2014-2016 ස්වර්ණමය යුගයෙන් පසු MotoGP බයික්වලට මොකද වුණේ ?

Photo Courtesy - Getty Images
නවීන MotoGP තරගවල භාවිතා කරන අධි-තාක්ෂණික යතුරුපැදි, පදවන ආකාරය පිළිබඳව හිටපු ලෝක ශූර Marc Marquez සිය කණගාටුව පළ කර තිබෙනවා.
ඔහු පවසන්නේ වර්තමානයේ භාවිත වන තාක්ෂණය නිසා යතුරුපැදියක් පැදවීමේදී ධාවකයෙකුට හිමිවන නිදහස අහිමි වී, රොබෝවරයෙකු මෙන් පදවන්නට සිදුව ඇති බවයි.
පසුගිය වසර 10 පුරාම MotoGP යතුරුපැදි සඳහා Aerodynamics සහ Ride Height Devices වැනි නවීන තාක්ෂණයන් විශාල වශයෙන් එක් කෙරුණා.
මෙහි ප්‍රතිඵලයක් ලෙස ධාවන පථයේදී අනෙක් යතුරුපැදි පසුකර යාම පවා ඉතා අපහසු වී ඇති අතර, එය ධාවන තරගවල තිබූ විනෝදජනක සහ උද්වේගකර බව අඩු වීමට ද හේතු වී තිබෙනවා.
Marquez පවසන පරිදි, 2014, 2015 සහ 2016 යන වසරවල තිබූ Aerodynamics තාක්ෂණය රහිත යතුරුපැදි මගින් ධාවකයෙකුට තමන්ගේ දක්ෂතාවයෙන් විශාල වෙනසක් කිරීමට හැකියාව හිමිව තිබෙනවා.
"මට ගොඩක්ම බයික් පදින්න ආසා හිතුණේ 2014, 15, 16 වගේ කාලවල. දැන් තියෙන බයික් පදින්න ලස්සන වුණාට, ඒවා පදින්න වෙලා තියෙන්නේ රොබෝ කෙනෙක් වගේ. Aero තාක්ෂණයට අවශ්‍ය විදිහටයි අපිට පදින්න වෙන්නේ, ඒකට එරෙහිව යන්න බැහැ. Aero තාක්ෂණයට එරෙහිව බයික් එක පදින්න ගියොත් වෙන්නේ වේගය තවත් අඩු වෙන එකයි"
තවද, පැරණි යතුරුපැදිවලදී Slide වීමකදී හෝ ඉදිරිපස රෝදය පාලනයෙන් ගිලිහී යාමකදී එය නැවත පාලනය කරගෙන වැටීමෙන් බේරීමට ධාවකයාට හැකියාව තිබූ නමුත් නවීන බයික්වල Downforce එක වැඩි නිසා ඉදිරි රෝදය ලිස්සා ගියහොත් එය නැවත පාලනය කරගැනීම ඉතා අපහසු බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
කෙසේ වෙතත්, ඉදිරියට පැමිණීමට නියමිත 2027 MotoGP නව රෙගුලාසි යටතේ යතුරුපැදිවල Aerodynamics මට්ටම අඩු කිරීමටත්, Ride Height Devices සම්පූර්ණයෙන්ම තහනම් කිරීමටත් පියවර ගෙන තිබෙනවා. නමුත් Marc Marquez පවසන්නේ Aerodynamics තාක්ෂණය මීටත් වඩා අඩු කළ යුතු බවයි.
Comments (0)
No approved comments yet. Be the first to comment!



