යුධ උණුසුම මැද ඇවිලුණ Qatar Sprint තරග උණුසුම.
2026 MotoGP ලෝක ශූරතාවය සිය නමින් ලියවාගැනීමට තවත් එක පියවරක් තබමින්, Ducati කණ්ඩායමේ Marc Márquez කටාර් හි පැවති Sprint තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

තරගයේ ආරම්භයේදීම සිදු වූ බිහිසුණු අනතුරක් නිසා Red Flag පෙන්වා තරගය තාවකාලිකව නතර කිරීමට පවා සිදු වූ අතර, නැවත ආරම්භයෙන් පසුව Marquez සිය ආධිපත්‍යය පතුරවන්නට සමත් වුණා.
තරගයේ Pole position හි සිටි Marco Bezzecchi සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් පෙරමුණ ගනිද්දී ඔහු පසුපසින් Marc පැමිණි අතර, Francesco Bagnaia 3 වන ස්ථානය සඳහා සටන් වදින්නට වුණා.
නමුත් පළමු වටයේ අවසාන වංගුවේදී Bagnaia සහ Fermín Aldeguer අතර සිදුවූ බිහිසුණු අනතුර හමුවේ Bagnaia ඇද වැටෙන්නට වුණා.
මේ හේතුවෙන් තරග තීරකයා විසින් දෙවන වටයේදී Red Flags ඔසවා තරගය නතර කිරීමට තීරණය කළා.
අනතුරට ලක්වූ Bagnaia වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කෙරුණු අතර, අනතුර සිදුකිරීම සම්බන්ධයෙන් Aldeguerට Double Long-Lap දඬුවමක් නියම කෙරුණා.
තරගය නැවත ආරම්භ වූ වහාම Marc Marquez වේගවත් ආරම්භයක් ලබා ගනිමින් පළමු වංගුවේදීම තරගයේ පෙරමුණ ගන්නට සමත් වුණා.
4 වන වටයේදී Marquez ගේ පසුපසින් පැමිණි Marco Bezzecchi අභිබවා යාමට උත්සාහ කළත්, දෙදෙනාගේ යතුරුපැදි එකිනෙක ගැටීමෙන් Bezzecchiගේ Aprilia යතුරුපැදිය ලිස්සා ගොස් ඔහුට තරගයෙන් ඉවත් වන්නට සිදුවුණා.
මෙම සිදුවීම පිළිබඳව විනිසුරුන් පරීක්ෂා කළද, එය සාමාන්‍ය තරග සිදුවීමක් ලෙස සලකා ඊට එරෙහිව පියවර නොගැනීමට ඔවුන් තීරණය කළා.
අවසානයේදී Marc Marquez තරගයේ පළමු ස්ථානය තහවුරු කරගත් අතර, තරගයේ අවසාන භාගයේදී හොද තරගයක් දුන් Fabio Di Giannantonio දෙවන ස්ථානය හිමිකරගැනීමට සමත් වුණා.
ආබාධයකින් පසුව නැවත පැමිණි Jorge Martín තෙවන ස්ථානය දිනා ගත් අතර මෙම ජයග්‍රහණයත් සමඟින් Marc Marquez සිය 8 වන MotoGP ලෝක ශූරතාවය කරා සමීප වුණා.
Log in to like and share this story.
Comments (0)
No approved comments yet. Be the first to comment!



