ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ හද බැදි NS200
දැඩි වාහන තදබදය මැදින් ගමන් කිරීමට මෙන්ම කඳුකර ප්‍රදේශවල අභියෝගාත්මක මාර්ගවල ධාවනයටත් එක සේ උචිත මෙම යතුරුපැදිය, දේශීය පාරිභෝගිකයන් අතර ඉහළම විශ්වාසයක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Photo Courtesy - Bajaj
Bajaj Pulsar NS 200 යතුරුපැදිය ශ්‍රී ලංකාවේ තරුණ පරපුර අතර ඉතාමත් ජනප්‍රිය මෙන්ම විශ්වාසනීය Sports Commuter යතුරුපැදියක් ලෙස ප්‍රචලිතව තිබෙනවා.
දැඩි වාහන තදබදය මැදින් ගමන් කිරීමට මෙන්ම කඳුකර ප්‍රදේශවල අභියෝගාත්මක මාර්ගවල ධාවනයටත් එක සේ උචිත මෙම යතුරුපැදිය, දේශීය පාරිභෝගිකයන් අතර ඉහළම විශ්වාසයක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.
මෙම යතුරුපැදියේ හදවත බඳු වන්නේ එහි අඩංගු සිලින්ඩර ධාරිතාව 199.5cc වන, liquid-cooled එන්ජිමයි. එමගින් RPM 9750 දී අශ්ව බල 24.50 ක බලයක් සහ 18.74 Nm ක ව්‍යාවර්තයක් සපයනවා.
මෙම බලගතු එන්ජිම සහ ඊට අනුකූලව නිර්මාණය කොට ඇති Speed 6 ගියර් පද්ධතිය නිසා වාහන පසුකර යාමේදී කිසිදු පැකිලීමකින් තොරව ක්ෂණික ප්‍රවේගයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.
එමෙන්ම අධික උණුසුම් කාලගුණය සහ නගරබද තදබදය හමුවේ එන්ජිම අධික ලෙස රත් වීම වළක්වා ගැනීමට එහි ඇති Liquid Cooling තාක්ෂණය ඉවහල් වනවා.
තාක්ෂණය සහ පහසුව අතින්ද Pulsar NS 200 යතුරුපැදිය සුවිශේෂී වනවා. එහි ඇති Bluetooth සම්බන්ධතාව සහිත නවීන Digital Console එක මගින් Turn-by-Turn Navigation, දුරකථන ඇමතුම් පිළිබඳ අනතුරු ඇඟවීම්, ගියර් පිහිටුම සහ තවත් දුර ධාවනය කළ හැකි ප්‍රමාණය වැනි වැදගත් තොරතුරු තිරයේ පැහැදිලිව සටහන් වනවා.
එමෙන්ම ශරීරයට සුවපහසු වන ලෙස නිර්මාණය කර ඇති Ergonomic සැලසුම නිසා කොඳු ඇටපෙළට අනවශ්‍ය පීඩනයක් එල්ල නොවන අතර, දීර්ඝ ගමන්වලදී පවා ධාවකයාට තෙහෙට්ටුවකින් තොරව ධාවනයේ යෙදීමට හැකිවනවා.
යතුරුපැදියේ ආරක්ෂාව පිළිබඳව සැලකීමේදී, Perimeter Frame එක, Dual Channel ABS තිරිංග පද්ධතිය, LED Projector lamps සහ පුළුල් Tubeless ටයර් මගින් උපරිම ස්ථායීතාවයක් සහ ආරක්ෂාවක් සපයා තිබෙනවා.
කෙසේ වෙතත්, විශේෂයෙන් මතක තබා ගත යුතු කරුණක් වන්නේ යතුරුපැදිය කෙතරම් ඉහළ තාක්ෂණික සුරක්ෂිතතාවයකින් යුක්ත වුවද, මාර්ගවල සිදුවන අනතුරුවලට යතුරුපැදියේ දෝෂ බලපානුයේ කලාතුරකිනි.
බොහෝවිට එවැනි අනතුරුවලට ප්‍රධානතම හේතුව වන්නේ ධාවකයාගේ අපරික්ෂාකාරී බව, අධික වේගය සහ මාර්ග නීති නොසලකා හැරීමයි.
එම නිසා සැමවිටම ආරක්ෂිත හිස්වැසුම් පැළඳ, වගකීම්සහගත ලෙස යතුරුපැදිය ධාවනය කිරීම ධාවනය කරන පුද්ගලයාගේ වගකීමකි
Comments (0)
No approved comments yet. Be the first to comment!


