MotoGP බයික් එකකින් වැටෙන්න අමුතුම ආසාවක් තියෙන ලෝක ශූරයා
මෝටර් සයිකල් ධාවන තරඟ ලෝකයේ SuperEnduro සහ Hard Enduro ශූරතා රැසක් දිනාගත් ක්‍රීඩකයෙකු වන Billy Bolt, මෑතකදී හෙළිදරව් කළ අමුතුම ආකාරයේ ආශාවක් ගැන මේ දවස්වල මෝටර් රථ ක්‍රීඩා ලෝකයේ ලොකු කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
හය වතාවක් SuperEnduro ලෝක ශූරයා ලෙසද , 2021 වසරේ Hard Enduro ලෝක ශූරයා ලෙසද කිරුලු පැළදි Billy Bolt පවසන්නේ, තමන්ට MotoGP යතුරු පැදියක් පදවා එයින් වැටීමේ අමුතුම අත්දැකීමක් විඳගැනීමට විශාල ආසාවක් ඇති බවයි.
"මේක කියන්නත් හරි අමුතු දෙයක්, නමුත් මට දැනගන්න ඕනේ MotoGP බයික් එකක front wheel එක slip වෙලා, gravel එක දිගේ ඇදී ගෙන යනකොට දැනෙන හැඟීම මොන වගේද කියලා. මට තේරෙන්නේ නෑ ඇයි කියලා, ඒත් මට ඒ හැඟීම මොන වගේද කියලා දැනගන්නම ඕනේ."
තමන්ගේ බලාපොරොත්තු ලැයිස්තුවේ මෙය ප්‍රමුඛ ස්ථානයක තියෙන බව සදහන් කරන Billy Bolt, තරඟකරුවන් තමන්ගේ elbow sliders සහ knee sliders ධාවන පථයේ ගාවමින් slide වෙන ආකාරයත්, පසුව gravel කලාපයේ ඇද වැටීමෙන් airbag එක විවෘත වන ආකාරයත් දෙස කුඩා කල සිටම ආසාවෙන් බලා සිටි බව ඔහු සඳහන් කොට තිබෙනවා.
Billy Bolt කුඩා කාලයේ පටන්ම මෝටර් සයිකල් රේස් නැරඹීමට ආශවෙන් පසු වී ඇති අතර, ඔහුගේ මුල්ම මතකයන් අතර MotoGP තරග ප්‍රධාන තැනක් හිමිකරගෙන තිබෙනවා.
විශේෂයෙන්ම තරග අතරතුර සිදුවන මෙවැනි අනතුරු සහ ඔහුගේ නිවස පිහිටි Newcastle නගරයට ආසන්නව තිබූ speedway ධාවන පථය නිසා ඔහු මෝටර් සයිකල් ක්‍රීඩාවට දැඩි ලෙස පෙළඹී තිබෙනවා.
ඔහු ඉදිරියේදී Rhayader, Wales හි පැවැත්වීමට නියමිත EnduroGP තරඟාවලියට මෙන්ම ඉදිරි SuperEnduro තරඟ වාරයටද සූදානමින් පසුවනවා.
Off-road තරඟ ලෝකයේ දැවැන්තයෙකු වන ඔහුට කවදා හෝ MotoGP යතුරුපැදියකින් තමන්ගේ මේ අමුතු හීනය සැබෑ කරගන්නට හැකිවේවිද ?
Comments (0)
No approved comments yet. Be the first to comment!



