Marc Marquez එක්ක කරන්න බැරි දෙයක් නෑ.
MotoGP තරග බිමේ දැවැන්තම පෙරළියක් සිදුකරමින් මෙවර ලෝක ශූරතාව ජයග්‍රහණය කිරීමට ආසන්නව සිටින Marc Marquez පිළිබඳව Ducati කණ්ඩායමේ කළමනාකාර Davide Tardozzi අදහස් දක්වා තිබෙනවා.

ඔහු පවසන්නේ Marc Marquez සමග එක්ව කළ නොහැකි කිසිවක් නොමැති බව ඩුකාටි කණ්ඩායම ඉගෙන ගත් බවයි.
මෙවර තරග වාරයේ Mugello හි පැවැති තරගයෙන් පසුව උරහිසේ ශල්‍යකර්මයට මුහුණ දීම හේතුවෙන් Marc Marquez ලකුණු සටහනේ ප්‍රමුඛයාට වඩා ලකුණු 102 ක් පිටුපසින් රැදී සිටියා.
ඔහුට මෙවර ශූරතාව සඳහා සටන් කිරීමට තිබූ අවස්ථාව අහිමි වී ඇති බව බොහෝ දෙනා අනුමාන කළා.
නමුත් එතැන් සිට Ducati යතුරුපැදියේ තාක්ෂණික දියුණුව සහ Marquez අත්දැකීම් සමඟින් ඔහු නැවතත් ප්‍රබල ලෙස තරග බිමට අවතීර්ණ වුණා.
Qatar ග්‍රෝන් ප්‍රී තරගයට පිවිසෙන විට Jorge Martin ට වඩා ලකුණු 49 ක සහ Marco Bezzecchi ට වඩා ලකුණු 79ක ඉදිරියක් ලබා ගැනීමට Marquez සමත් වී තිබෙනවා.
Ducati කණ්ඩායමේ කළමනාකරු වන Davide Tardozzi ප්‍රකාශ කළේ "Mugello තරගයෙන් පසුව අපිට ඉදිරියට යන්න ශක්තියක් වුණේ Marc. වෙන කෙනෙක් ශූරතාව දිනයි කියලා අපි කිසිවිටෙකත් බලාපොරොත්තු අතහැරියේ නැහැ. අපේ ඉංජිනේරුවන් යතුරුපැදිය තවත් දියුණු කිරීමට කැප වුණා. Marcගේ දක්ෂතාවය සහ අපේ කණ්ඩායමේ එකතුව මේ තරම් විශාල පෙරළියක් කරන්න හේතු වුණා."
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ Marc Marquez යනු මෙවැනි දැඩි පීඩනයන් සහිත අවස්ථාවන් පාලනය කිරීමට හොඳින්ම දන්නා ක්‍රීඩකයෙකු බවත්, කටාර් හිදී 10 වන ලෝක ශූරතාවය තහවුරු කර ගැනීමට ඔහුට විශාල අවස්ථාවක් ඇති බවයි.
ශූරතාවය ජයග්‍රහණය කිරීමට ආසන්නව සිටියද තරගය අවසන් වන තෙක් කිසිවක් ස්ථිර නැති බවත්, Aprilia කණ්ඩායමේ ධාවකයන්ගෙන් හොද තරගයක් එල්ල විය හැකි බවත් Tardozzi අවධාරණය කළා.
Log in to like and share this story.
Comments (0)
No approved comments yet. Be the first to comment!



