Yevan Davidට අලුත් කණ්ඩායමක්

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක Yevan David 2027 FIA Formula 3 ශූරතාවලිය වෙනුවෙන් Van Amersfoot Racing කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී තිබෙනවා.

Oct 14, 2026 02:52 pm (28 days ago)
Yevan Davidට අලුත් කණ්ඩායමක්
Photo Courtesy - Yevan David Facebook

පසුගිය තරගවාරයේ සිය පළමු F3 සමය සාර්ථකව නිම කළ 19 හැවිරිදි Yevan, රියදුරු ශූරතාවලියේ 18 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.

Silverstone අදියරේ Sprint තරගයේදී Podium ජයක් ලැබීම ඔහුගේ මංගල F3 තරගවාරයේ සුවිශේෂී මංපෙතක් වූ අතර, ඔහු 2026 තරගවාරය තුළ ලකුණු 35ක් රැස් කර ගන්නට සමත් වුණා.

F3 වෙත පිවිසීමට පෙර, ඔහු 2025 Euroformula විවෘත ශූරතාවලියේ ජයග්‍රහණ 6ක් සමඟින් සමස්ත ශූරතාවලියේ දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.

නව කණ්ඩායම සමඟ එක්වීම පිළිබඳව අදහස් දක්වමින් යෙවන් Yevan David මෙලෙස සදහන් කොට තිබෙනවා.

"2027 තරගවාරය සඳහා VAR කණ්ඩායම සමඟ එක්වීම නිවැරදි අවස්ථාවේ ගත් නිවැරදි පියවරක් ලෙස මට හැඟෙනවා. ඔවුන්ට් පැහැදිලි දැක්මක්, අත්දැකීම් සහ මගේ අරමුණු සමඟ සැසඳෙන තරගකාරී මානසිකත්වයක් තිබෙනවා. Junior single-seaters ක්‍රීඩකයන් අතර ප්‍රබලම තරඟකරුවන් සමඟ තරඟ කරමින්, ඔවුන්ගෙන් ඉගෙන ගැනීමට සහ මගේ දස්කම් පෙන්වීමට මම උනන්දුවෙන් බලා සිටිනවා. මේක ඉතා ලොකු අභියෝගයක්, ඒ වගේම හොද අවස්ථාවක් මට ලැබෙනවා . 2027 තරගවාරය පුරාම මගේ උපරිමය ලබා දීමට මම සූදානම්."

Van Amersfoot Racing කණ්ඩායමේ ප්‍රධානී බ්‍රැඩ් Brad Joyce ද Yevanගේ පැමිණීම පිලිබදව මෙලෙස අදහස් ප්‍රකාශ කොටතිබෙනවා.

"Yevan ව අපේ කණ්ඩායමට එක්කර ගැනීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. ඔහු ඔහුගේ මංගල Formula 3 තරඟාවලියේදී Silverstone හි Sprint තරඟයේ දැක්වූ දස්කම් හරහා විශාල හැකියාවක් පෙන්නුම් කළා. VAR කණ්ඩායමට එක්වීමෙන් ඔහුගේ දෙවන වසර සඳහා අලුත් පරිසරයක් ලැබෙනවා. එම අත්දැකීම විශිෂ්ට ප්‍රතිඵලයක් බවට පත් කිරීම තමයි අපේ අරමුණ"

මෙම නව වෙනසත් සමඟ, Yevan David ගේ 2027 F3 තරගවාරය මෝටර් රථ ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්වනු නිසැකයි. Yevan ගේ නව ගමනට Speedmania අපේ උණුසුම් සුබපැතුම්.

Log in to like and share this story.

Comments (0)

Join the conversation. Login or Register to comment.

No approved comments yet. Be the first to comment!