F1ශූරයන්ගේ මනස මෙහෙවන නිහඬ විරුවන්
Formula 1 තරගයක් ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වන්නේ වේගවත් රථයක්, හොද එන්ජිමක් සහ Aerodynamics උපක්‍රම පමණක් නොවෙයි. F1 යනු තත්පරයෙන් සියයෙන් පංගුවක තීරණ මත ජය සහ පරාජය තීරණය වන, ලෝකයේ පවතින දැඩිම මානසික පීඩනයක් සහිත ක්‍රීඩාවකි.

Formula 1 කණ්ඩායමක සිය ගණනක කාර්ය මණ්ඩලයක් සේවය කළද, සෑම F1 ධාවකයෙකු වටාම ඔවුන්ගේ උපරිමය ලබාගැනීම උදෙසා කැපවුණු කුඩා සමීප කණ්ඩායමක් සිටියි.
F1 තුළදී මෙය හඳුන්වන්නේ Driver’s Bubble ලෙසයි. මෙම ලිපය ඔස්සේ අවධානය යොමු කරන්නේ ධාවකයාගේ සාර්ථකත්වය පිටුපස සිටින නිහඬ විරුවන් පිළිබඳවයි.
මෝටර් රථ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ක්‍රීඩකයින්ගේ ශාරීරික හා මානසික කාර්යසාධනය ඉහළ නැංවීම සදහා වන ප්‍රමුඛතම ආයතනයක් වන්නේ Hintsa Performance ආයතනයයි.
එහි සේවය කරන ප්‍රමුඛ ක්‍රීඩා මනෝවෛද්‍යවරයෙකු වන Robbie Anderson විසින් F1 ධාවකයෙකුගේ මානසික එකාග්‍රතාවය පවත්වා ගන්නා ආකාරය පිලිබදව මෙලෙස පැහැදිලි කොට තිබෙනවා.
F1 ධාවකයෙකුගේ දින චර්යාව ධාවන පථයට පමණක් සීමා නොවන අතර පැය ගණනාවක් පුරා සිදුකෙරෙන Simulator පරීක්ෂණ, ඉංජිනේරුවන් සමඟ කෙරෙන තාක්ෂණික සංවාද, දැඩි ව්‍යායාම සහ ශාරීරික පුහුණු කිරීම්, මෙන්ම මාධ්‍ය හමුවීම් සහ අනුග්‍රාහක වැඩසටහන් ද ඊට ඇතුළත් වනවා.
මෙම අධික කාර්යබහුලත්වය සහ පීඩනය හමුවේ ධාවකයෙකුගේ අවධානය සහ මානසික මට්ටම ඉහළින්ම තබා ගැනීම ක්‍රීඩා මනෝවෛද්‍යවරයාගේ ප්‍රධාන වගකීමයි.
පැයට කිලෝමීටර් 350 ඉක්මවන වේගයකදී ධාවකයෙකු ලබාගන්නා එක් වැරදි තීරණයකින් මුළු තරගයම මෙන්ම ජීවිතය පවා අනතුරට ලක්වීමට ඉඩකඩක් පවතිනවා.
එබැවින් අධික මානසික පීඩනයක් සහ හෘද ස්පන්දන වේගයක් පවතින අවස්ථාවක පවා සන්සුන්ව, ක්ෂණික සහ නිවැරදි තීරණ ගැනීමට මනෝවිද්‍යාත්මක පුහුණුව උපකාරී වනවා.
Qualifying වටයකදී තත්පරයෙන් දහයෙන් පංගුවක වෙනසක් වෙනුවෙන් ධාවකයෙකුට තම උපරිම ඒකාග්‍රතාවය පවත්වා ගැනීමට සිදු වනවා.
බාහිර මාධ්‍ය පීඩනය, කණ්ඩායමේ බලාපොරොත්තු හෝ පෙර සිදු වූ වැරදි අමතක කර එම මොහොතට පමණක් අවධානය යොමු කිරීමට ක්‍රීඩා මනෝවෛද්‍යවරයන්, ධාවකයින්ට මඟ පෙන්වනු ලබනවා.
කඩාවැටීමක්, තාක්ෂණික දෝෂයක් හෝ තමන් අතින් සිදු වූ වැරද්දක් නිසා තරගයකින් පරාජය වූ විට, ඊළඟ තරගයට නැවුම් මනසකින් මුහුණ දීම F1 තරගාවලියක් පුරා ස්ථාවරව සිටීමට අත්‍යවශ්‍ය වනවා.
ඍණාත්මක සිතුවිලි පාලනය කරගනිමින් නැවත සාර්ථකත්වයට පැමිණීමට ක්‍රීඩා මනෝවෛද්‍යවරුන් විසින් රියදුරන්හට විශාල සහයක් ලබාදෙනවා.
තරග සති අන්තය පුරාම ක්‍රීඩා මනෝවෛද්‍යවරයෙකු ධාවකයා සමඟ ඉතා සමීපව කටයුතු කරන අතර ධාවන පථයට අවතීර්ණ වීමට පෙර මනස සන්සුන් කරන සහ ඒකාග්‍රතාවය වැඩි කරන Breathing Exercises සහ Visualization techniques භාවිත කිරීම එහි පළමු පියවරයි.
එමෙන්ම මාධ්‍යවේදීන්ගේ සහ ප්‍රේක්ෂකයින්ගේ අවධානයෙන් සිදුවන බලපෑම් අවම කර ගනිමින් ධාවකයා ආරක්ෂා කිරීමට මොවුන් මැදිහත් වනවා.
තරගයෙන් පසු ඇතිවන දැඩි ආතතිය හෝ කලකිරීම් පාලනය කරමින් ඉංජිනේරුවන් සමග සාකච්ඡා කිරීම සඳහා නිවැරදි මානසිකත්වයෙන් යොමු කිරීම ද මනෝ වෛද්‍යවරයා අතින් සිදුවන තවත් ප්‍රධාන කාර්යයක්.
ධාවන පථයේ ලබාගන්නා ජයග්‍රහණ පිටුපස, ධාවකයා අසලින් රැදෙමින් ඔහුගේ මානසික ඒකාග්‍රතාවය රැකදෙන ක්‍රීඩා මනෝ වෛද්‍යවරයා ඇතුළු විශේෂඥ කණ්ඩායමේ කාර්යභාරය අතිමහත් බව ඔබටත් වැටහෙන්නට ඇතියි.
Comments (0)
No approved comments yet. Be the first to comment!



