ඩොලර් ලක්ෂ 5න් අරඹා ඩොලර් මිලියන 100ට ලගා වූ ලෝක ශූරයා
Formula 1 ලෝකය තුළ මෑත කාලයේ වඩාත්ම අවධානයට ලක්වූ මාතෘකාව වන්නේ රෙඩ්බුල් Red Bull Racing කණ්ඩායමේ Max Verstappen ගේ කොන්ත්‍රාත්තුව 2030 වසර තෙක් දිගු කිරීමයි.

2015 වසරේදී අවුරුදු 17ක නවක ක්‍රීඩකයෙකු ලෙස F1 පිටියට අවතීර්ණ වන Max, 2030 වන විට ලෝක ක්‍රීඩා ඉතිහාසයේ වැඩිම ආදායමක් ලබන ක්‍රීඩකයෙකු බවට පත්වන්නේ කෙසේද?
මෙය හුදෙක් ක්‍රීඩකයෙකුගේ වැටුප් තලය ඉහළ යාමක් පමණක් නොව, මෝටර් රථ තරඟ ලෝකයේ Human Capital Value එක තීරණය වන ආකාරය පිළිබඳ කදිම නිදසුනකි.
Red Bull සමාගමේ Junior Academy එක හරහා Max Verstappen ව F1 පිටියට හඳුන්වා දෙන විට ඔහුට ලැබුණේ ඩොලර් 500,000ක පමණ මූලික කොන්ත්‍රාත්තුවකි.
Scuderia Toro Rosso අනුග්‍රාහක කණ්ඩායම හරහා ඔහුව තරඟ බිමට යොමු කිරීම Red Bull සමාගම ගත් අවදානම් සහගත නමුත් ඉතා සැලසුම්සහගත තීරණයකි.
2016 ස්පාඤ්ඤ ග්‍රෝන් ප්‍රී තරඟයේදී Red Bull කණ්ඩායමට එකතු වූ සැණින් සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කිරීමට මැක්ස් සමත් විය.
එමගින් ඔහුගේ කොන්ත්‍රාත්තු ව්‍යුහය මූලික වේතනයක සිට ජයග්‍රහණ මත පදනම් වූ Performance Bonus දක්වා වේගයෙන් පරිවර්තනය වෙමින් වසරකට ඩොලර් මිලියන 3 දක්වා ඉහළ යන්නට විය.
Daniel Ricciardo කණ්ඩායමෙන් ඉවත් වීමත් සමඟ, Red Bull කණ්ඩායමෙහි ප්‍රධාන ධාවකයා බවට මැක්ස් පත් විය.
මේ සමඟම ඔහුගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 10 සිට 15 සීමාව දක්වා එකවරම ඉහළ යන්නට විය. මෙය Red Bull කණ්ඩායම විසින් තම අනාගත බලාපොරොත්තුව වෙනුවෙන් තැබූ පළමු දැවැන්තම මූල්‍ය පදනම විය.
2021 වසරේදී සිය ප්‍රථම ලෝක ශූරතාව දිනා ගැනීමට පෙර, Red Bull සමාගම Mercedes හෝ Ferrari කණ්ඩායම් වෙත යාම වැළැක්වීම සඳහා විශාල මුදලක් ආයෝජනය කිරීමට තීරණය කළහ.
එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ වාර්ෂික මූලික වැටුප ඩොලර් මිලියන 25 සිට 30 දක්වා වැඩි වූ අතර, එය ඔහුට පළමු ශූරතාව දිනා ගැනීමට විශාල ශක්තියක් ද විය.
2021 ශූරතාවයෙන් පසුව, Red Bull සහ Max අතර ඇති වූ කොන්ත්‍රාත්තුව මගින් ඔහුගේ මූලික වැටුප ජයග්‍රාහී ප්‍රසාද දීමනා ද ඇතුළත්ව වසරකට ඩොලර් මිලියන 50 සිට 70 දක්වා ඉහළ යන්නට විය.
මෙහිදී F1 තුළ තිබූ විශේෂිත නීතියක් Max ගේ වාසියට කැරකුණි. එනම් F1 මූල්‍ය රෙගුලාසි මගින් කණ්ඩායම් මෝටර් රථ නිෂ්පාදනයට සහ තාක්ෂණයට යෙදවිය හැකි මුදල සීමා කළද, ධාවකයින්ගේ වැටුප් මෙම සීමාවෙන් නිදහස් කර තිබීමයි.
එමගින් දැවැන්ත මූල්‍ය ශක්තියක් ඇති Red Bull සමාගමට, තාක්ෂණික සීමා මධ්‍යයේ වුවද විශිෂ්ටතම රියදුරා තමන් සතු කර ගැනීමට බාධාවක් නොවීය.
2030 දක්වා දීර්ඝ කරන ලද නවතම කොන්ත්‍රාත්තුව මගින් මැක්ස් වර්ස්ටැපන් හට වසරකට ඩොලර් මිලියන 100 සීමාව ඉක්මවා යන දැවැන්ත ආදායමක් හිමි වීමට නියමිතයි.
මෙයට යුරෝ මිලියන 92ක මූලික වැටුපක් සහ දක්ෂතා මත පදනම් වූ දීමනා ඇතුළත් වන අතර, 2015 දී ඩොලර් ලක්ෂ පහකින් ඇරඹි ඔහුගේ ආදායම 2030 වන විට 200 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් වර්ධනය වී ඇත.
Max Verstappen ගේ මෙම මූල්‍ය ගමන් මඟ පෙන්වා දෙන්නේ නූතන ක්‍රීඩා ලෝකයේ දක්ෂතාවය, තම වටිනාකම සහ තීරණාත්මක මොහොතේ ලබාගන්නා උපායමාර්ගික තීරණ මගින් පුද්ගලයකුගේ වැටුප් තලය අහස උසට ඉහළ නැංවිය හැකි ආකාරයයි.
Comments (0)
No approved comments yet. Be the first to comment!



