කාන්තාරය හොල්ලන්න එන Toyota හයිඩ්‍රජන් බලවේගය
Dakar Rally තරඟාවලිය සඳහා සිය ප්‍රථම හයිඩ්‍රජන් Fuel Cell තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන මෝටර් රථය එක්කිරීමට Toyota සමාගම තීරණය කර තිබෙනවා.

Photo Courtesy - Toyota
ලොව අතිශය දුෂ්කරම සහ අභියෝගාත්මක මෝටර් රථ තරගාවලියක් වන Dakar Rally තරඟාවලිය සඳහා සිය ප්‍රථම හයිඩ්‍රජන් Fuel Cell තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන මෝටර් රථය එක්කිරීමට Toyota Gazoo Racing සමාගම නිල වශයෙන් තීරණය කර තිබෙනවා.
2027 වසරේ ජනවාරි 1 සිට 15 දක්වා සෞදි අරාබියේ පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට Toyota සමාගම එක් කරන්නේ DKR GR FC Hilux ලෙස නම් කළ නවතම Prototype රථයයි.
Toyota සමාගම මීට පෙර Super Taikyu තරගාවලිය සහ WRC තරග සඳහා යොදාගත් Corolla H2 හා GR Yaris H2 යන රථවල හයිඩ්‍රජන් දහනය වන අභ්‍යන්තර දහන එන්ජින් භාවිතා කළ නමුත්, මෙම DKR GR FC Hilux රථය සඳහා යොදා ගන්නේ Fuel Cell තාක්ෂණයයි.
මෙහිදී හයිඩ්‍රජන් වායුව ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කරවා විදුලිය නිපදවීම සිදු කරන අතර එම විදුලිය මගින් Electric Motor එක බලගන්වනු ලබනවා.
මෙහි දී පිටතට මුදාහැරෙන්නේ පිරිසිදු ජලය පමණක් වන අතර පරිසරයට හානිකර කාබන් ඩයොක්සයිඩ් වායුවක් පිට නොවීම මෙහි ඇති සුවිශේෂත්වයක්.
නවීන හා අත්හදා බලන තාක්ෂණයන් සඳහා වෙන්වූ විශේෂිත කාණ්ඩය යටතේ මෙම හයිඩ්‍රජන් රථය තරග වැදීමට නියමිතව තිබෙනවා.
Toyota සමාගම දැනට සාර්ථක ලෙස භාවිතා කරන සාම්ප්‍රදායික පෙට්‍රල් බලගැන්වූ DKR Hilux රථය සාමාන්‍ය Ultimate කාණ්ඩය යටතේ දිගටම තරග කිරීමට නියමිතයි.
මේ වන විටත් මෙහි FCEV බලපද්ධතිය බෙල්ජියමේදී පරීක්ෂාවට ලක් කෙරෙමින් පවතින අතර, මෝටර් රථයේ එකලස් කිරීම් අවසන් වූ පසු ඉදිරි මාස කිහිපය තුළ පරීක්ෂණ මාලාවක් සිදු කිරීමට නියමිතය.
ලොව අතිශය දුෂ්කර කාන්තාර සහ රළු මාර්ග හරහා දිවෙන Dakar Rally තරගාවලිය තුළින් ලබන අත්දැකීම් සහ තාක්ෂණික දැනුම, අනාගතයේදී සාමාන්‍ය මගී රථ, බස් රථ, ලොරි රථ, දුම්රිය මෙන්ම නෞකා සඳහාද වඩාත් සාර්ථකව හයිඩ්‍රජන් Fuel Cell තාක්ෂණය භාවිත කිරීමට යොදාගැනීම Toyota සමාගමේ ප්‍රධාන අරමුණයි.
Comments (0)
No approved comments yet. Be the first to comment!


