එකම ශූරයාට දෙවරක් ඉඩ නොදුන් Silverstone අභිරහස

MotoGP ලෝක ශූරතාවලිය පුරා යම් ධාවන පථ වල එකම ධාවකයන් අඛණ්ඩව සිය ආධිපත්‍යය පැතිරවීම ඉතිහාසය පුරාවට දැක්ගන්නට හැකිවී තිබෙනවා.

Aug 9, 2026 07:10 pm (1 months ago)
MotoGP
එකම ශූරයාට දෙවරක් ඉඩ නොදුන් Silverstone අභිරහස
MotoGP ලෝක ශූරතාවලිය පුරා යම් ධාවන පථ වල එකම ධාවකයන් අඛණ්ඩව සිය ආධිපත්‍යය පැතිරවීම ඉතිහාසය පුරාවට දැක්ගන්නට හැකිවී තිබෙනවා.

නමුත් එංගලන්තයේ පිහිටි Silverstone ධාවන පථය යනු එම සියලු සාම්ප්‍රදායික මතවාදයන් බිදහෙලූ ධාවන පථයක් ලෙස තවදුරටත් වැජබෙන්නට අද දිනයේදීද සමත් වුණා.

2013 වසරේ සිට මේ දක්වා, එනම් වසර 13ක කාලයක් මුලුල්ලේ එක් වරක්වත් පරණ ජයග්‍රාහකයෙකුට නැවත ජයග්‍රහණය ලබා ගැනීමට Silverstone ඉඩ ලබා දී නැහැ.

සෑම තරඟ වාරයකදීම නව ශූරයෙකු බිහිවන මේ විස්මිත සංසිද්ධිය MotoGP ඉතිහාසයේ වෙනත් කිසිදු පථයක දැකිය නොහැකි වීම ඉතාමත් සුවිශේෂී වනවා.

පසුගිය වසර 13 තුළ බ්‍රිතාන්‍ය Grand Prix අදියර ජයගත් ධාවකයන් දෙස බැලූ විට පෙනී යන්නේ මෙය හුදෙක් එක් කණ්ඩායමකට හෝ එක් ධාවකයෙකුට පමණක් සීමා වූ පථයක් නොවන බවයි.

Silverstone හි අද්විතීය ජයග්‍රාහකයන්ගේ ආගමනය ආරම්භ වන්නේ 2013 වසරේදී Jorge Lorenzo ගේ අමතක නොවන අවසන් වටයේ සටනකින් Marquez ව අභිබවා යාමත් සමඟයි.

නමුත් මීළග වසරේදී Marc Marquez එම පරාජයට පලිගනිමින් Silverstone හි සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කළ අතර, 2015 දී අධික වර්ෂාව හමුවේ Valentino Rossi සිය අසමසම ධාවන විලාශය පෙන්නුම් කරමින් ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

2016 දී Maverick Viñales, Suzuki කණ්ඩායමට වසර ගණනාවකට පසු ඓතිහාසික MotoGP ජයග්‍රහණයක් අත්කර දෙමින් සිය මංගල ජයග්‍රහණය මෙහිදී සලකුණු කිරීමට සමත් වුණා.

2017 වසරේ දී Andrea Dovizioso විසින් Ducati යතුරුපැදියේ වේගය සහ ටයර් පාලනය මනාව භාවිත කරමින් කිරුළ හිමිකර ගන්නට සමත් වුණා.

2018 වසරේදී අයහපත් කාලගුණය සහ 2020 වසරේදී හි පැවති කොවිඩ්-19 හේතුවෙන් ග්‍රෝන් ප්‍රී තරඟ මෙම ධාවන පථයේදී නොපැවැත්විණි.

2019 දී Álex Rins, Suzuki යතුරුපැදියෙන් අවසන් වංගුවේදී Marquez ව තත්පර 0.013 ක අතිශය සුළු පරතරයකින් අභිබවා යාම MotoGP ඉතිහාසයේ රන් අකුරින් ලිවුනු ජයග්‍රහණයකි.

නූතන යුගයට පා තබමින් 2021 දී Fabio Quartararo සිය ලෝක ශූරතා ගමන තහවුරු කළ අතර, 2022 දී Francesco Bagnaia, Ducati යතුරුපැදියෙන් ජයග්‍රහණය අත්කර ගන්නට සමත් විය.

2023 දී Aleix Espargaró, Aprilia කණ්ඩායම වෙනුවෙන් අමතක නොවන ජයග්‍රහණයක් සටහන් කළ අතර, 2024 දී Enea Bastianini, Sprint සහ ග්‍රෝන් ප්‍රී තරගය යන දෙකම ජය ගනිමින් Silverstone හි සිය මංගල ජය සනිටුහන් කරන්නට විය.

මෙම අඛණ්ඩ වාර්තාව තවදුරටත් ඉදිරියට ගෙන යමින් 2025 දී Johann Zarco කාලගුණික පෙරළි හමුවේ Honda නැවතත් පීඨිකාවේ ඉහළටම ඒමට සමත් විය.

මෙම වසරේ දී Trackhouse Aprilia කණ්ඩායමෙහි Raúl Fernández සිය මංගල Silverstone ජයග්‍රහණය සටහන් කරමින් මෙම නොකඩවා පැවැත්වෙන අද්විතීය වාර්තාව 12 වැනි වරටත් ඉදිරියට ගෙන යන්නට විය.

කෙතරම් ප්‍රබල ලෝක ශූරයෙකුට වුවද Silverstone හිදී තමන්ගේ පැරණි ජයග්‍රහණය නැවත ආවර්ජනය කිරීම යනු විසඳීමට අසීරු තාක්ෂණික ප්‍රහේලිකාවක් බවට පත් වී ඇත.

Comments (0)

Join the conversation. Login or Register to comment.

No approved comments yet. Be the first to comment!