අලුත් කණ්ඩායමෙන් ධාවන පථයට ආ Yevan 30කින් 5 වැන්නා වෙයි.
ස්පාඤ්ඤයේ Barcelona නුවර පැවති FIA Formula 3, Post-Season Testing අදියරේ දෙවන සහ අවසන් දිනය ඉතා උද්යෝගිමත් අයුරින් නිමාවට පත්වුණා.

එහිදී ART Grand Prix කණ්ඩායම නියෝජනය කළ ජපානයේ Taito Kato වේගවත්ම කාලය වාර්තා කිරීමට සමත් වුණා.
උදෑසන සැසියේදී වේගවත්ම වටයේ කාලය සටහන් කරගත් Taito Kato මිනිත්තු 1:27.90 ක කාලයක් වාර්තා කරමින් වේගවත්ම කාලය සටහන් කිරීමට සමත් වුණා.
ඔහුට ඉතා ආසන්න කාලයකින් Campos Racing කණ්ඩායමේ Ernesto Rivera දෙවන හොදම කාලය වාර්තා කරද්දී Rodin Motorsport හී Alessandro Giusti තෙවන වේගවත්ම කාලය වාර්තා කළා.
දහවල් සැසියේදී කණ්ඩායම් වැඩි අවධානයක් යොමු කළේ ඉන්ධන පිරවුම් සමඟ දිගු දුර ධාවනය සහ race simulations සඳහායි.
මෙම පරීක්ෂණ ධාවනයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන යොවුන් රියැදුරු Yevan David සිය නව කණ්ඩායම වන Van Amersfoort Racing කණ්ඩායම වෙනුවෙන් දස්කම් පාන්නට සමත් වුණා.
ඔහු උදෑසන සැසිවාරයේදී කැපී පෙනෙන දස්කම් දක්වමින් සමස්ත හොදම කාල ගණනයන් අතරේ 5 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.
ඔහුගේ වේගවත්ම වටයේ කාලය මිනිත්තු 1:28.073ක් ලෙස සටහන් වූ අතර, හොදම කාලය ලබාගත් Taito Katoට වඩා තත්පර 0.171 ක ඉතා සුළු පරතරයක් ඔහු එම වටය අවසන් කළා.
Yevan මෙම සැසිවාරය තුළ අධික කැපවීමක් පෙන්වමින් වට 105ක් සම්පූර්ණ කළ අතර, එය එම දිනයේ වැඩිම වට සංඛ්‍යාවක් සම්පූර්ණ කළ ක්‍රීඩකයා බවට පත් වුණා.
2027 Formula 3 තරගවාරයේදී පෙරටත් වඩා විශිෂ්ට දස්කම් පාමින් ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකා නාමය ඔසවා තබන්නට Yevan ට හැකිවේවායි යන්න Speedmania අපගේ ඒකායන පැතුමයි.
Log in to like and share this story.
Comments (0)
No approved comments yet. Be the first to comment!



