර 80.1ක් ලෙසයි.
එනම් නියමිත වේග සීමාවට වඩා පැයට කිලෝමීටර 0.1ක ඉතාම සුළු වැඩිවීමක් නිසා FIA තරඟ තීරකයින් විසින් ඔහුට තත්පර 5ක දඬුවමක් පැනවීමට තීරණය කළහ.
මෙම තීරණයත් සමඟ කෝපයට පත් හැමිල්ටන් තරඟය අතරතුර රේඩියෝවෙන් ප්‍රකාශ කළේ FIA තරඟ තීරකයින් උමතුවෙන් මෙන් දඬුවම් ලබාදෙන බවයි.
මින් පෙර Silverstone හිදී වැරදි ආරම්භයක් නිසාත්, Spa හිදී Russell ගේ රථයක ගැටීම නිසාත් තත්පර 5 බැගින් වූ දඩුවම් වලට මුහුණ පාන්නට Hamilton ට සිදුවුණා.
හංගේරියානු සුදුසුකම් ලැබීමේ වටයේදී Oscar Piastri ගේ රථයට බාධා කිරීම නිසා තරග ආරම්භයෙන් ස්ථාන 3කින් පසුබසින්නට ද Hamilton හට සිදුවුණා.
"මම Stewards ලට පොඩි හෝ ඉඩක් තියන හැම පාරම ඔවුන් මට දඬුවම් දෙනවා" යනුවෙන් තරඟයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් Hamilton ප්‍රකාශ කොට තිබෙනවා.
"සති අන්ත 3ක් ඇතුළේ ලැබුණු දඬුවම් 3කට පස්සේ, මේ විදිහට ධනාත්මකව හිතන්න ගොඩක් අමාරුයි" යනුවෙන් ඊයේ තරඟයට පෙරද ඔහු සිය Instagram ගිණුමේ සටහනක් තබා තිබුණා.
ඊයේ තරගයේදී ලද තත්පර 5ක දඬුවම හේතුවෙන් තරඟයේ 4 වන ස්ථානයේ සිටි Hamilton 5 වන ස්ථානය දක්වා පසුබසිද්දී ඔහුගේ කණ්ඩායම් සගයා වන Charles Leclercට 4 වන ස්ථානය හිමි වුණා.
මෙම පසුබැසීමත් සමඟින්, ලෝක ශූරතාවලියේ පෙරමුණේ පසුවන Kimi Antonelli සහ Hamilton අතර පැවති ප්‍රසාද ලකුණු පරතරය ද ලකුණු 50 දක්වා ඉහළ ගියේ Hamilton ගේ ලෝක ශූරතා සිහිනය තවදුරටත් සංකීර්ණ කරමිනි
Log in to like and share this story.
Comments (0)
No approved comments yet. Be the first to comment!



