Sami Pajari සිය ප්‍රථම ඓතිහාසික WRC ජය වාර්තා කරයි

ලෝක රැලි ශූරතා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, තරුණ ධාවක Sami Pajari සිය මංගල WRC ජයග්‍රහණය අත්පත් කර ගැනීමට සමත් වුණා. ඒ Rally Estonia තරඟාවලියේදී දැක්වූ සුපිරි දක්ෂතාවය හේතුවෙන්.

Jul 20, 2026 12:14 pm (2 months ago)
ToyotaWRC Sami Pajari
Sami Pajari සිය ප්‍රථම ඓතිහාසික WRC ජය වාර්තා කරයි

Photo Courtesy - Autoaction

ලෝක රැලි ශූරතා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, තරුණ ධාවක Sami Pajari සිය මංගල WRC ජයග්‍රහණය අත්පත් කර ගැනීමට සමත් වුණා. ඒ Rally Estonia තරඟාවලියේදී දැක්වූ සුපිරි දක්ෂතාවය හේතුවෙන්.

Toyota කණ්ඩායම නියෝජනය කරන මෙම 24 හැවිරිදි ෆින්ලන්ත ජාතික ධාවකයා, ඔහුගේ සහායක ධාවකයා වන Marko Salminen සමඟ එකතු වී තරඟයේ ආරම්භයේ සිට අවසානය දක්වාම පෙරමුණ රැක ගැනීමට සමත් වුණා.

ඔවුන් දෙදෙනා එක්ව තරඟ වට 18න් 12ක්ම ජයග්‍රහණය කළ අතර, ඉන් වට 9ක්ම අඛණ්ඩව ජයග්‍රහණය කිරීමට ඔවුන් දෙදෙනාට හැකිවුණා.

තරඟය අවසානයේදී තත්පර 19.5ක පැහැදිලි පරතරයක් තබා ගනිමින් Oliver Solberg දෙවන ස්ථානයට ඇද දමන්නට සමත් වුණා. පසුගිය වසරේ Estonia හි ජයග්‍රහණය ලැබූ Solberg මෙවර දැඩි උත්සාහයක නිරත වුවද Pajari ගේ වේගය අභිබවා යාමට ඔහුට හැකි වූයේ නැහැ.

තෙවන ස්ථානය සඳහා Hyundai Motorsport කණ්ඩායමේ Adrien Fourmaux සහ Thierry Neuville අතර දැඩි සටනක් පැවති අතර, අවසානයේදී Adrien Fourmaux තෙවන ස්ථානයත්, 2024 ලෝක ශූර Thierry Neuville සිව්වන ස්ථානයත් දිනා ගත්තා.

වත්මන් ලෝක ශූර Sebastien Ogier හට පස්වන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු වූ අතර, වත්මන් ශූරතා සටනේ පෙරමුණේ පසුවන Elfyn Evans හට හිමිවූයේ 6 වන ස්ථානයයි.

මෙම ජයග්‍රහණයත් සමඟ Sami Pajari මෙවර තරඟ වාරයේදී සිය ප්‍රථම WRC ජයග්‍රහණය ලැබූ දෙවන ධාවකයා බවට පත් වුණා.

මේ වන විට Pajari ලෝක ශූරතා ලකුණු සටහනේ තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර, පෙරමුණේ පසුවන Elfyn Evans ට වඩා ලකුණු 33ක් පිටුපසින් රැදී සිටිනවා.

සිය ජයග්‍රහණයෙන් පසු අදහස් දැක්වූ හැඟීම්බර වූ Pajari ප්‍රකාශ කළේ තමන් ලබාගත් ජයග්‍රහණය අදහාගත නොහැකි බවත්, Toyota Gazoo Racing කණ්ඩායම තමා කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතිවන්ත වන බවත්ය.

Comments (0)

Join the conversation. Login or Register to comment.

No approved comments yet. Be the first to comment!