Ashanගේ පුත්‍රරත්නය UAEහිදී පෙරලිකාර ජයක් ලබයි

මෙරට ප්‍රකට මෝටර් රථ රේසිං ශූරයෙකු වන Ashan Silva ගේ පුතණුවන් වන Avish Silva, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති IAME Bambino Cup තරගාවලියේදී ප්‍රථම වතාවට ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලක්මාතාව වෙනුවෙන් දිනා දෙන්නට සමත් වී තිබෙනවා.

Oct 12, 2026 05:17 pm (1 months ago)
Ashanගේ පුත්‍රරත්නය UAEහිදී පෙරලිකාර ජයක් ලබයි
Photo Courtesy - Speedmania / Generative AI

ලොව පුරා සිටි දක්ෂම ළමා රියැදුරන් 13 දෙනෙකු සමඟ කරට කර සටනක නිරත වෙමින්, හත් හැවිරිදි Avish මෙහි දෙවන ස්ථානය දිනාගන්නට සමත් වී තිබෙනවා.

Time Trial 1 හිදී 3 වන ස්ථානයත්, Time Trial 2හිදී 3 වන ස්ථානයත් Time Trial 3 හිදී 1 වන ස්ථානයත් හිමිකරගනිමින් සමස්ත තරග ප්‍රතිඵලය අනුව 2 වන ස්ථානය දිනාගන්නට Avish සමත්වුණා.

ජාත්‍යන්තර තලයේදී ලක්මාතාවට කීර්තියක් අත්කර දුන් Avish පුතනුවනි, ඔබට ඉදිරියේදීත් මෙවන් දස්කම් පාන්නට හැකිවේවායි Speedmania අපි සුබ පැතුම් එක් කරමු.

Log in to like and share this story.

Comments (0)

Join the conversation. Login or Register to comment.

No approved comments yet. Be the first to comment!