Moto3 ලෝක ශූරයාට Ducati අසුනක් වෙන් වෙයි.

පැරණි Moto3 ලෝක ශූරයෙකු වන Albert Arenas 2027 තරග වාරය සඳහා Team Pata GoEleven Ducati කණ්ඩායම සමගිම් World Superbike තරගාවලියට පිවිසීමට ගිවිසුම්ගත වී තිබෙනවා.

Nov 10, 2026 06:37 am (1 day ago)
Arenas as their second WorldSBK rider in 2027
Arenas as their second WorldSBK rider in 2027Photo Courtesy - WorldSBK

මින් පෙර MotoGP ධාවක Alex Rins හට හිමිවනු ඇතැයි අනුමාන කෙරුණු GoEleven කණ්ඩායමේ දෙවන අසුන මෙලෙස Arenas වෙත හිමිවී තිබෙනවා.

මෙම නව අභියෝගය පිළිබඳව අදහස් දක්වමින් Arenas පවසා සිටියේ, මෙම නව අභියෝගය ගැන තමා උද්යෝගිමත් බවයි.

"Supersport අංශයට පැමිණි මගේ ප්‍රධාන ඉලක්කය වුණේ ලෝක ශූරතාව දිනාගෙන Superbike අංශයට පිවිසීමයි. මගේ වෘත්තීය ජීවිතයේ නිවැරදිම වෙලාවෙදී තමයි මේ අවස්ථාව මට ලැබුණේ."

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ නවකයෙකු ලෙස Ducati යතුරුපැදිය පිළිබඳව ඉගෙන ගැනීමට කරුණු රැසක් ඇති බවත්, තම දක්ෂතා සහ හැකියාවන් උරගා බැලීමට නොඉවසිල්ලෙන් පසුවන බවයි.

අගෝස්තු මාසයේදී Yamaha MotoGP කණ්ඩායමෙන් ඉවත්වීමට තීරණය කිරීමෙන් පසු Alex Rins, GoEleven Ducati වෙත මාරුවීමට සාකච්ඡා පවත්වා තිබුණද, පසුව ඔහු යතුරුපැදි තරගවලින් ඉවත් වී වෙනත් ක්ෂේත්‍රයක ව්‍යාපෘතියකට යොමු වන බව ප්‍රකාශ කළා.

GoEleven කණ්ඩායම දැනටමත් ඔවුන්ගේ ප්‍රධාන ධාවක Lorenzo Baldassarri සමඟ ගිවිසුම අලුත් කර ඇති අතර, Albert Arenas ඔවුන්ගේ අනෙක් යතුරුපැදියෙන් WorldSBK තරග බිමට එක්වීමට නියමිතයි.

Log in to like and share this story.

Comments (0)

Join the conversation. Login or Register to comment.

No approved comments yet. Be the first to comment!