ශ්‍රී ලාංකීය යතුරුපැදි ධාවකයන්ට පුහුණු ධාවන පථයක් ?

ශ්‍රී ලංකාවේ යතුරුපැදි ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැවැන්ත පිම්මක් සනිටුහන් කරමින්, ජාත්‍යන්තර යතුරුපැදි සම්මේලනයේ පූර්ණ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සම්මේලනය විසින් විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

Nov 8, 2026 10:22 pm (3 days ago)
ශ්‍රී ලාංකීය යතුරුපැදි ධාවකයන්ට පුහුණු ධාවන පථයක් ?

ශ්‍රී ලාංකේය යතුරුපැදි ධාවකයින්ගේ සහ ක්‍රීඩා ලෝලීන්ගේ දීර්ඝ කාලීන සිහිනයක් සැබෑ කරමින්, මහමෙරුව පරිශ්‍රයේ Mini Tarmac Circuit එකක් ඉදිකිරීම සඳහා වන ගිවිසුම අද දින නිල වශයෙන් අත්සන් තබා තිබෙනවා.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම අරමුණ වන්නේ දේශීය ධාවකයින් සඳහා පුහුණු පහසුකම් ලබාදීම සහ තරඟකාරී අත්දැකීම් වැඩිදියුණු කිරීමයි.

2027 ජනවාරි 31 දිනට පෙර මෙම ධාවන පථයේ ඉදිකිරීම් අවසන් කර ක්‍රීඩකයින්ගේ භාවිතය සඳහා විවෘත කිරීමට FMSSL ආයතනය අපේක්ෂා කරනවා.

ශ්‍රී ලංකා ජාතික යතුරුපැදි සංචිතයේ පුහුණුවීම් වෙනුවෙන් මෙම පහසුකම සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.

Log in to like and share this story.

Comments (0)

Join the conversation. Login or Register to comment.

No approved comments yet. Be the first to comment!