පසුබෑමේ සම්පූර්ණ වගකීම Marc Marquez බාරගනී

පසුගියදා නිමාවට පත්වූ බ්‍රිතාන්‍ය MotoGP ග්‍රෝන් ප්‍රී අදියරේදී පසුබෑමට ලක්වීමේ සම්පූර්ණ වගකීම තමන් සතු බව ලෝක ශූර Marc Marquez සදහන් කොට තිබෙනවා.

Aug 10, 2026 02:44 pm (1 months ago)
MotoGPMarc Marquez
පසුබෑමේ සම්පූර්ණ වගකීම Marc Marquez බාරගනී
පසුගියදා නිමාවට පත්වූ බ්‍රිතාන්‍ය MotoGP ග්‍රෝන් ප්‍රී අදියරේදී පසුබෑමට ලක්වීමේ සම්පූර්ණ වගකීම තමන් සතු බව ලෝක ශූර Marc Marquez සදහන් කොට තිබෙනවා.

තරගය ආරම්භයේදී තෙවන ස්ථානයේ පසුවුවද, හත්වන ස්ථානයෙන් තරගය අවසන් කිරීමට ඔහුට සිදුවුණා.

තරගයේදී යතුරුපැදියේ හෝ ටයර් වල කිසිදු කාර්මික දෝෂයක් නොතිබූ බවත්, පසුබෑමට ප්‍රධාන හේතුව තමන්ගේම ධාවන ශෛලිය බවත් Marquez සදහන් කොට තිබෙනවා.

Silverstone තරගපථය සාමාන්‍යයෙන් ඔහුගේ ධාවන ශෛලියට ගැලපන පහසු එකක් නොවන බව Marquez ගේ අදහසයි.

මින් පෙර තරග වලදී සිය ආබාධ නොතකා වෙනත් ක්‍රමවලින් වේගය පවත්වා ගැනීමට ඔහු සමත් වුවද, මෙවර බලාපොරොත්තු වූ තරම් වේගවත් වීමට ඔහුට නොහැකි වී තිබෙනවා.

කෙසේ වෙතත්, සෙනසුරාදා පැවැති Sprint තරගයේදී මෙන් නොව, ප්‍රධාන තරගයේදී ටයර් මැනවින් ක්‍රියාත්මක වූ බවත්, ඒ නිසා කාර්මික අඩුපාඩු යැයි ප්‍රකාශ කළ නොහැකි බවත් ඔහු සදහන් කොට තිබෙනවා.

මෙම පසුබෑමත් සමග ලෝක ශූරතාවලියේ ලකුණු සටහනේ 4 වන ස්ථානය දක්වා පසුබසින්නට සිදු වුවද, ඒ පිළිබඳව කලබල වීමට අවශ්‍ය නොවන බව Marquez පවසා තිබෙනවා.

"මගේ ඉලක්කය යතුරුපැදිය පැදීමෙන් සතුටක් ලැබීමයි. ලෝක ශූරතාව දිනාගැනීම බලාපොරොත්තුව වුණත්, එය අහිමි වුණා කියලා මගේ අනාගත ජීවිතය වෙනස් වෙන්නේ නැහැ. මම තරග බිමේ සටන් කරන්නේ මට යතුරුපැදිය මත හොඳ පහසුවක් දැනෙන විට පමණයි. එහෙම නැති නම් මම අනවශ්‍ය ලෙස අවදානම් ගන්නේ නැහැ,"

බ්‍රිතාන්‍ය Grand Prix තරගය ජයගැනීමට Trackhouse Racing කණ්ඩායමේ Raul Fernandez සමත් වූ අතර, Aprilia කණ්ඩායමේ Jorge Martin තවදුරටත් ලකුණු සටහනේ පෙරමුණේ පසුවනවා.

Comments (0)

Join the conversation. Login or Register to comment.

No approved comments yet. Be the first to comment!