Mercedes ආධිපත්‍යයට අභියෝග කිරීමට සැරසෙන Hamilton
Formula තරග වාරයේ දෙවන භාගය ආරම්භ වීමට නියමිතව තිබියදී, Ferrari කණ්ඩායමේ සුපිරි රියදුරු Lewis Hamilton, සිය පැරණි කණ්ඩායම වූ Mercedes කණ්ඩායම සමඟ පවතින සටන පිළිබඳව සිය අදහස් දක්වා තිබෙනවා.

සිය මෝටර් රථයේ තාක්ෂණික දියුණුව සහ ඉදිරියට හඳුන්වා දීමට නියමිත නව Upgrades මඟින් Mercedes සමඟ පවතින පරතරය අඩු කර ගැනීමට හැකි වනු ඇතැයි ඔහු දැඩි විශ්වාසයකින් පසුවනවා.
2025 වසරට සාපේක්ෂව මෙවර තරග වාරයේදී Ferrari කණ්ඩායම සමඟින් Hamilton සාර්ථක අන්දමින් තරග වදින අයුරු දැකගත හැකිවුණා.
බාසිලෝනා හිදී Ferrari වෙනුවෙන් සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූ ඔහු, තවත් තරග 3 කදී ජයග්‍රාහී වේදිකාවට ගොඩවදින්නට සමත් වුණා.
මේ වන විට සෑම තරග සතිඅන්තයකදීම ප්‍රසාද ලකුණු ලබාගත් එකම ධාවකයා බවට පත්ව සිටින Hamilton, Drivers' Championship ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන්නේ Kimi Antonelli ට වඩා ලකුණු 50 ක් පිටුපසින් රැදෙමින්.
Dutch Grand Prix තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් හැමිල්ටන් මෙලෙස සදහන් කොට තිබෙනවා.
"අපි මෝටර් රථයේ සංවර්ධන කටයුතු එක්ක ඉදිරියටම යයි කියලා මම බලාපොරොත්තු වෙනවා. කණ්ඩායම ගොඩක් කැපවීමෙන් වැඩ කරනවා.සෑම කණ්ඩායමක්ම වගේම අලුත් කොටස් රථයට එකතු කරන එකේ ලොකු පීඩනයක් තියෙනවා. නමුත් අපි රථය එක්ක නිවැරදි දිශාවට ගමන් කරමින් ඉන්නවා."
" පැහැදිලිවම Mercedes තවමත් පෙරමුණේ ඉන්නවා, McLaren දැන් ඒ තත්ත්වයට ඇවිත් තියෙනවා, Red Bull රථත් ගොඩක් වේගවත්. කණ්ඩායම් හතරම ගොඩක් ළග ළග තරග වදින්නේ"
"නමුත් අපි අවධානය යොමු කරන්නේ අපේ කාර්යය උපරිමයෙන් කරන්න. දෙවන භාගයේදී අපිට ඊට වඩා හොඳින් තරග කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒක තමයි අපේ ඉලක්කය."
" Mercedes මුළු අවුරුද්ද පුරාම පෙරමුණේ හිටියා, ඒ නිසා ඒ පරතරය අඩු කරගන්න එක තමයි අපේ අභියෝගය වුණේ. හැමෝම අලුත් කොටස් එකතු කරනවා වගේම අපිත් දිගටම රථයට අලුත් කොටස් එකතු කරනවා."
"අපිට තියෙන්නේ පරතරය අඩු කරගන්න දිගටම උත්සාහ කරන එකයි. මම විශ්වාස කරනවා අපිට ඒක කරන්න පුළුවන් කියලා. මම හිතන්නේ නෑ අපි ඒගොල්ලන්ගෙන් ගොඩක් ඈතින් ඉන්නේ කියලා."
Hamilton ගේ කණ්ඩායම් සගයා වන Charles Leclerc ද සිල්වර්ස්ටෝන් දියර ජයගත් අතර Zandvoort ධාවන පථයේදී Ferrari කණ්ඩායමේ දක්ෂතා පිළිබඳව අදහස් දක්වා තිබෙනවා.
"පැහැදිලිවම Mercedes තවමත් හොද තැනක ඉන්නවා. නමුත් මේ වගේ තාක්ෂණික ධාවන පථයකදී අපි ශක්තිමත්ව ඉන්න ඕනි. ඒ එක්කම ඓතිහාසිකව බලද්දී මේක අපේ කණ්ඩායමට ටිකක් අමාරු ධාවන පථයක් වුණා. ඒ නිසා මගේ බලාපොරොත්තු දෙපැත්තකට බෙදිලා තියෙන්නේ."
"මම බලාපොරොත්තු ගැන හිතන්න වැඩි කාලයක් වැය කරන්නෙ නෑ. මේ සතිඅන්තයට උපරිමයෙන් සූදානම් වෙන්නයි මම අවධානය යොමු කළේ. අපි අපේ වැඩකටයුතු නිවැරදිව කරලා තියෙනවා."
සති කිහිපයක නිවාඩුවකට පසුව නැවත තරග බිමට පිවිසෙන Ferrari කණ්ඩායම, මෙවර තරග වාරයේ දෙවන භාගයේදී Mercedes සමඟ කරට කර තරගයක් දෙනු ඇතැයි විචාරකයන් ද පෙන්වා දෙනවා.
Comments (0)
No approved comments yet. Be the first to comment!



