MotoGP කිරුළ Marc Marquez ටමද

Photo Courtesy - Getty Images
2026 MotoGP තරගවාරයේ ශූරතාව සඳහා වන සටන ඉතා උණුසුම් මුහුණුවරක් ගනිමින් පවතින අතර, Aprilia කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරී Massimo Rivola සඳහන් කරන්නේ මෙවර ලෝක ශූරතාව දිනාගැනීමේ වැඩිම හැකියාව Ducati ධාවක Marc Marquez සතු බවයි.
තරගවාරය ආරම්භයේදී දකුණු උරහිසේ ආබාධ තත්ත්වයන් නිසා Marc Marquez හට බාධා එල්ල වූ අතර, ඉතාලි ග්‍රෝන් ප්‍රී තරගයෙන් පසුව ඔහු ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටි Marco Bezzecchi වඩා ලකුණු 102ක් පසුපසින් පසුවුණා.
නමුත් ඉන්පසුව ක්‍රියාත්මක වූ Marquez, ග්‍රෝන් ප්‍රී තරග 3ක් ජයග්‍රහණය කරමින් සිය පැරණි දක්ෂතා අතරට පිවිසීමට සමත් වුණා.
ජර්මන් ග්‍රෝන් ප්‍රී තරගයෙන් පසුව මේ වන විට ඔහු ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන Jorge Martinට වඩා ලකුණු 18ක් පමණක් පසුපසින් පසුවෙමින් ශූරතාව සඳහා වන සටනට ප්‍රබල ලෙස අවතීර්ණ වී සිටිනවා.
Sky Sports සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී Aprilia ප්‍රධානී Massimo Rivola ප්‍රකාශ කළේ තමන් දැනට ප්‍රසාද ලකුණු සටහන දෙස නොබලන නමුත් අවසාන තරගය තෙක්ම ශූරතාව සඳහා සටන පැවැත්වෙනු ඇති බවයි.
"අපිට වගේම අපේ Satellite team එකටත් ඉතා ප්‍රබල ධාවකයින් ඉන්නවා. අපේ යතුරුපැදිය ඉතා තරගකාරී බව අපි දන්නවා. ඒ නිසා මම මුල සිටම හිතුවේ මේ ලෝක ශූරතාවය අවසාන තරගය දක්වාම ඇදී යන එකක් කියලා."
" අපි අවසාන තරගය දක්වාම සටන් කරනවා. නමුත් Marc Marquez සියලු අනාවැකිවලට අනුව දැනට ඉදිරියෙන්ම ඉන්නවා, ඔහු තමයි මේ වෙලාවේ වැඩිම ලෝක ශූරතා වලට හිමිකම් කියන ධාවකයා. ඒත් අපි කිසිම විටෙක උත්සාහය අතහරින්නේ නැහැ."
තරග වාරයේ මැද භාගය වන විට සියලු දෙනාගේ අවධානය යොමුව ඇත්තේ අවසාන මොහොත දක්වා ඇදී යන මේ උණුසුම් MotoGP ලෝක ශූරතාවය හිමිකර ගන්නේ කවුරුන්ද යන්නයි.
Comments (0)
No approved comments yet. Be the first to comment!


