Aprilia පැරදුනේ නෑ, Marc Marquez දිනුවා විතරයි.
MotoGP 2026 තරඟ වාරයේ ලෝක ශූරතාවය අවසන් අදියරට පැමිණ තිබියදී ක්ෂේත්‍රය පුරාම ඒ පිලිබදව දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

ඒ Aprilia කණ්ඩායම අතින් ලෝක ශූරතාවය ගිලිහී ගියාද? එසේත් නැත්නම් Marc Marquez ඔහුගේ දක්ෂතාවයෙන්ම එය දිනාගත්තාද? යන කාරණයයි.
මේ ප්‍රශ්නයට Aprilia Racing හි ප්‍රධාන විධායක නිලධාරී Massimo Rivola ලබා දුන්නේ ඉතාමත් පැහැදිලි සහ සෘජු පිළිතුරක්.
"Aprilia ලෝක ශූරතාවය පැරදුණේ නැහැ, Marc Marquez ඒක දිනුවා. ඇත්තෙන්ම කිව්වොත් මේ තරඟ වාරයේ වෙනස ඇති කළේ එයාම තමයි."
Qatar ග්‍රෝන් ප්‍රී තරඟයෙන් පසුව Sky Sport නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී Rivola සඳහන් කළේ, Aprilia කණ්ඩායම ඔවුන්ගේ ඉතිහාසයේ හොඳම තරඟ වාරය ගත කළද, Ducati යතුරුපැදියෙන් Marquez දැක්වූ අසමසම දක්ෂතාවය හමුවේ ඔවුන්ට පසුබැසීමට සිදු වූ බවයි.
Marquez සති අන්ත තරඟ කළමනාකරණය කළ ආකාරය, ලකුණු 37ම ලබා ගැනීමට තිබූ අවස්ථාවලදී එය උපරිමයෙන් ලබා ගැනීම සහ අපහසු ධාවන පථවලදී පවා පෙන්වූ පරිණතභාවය අගය කළ Rivola, Marquez ගේ පළපුරුද්දට සහ දක්ෂතාවයට තමා හිස නමා ආචාර කරන බවද සදහන් කොට තිබෙනවා.
Qatar හි පැවැති Sprint තරඟය ජයග්‍රහණය කරමින් සහ ප්‍රධාන තරඟයේ දෙවන ස්ථානය ලබා ගනිමින් Marquez මේ වන විට සිය Premier Class 10 වන ලෝක ශූරතාවයට සහ MotoGP අංශයේ 8 වන ශූරතාවයට ඉතාමත් ආසන්න වී සිටිනවා.
ලබන සති අන්තයේ Portimao හි පැවැත්වෙන Sprint තරඟයෙන් ජයග්‍රහණය කරමින් හෝ Jorge Martin ට වඩා ලකුණු 2ක් ඉදිරියෙන් සිටීමට හැකි වුවහොත් Marquez ට මෙවර MotoGP ලෝක ශූරතාවය තමන් සතු කර ගැනීමට අවස්ථාව හිමිවනවා.
Aprilia කණ්ඩායමට යම් යම් තරඟවලදී ලකුණු අහිමි වීම ගැන කණගාටුවක් තිබුණද, Massimo Rivola පවසන්නේ එය ඉදිරියට පාඩමක් කරගන්නා බවයි.
එමෙන්ම ධාවකයන්ගේ ශූරතාවය අතහැරීමට සිදු වුවද, නිෂ්පාදකයින්ගේ සහ කණ්ඩායම් ශූරතා සඳහා Aprilia කණ්ඩායම තවමත් ප්‍රබල සටහනක නිරත වන බවද ඔහු සදහන් කොට තිබෙනවා.
Log in to like and share this story.
Comments (0)
No approved comments yet. Be the first to comment!



