F1 සහ MotoGP ත්‍රාසය එක් ධාවන පථයකදී ?

Austin ග්‍රෝන් ප්‍රී Formula 1 සතිඅන්තය අතරතුරදී MotoGP වෙනුවෙන් විශේෂ ප්‍රදර්ශනාත්මක ධාවන තරගයක් සංවිධානය කිරීමට සැලසුම් කොට තිබෙනවා.

Aug 1, 2026 06:15 pm (2 days ago)
MotoGPF1
F1 සහ MotoGP ත්‍රාසය එක් ධාවන පථයකදී ?

Photo Courtesy - Autosport

Austin ග්‍රෝන් ප්‍රී Formula 1 සතිඅන්තය අතරතුරදී MotoGP වෙනුවෙන් විශේෂ ප්‍රදර්ශනාත්මක ධාවන තරගයක් සංවිධානය කිරීමට සැලසුම් කොට තිබෙනවා.

ලොව ප්‍රමුඛතම මෝටර් රථ තරඟාවලිය වන Formula 1 සහ ප්‍රමුඛතම යතුරුපැදි තරඟාවලිය වන MotoGP තරග නරඹන ක්‍රීඩා ලෝලීන්ට එකම සතිඅන්තයකදී ඉසව් යුගලයේම අත්දැකීම විඳගැනීමේ අවස්ථාවක් උදාවීමට නියමිතව තිබෙනවා.

Liberty Media ආයතනය විසින් F1 සහ MotoGP හි වාණිජ අයිතියද ලබාගැනීමෙන් අනතුරුව, ලොව පුරා සිටින ක්‍රීඩා ලෝලීන් දිගු කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි අදහසක් සැබෑ කිරීමට ඔවුන් කටයුතු සම්පාදනය කොට තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ Texas හි පිහිටි Circuit of the Americas ධාවන පථයේදී පැවැත්වීමට නියමිත Austin ග්‍රෝන් ප්‍රී Formula 1 සතිඅන්තය අතරතුරදී MotoGP වෙනුවෙන් විශේෂ ප්‍රදර්ශනාත්මක ධාවන තරගයක් සංවිධානය කිරීමට සැලසුම් කොට තිබෙනවා.

මේ මගින් F1 තරඟ නැරඹීමට පැමිණෙන ක්‍රීඩා ලෝලීන්ට අමතර ප්‍රවේශපත්‍රයක් මිලදී ගැනීමකින් තොරවම MotoGP තරඟ අත්දැකීම විදගන්නට අවස්ථාව හිමිවනවා.

මෙම සතිඅන්තයේදීම ඕස්ට්‍රේලියාවේ Phillip Island හිදී MotoGP ග්‍රෝන් ප්‍රී අදියරක් ද පැවැත්වෙන බැවින්, වත්මන් MotoGP ධාවකයින්ට මෙම ප්‍රදර්ශනාත්මක තරගය සඳහා සහභාගී වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ඒ වෙනුවට විශේෂ Show Bikes සහ හිටපු ප්‍රවීණ ධාවකයින් යොදාගනිමින් මෙම ප්‍රදර්ශනාත්මක ඉසව්ව පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

ඉදිරියේදී මෙම ක්‍රීඩා ද්විත්වයම එකම ධාවන පථයක එකම සතිඅන්තයේ පැවැත්වීමේ සැලසුම වෙත යන පළමු පියවර ලෙස මෙය සැලකෙනවා.

Comments (0)

Join the conversation. Login or Register to comment.

No approved comments yet. Be the first to comment!