Maxගෙන් ඉගෙන ගන්න

Racing Bulls කණ්ඩායමේ ප්‍රධානී Alan Permane විසින් සිය කණ්ඩායමේ යොවුන් ධාවකයන් වන Liam Lawson සහ Arvid Lindblad වෙත විශේෂ උපදෙසක් ලබා දී තිබෙනවා.

Aug 1, 2026 10:00 pm (2 days ago)
F1Max Verstappen Red Bull
Maxගෙන් ඉගෙන ගන්න

Photo Courtesy - F1

Racing Bulls කණ්ඩායමේ ප්‍රධානී Alan Permane විසින් සිය කණ්ඩායමේ යොවුන් ධාවකයන් වන Liam Lawson සහ Arvid Lindblad වෙත විශේෂ උපදෙසක් ලබා දී තිබෙනවා.

Racing Bulls කණ්ඩායමේ ප්‍රධානී Alan Permane විසින් සිය කණ්ඩායමේ යොවුන් ධාවකයන් වන Liam Lawson සහ Arvid Lindblad වෙත විශේෂ උපදෙසක් ලබා දී තිබෙනවා.

සිව්වර ලෝක ශූර Max Verstappen තරඟ අතරතුර සිය කණ්ඩායම සමඟ පවත්වන රේඩියෝ සංවාදවලට සවන්දෙන ලෙස ඔහු උපදෙස් ලබාදී තිබෙනවා.

2026 F1 තරඟ වාරයේ සිටින කණ්ඩායම් අතරින් අඩුම අත්දැකීම් සහිත ධාවකයන් යුගලයක් තරග වදින්නේ Racing Bulls කණ්ඩායමටයි.

24 හැවිරිදි Liam Lawson සහ 18 හැවිරිදි Arvid Lindblad යන දෙදෙනාටම Formula 1 තරඟාවලි පිළිබඳ තවමත් ඇත්තේ සීමිත අත්දැකීම් ප්‍රමාණයකි.

මේ හේතුවෙන් ඔවුන්ගේ දක්ෂතා තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා Red Bull කණ්ඩායමේ සුපිරි ධාවක Max Verstappen ආදර්ශයට ගන්නා ලෙස කණ්ඩායම් ප්‍රධානියා පවසා තිබෙනවා.

"අපි දැනට GPS දත්ත භාවිතා කරනවා වගේම Max ගේ රේඩියෝ සංවාදවලටත් සවන්දෙනවා. මම සෑම විටම අපේ තරුණ ධාවකයන්ට කියන්නේ, Max කතා කරන විදිහ අහන්න, ඔහු කොච්චර නිශ්ශබ්දව සහ සන්සුන්ව කතා කරනවද බලන්න. ඒ වගේම ඔහු ලබාදෙන තාක්ෂණික තොරතුරු කොයි තරම් නිවැරදිද කියලා අවධානය යොමු කරන්න කියලයි."

තවද, Max ගේ ධාවන වේගය මෙන්ම ඔහු රථය ඇතුළත සහ පිටතදී කටයුතු කරන ආකාරය නවක ධාවකයන්ට හොඳම මාර්ගෝපදේශයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කොට තිබෙනවා.

Formula 1 තරඟාවලියේ සියලුම කණ්ඩායම් අතර මූලික දත්ත හුවමාරු වන බැවින්, අනෙකුත් ධාවකයන්ගේ තාක්ෂණික දත්ත පිළිබඳවද තමන් නිරන්තරයෙන් අධ්‍යයනය කරන බව Liam Lawson ද තහවුරු කර තිබෙනවා.

මෙම තරඟ වාරයේදී Racing Bulls කණ්ඩායමේ ධාවකයන් දෙදෙනාම එකිනෙකාට කරට කර තරඟකාරීත්වයක් පෙන්නුම් කරන අතර, ඔවුන් දෙදෙනාගේම දක්ෂතා ඉදිරියට ගෙන යාමට Verstappen ගේ මෙම අත්දැකීම් උපකාරී වනු ඇති බවට කණ්ඩායම් කළමනාකාරීත්වය විශ්වාසය පළ කරනවා.

Comments (0)

Join the conversation. Login or Register to comment.

No approved comments yet. Be the first to comment!