ලෝක ශූරතා සටන තවත් දිගු කරමින් Bezzecchi පහසු ජයක් ලබයි

2026 MotoGP තරගාවලියේ අතිශය තීරණාත්මක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Qatar Grand Prix තරගයේදී Marco Bezzecchi සමත් වුණා.

Nov 8, 2026 10:25 pm (3 days ago)
Marco Bezzecchi and Raul Fernandez fighting for P1
Marco Bezzecchi and Raul Fernandez fighting for P1Photo Courtesy - MotoGP

මෙම තරගයේදී Bezzecchi ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ Marc Marquezගේ ලෝක ශූරතා බලාපොරොත්තුව තවදුරටත් ප්‍රමාද කිරීමට ඔහුට හැකි වුණා.

මෙම තරගය ආරම්භයේ සිටම දක්ෂ අන්දමින් තරග වැදුනු Bezzecchi අවසාන වට කිහිපයේදී සිය දක්ෂතාව සහ පාලනය මනාව තබා ගනිමින් පහසු ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

මෙම තරගය ජයග්‍රහණය කළේ නම් Marc Marquez හට මෙවර ලෝක ශූරතාව හිමි කර ගැනීමට තිබූ නමුත්, Bezzecchiගේ මෙම ජයග්‍රහණය හමුවේ ලෝක ශූරයා තීරණය පෘතුගාල අදියර තෙක් කල් ඇදෙන්නට වුණා.

රාත්‍රී ආලෝකය මැද පැවැත්වුණු කටාර් ධාවන පථයේදී ආරම්භයේ සිටම ධාවකයන් අතර තියුණු තරගකාරිත්වයක් දක්නට ලැබුණා.

ධාවන පථයේ ලබාගත් උපරිම වේගය සහ වංගු ගැනීමේදී දැක්වූ පරිණතභාවය නිසා Marco Bezzecchi ට තරගයේ පෙරමුණ රැක ගැනීමට හැකි වුණා.

Raul Fernandez සහ Marc Marquez අතර දෙවන ස්ථානය වෙනුවෙන් තියුණු සටනක් ක්‍රියාත්මක වූ අතර අවසානයේදී Marc දෙවන ස්ථානය තහවුරු කරගන්නට සමත් වුණා.

Marc සමගින් තෙවන ස්ථාන වෙනුවෙන් තරග වැදුනු Pedro Acosta හට පසුබසින්නට සිදුවූ අතර ඔහුව අභිබවා සිව්ව්න ස්ථානය දිනාගන්නට Ai Ogura ද පස්වන ස්ථානය දිනාගන්නට Enea Bastianini සමත් වුණා.

ඒ අනුව Pedro Acosta හයවන ස්ථානය දිනාගනිද්දි ලෝක ශූරතා සටනේ දෙවන තැන රැදෙන Jorge Martin හත්වන ස්ථානය දිනාගන්නට සමත් වුණා.

මෙම තරගයේ ප්‍රථිඵල අනුව Marc Marquez සහ Jorge Martin අතර ඇති ලකුණු පරතරය ලකුනු 60ක් දක්වා ඉහළ ගොස් ඇති අතර Marco Bezzecchi ප්‍රසාද ලකුනු 357ක් ලබාගනිමින් Marc ට වඩා ලකුනු 74ක් පසුපසින් රැදී සිටිනවා.

Log in to like and share this story.

Comments (0)

Join the conversation. Login or Register to comment.

No approved comments yet. Be the first to comment!