Max රජ කරවූ Marko ගේ ගිවිසුම
ගෙවෙන දශකය තුළ Formula 1 ලෝකය තුළ සිය ආධිපත්‍යය පැතිරවීමට ලෝක ශූර Max Verstappen සමත්කම් දක්වනවා. Red Bull කණ්ඩායම සමඟින් තරග බිම අතික්‍රමණය කරන Max ගේ සාර්ථකත්වය පිටුපස ඇත්තේ හුදෙක් ඔහුගේ දක්ෂතාවය පමණක් නොවෙයි.

F1 ඉතිහාසයම වෙනස් කළ එක් තීරණාත්මක සාකච්ඡාවක් සහ නිර්භීත යෝජනාවක් ද ඊට හේතු පාදක වී තිබෙනවා.
2014 වසර වන විට, යුරෝපීය Formula 3 තරගාවලියේදී වයස අවුරුදු 16ක් වූ යොවුන් කොලුගැටයෙකු පෙන්වූ දස්කම් කෙරෙහි දැඩි කතාබහක් නිර්මාණය වුණා.
Formula 1 ලෝකයේ ප්‍රමුඛතම කණ්ඩායම් දෙකක් වන Mercedes සහ Red Bull කණ්ඩායම් අතර මෙම කොලුගැයටයා සිය කණ්ඩායමට එකතු කරගැනීමට දැවැන්ත තරගයක් නිර්මාණය වුණා.
Mercedes කණ්ඩායමේ ප්‍රධානී Toto Wolff ද Max ව සිය කනිෂ්ඨ ධාවක වැඩසටහනට එක් කරගැනීමේ අවශ්‍යතාව මතු වී තිබුණා.
නමුත් එකල Mercedes කණ්ඩායමේ ප්‍රධාන ධාවකයින් ලෙස Hamilton සහ Rosberg සිටි බැවින්, Verstappen හට එකවරම F1 තරගාවලියට පිවිසීමේ අවස්ථාවක් ලබා දීමට නොහැකි වුණා.
ඔවුන්ගේ යෝජනාව බවට පත් වූයේ එකල GP2 තරගාවලිය, එනම් වත්මන් Formula 2 තරගාවලියේ වසරක් ක්‍රීඩා කර, පසුව F1 වෙත පැමිණීමේ මන්දගාමී මාවතයි.
Red Bull කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ උපදේශක සහ තරුණ ධාවකයින් සෙවීමේ ප්‍රධානී Dr. Helmut Marko මෙම අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගන්නට සමත් වුණා
අන් සියලු කණ්ඩායම් Verstappen යනු තවත් එක බලාපොරොත්තු තැබිය හැකි තරුණයෙකු ලෙස දකිද්දී, Marko විසින් Max තුළ සිටි අනාගත ලෝක ශූරයාව පැහැදිලිවම හඳුනාගන්නට සමත් වුණා.
Marko සහ Max ගේ පියා වන Jos Verstappen හමු වී තැබූ යෝජනාව මුළු Formula 1 ලෝකයම මවිතයට පත් කරන්නට වුණා.
"අප සමග එක්වන්න. ලබන වසරේදී කෙලින්ම අපගේ අනෙක් කණ්ඩායම වන Toro Rosso හරහා Formula 1 තරග බිමට අවතීර්ණ වීමට මම ඔබට අවස්ථාව ලබා දෙනවා." යනුවෙන් Marko විසින් Max වෙත යෝජනා කොට තිබෙනවා.
වයස අවුරුදු 17ක, F2 තරගාවලියේ පවා ධාවනය නොකළ තරුණ රියදුරෙකුට, කෙලින්ම F1 අසුනක් ලබා දීම එකල දැවැන්ත අවදානමක් ලෙස සලකණු ලැබුවා.
නමුත් Marko ගේ මෙම නිර්භීත යෝජනාව හමුවේ Mercedes කණ්ඩායමට පසුබැසීමට සිදු වුණා.
Helmut Markoගේ විශ්වාසය නිවැරදි බව පසක් කරමින්, 2015 වසරේදී වයස අවුරුදු 17යි දින 166කදී F1 ඉතිහාසයේ ලාබාලතම ධාවකයා ලෙසින් Max තරග බිමට අවතීර්ණ වුණා.
2016 වසරේදී ඔහුට Red Bull ප්‍රධාන කණ්ඩායමට උසස් වීමක් ලැබෙද්දී, ස්පාඤ්ඤ ග්‍රෝන් ප්‍රී තරගය ජයගනිමින් F1 ඉතිහාසයේ ලාබාලතම ග්‍රෝන් ප්‍රී ජයග්‍රාහකයා ලෙසින් කිරුලු දරන්නට Max Verstappen සමත් වුණා.
යම් හෙයකින් Helmet Marko එදා එම නිර්භීත යෝජනාව නොකළේ නම් සහ Max, Mercedes කණ්ඩායම තෝරාගත්තේ නම් F1 ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් වීමට තිබුණා.
2021 වසරේදී Hamilton සහ Verstappen අතර පැවැති සුපිරි ශූරතාවලී සටන වෙනුවට ඔවුන් එකම කණ්ඩායමක සිට සටන් වදින්නට ද ඉඩ තිබුණා.
නමුත් Helmet Markoගේ ඒ අසමසම තීරණය හේතුවෙන් Max Verstappen අද වන විට ලෝක ශූරයෙකු ලෙස Red Bull කණ්ඩායමේ නව යුගයක් නිර්මාණය කර තිබෙනවා.
එදා Max Verstappen, Mercedes කණ්ඩායම සමගින් එක් වූයේ නම් ඔහු මේ වන විට ශූරතා හතරට වඩා වැඩියෙන් ජයගනු ඇතැයි ඔබ සිතනවාද ?
Comments (0)
No approved comments yet. Be the first to comment!



