Würth Lanka, ශ්‍රී ලංකා යතුරුපැදිය සම්මේලනය සමගින් අත්වැල් බැදගනී.

ජර්මානු තාක්ෂණයේ විශිෂ්ටත්වයෙන් සහ ගුණාත්මකභාවයෙන් යුතු, ශ්‍රී ලංකාවේ වාහන නඩත්තු සහ උපාංග ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Würth Lanka ආයතනය, ශ්‍රී ලංකා යතුරුපැදි සම්මේලනය සමගින් අත්වැල් බැඳගැනීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා යතුරුපැදි සම්මේලනයේ ඉතිහාසයේ මෙවැනි ප්‍රමුඛ පෙළේ ආයතනයක් සමඟ සහයෝගීතාවයකට එළඹි පළමු අවස්ථාව මෙය වන අතර, දේශීය යතුරුපැදි ක්‍රීඩාව තවදුරටත් වෘත්තීය මට්ටමින් පුළුල් කිරීම සහ දේශීය ධාවකයින් දිරිගැන්වීම මෙම හවුල්කාරිත්වයේ ප්‍රධාන අරමුණයි.
1998 වසරේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය සහ නීතිරීතිවලට යටත්ව ආරම්භ වූ Würth Lanka ආයතනය, ජර්මනියේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Würth International AG හි 100% ක පූර්ණ අයිතිය සහිත ශාඛාවකි.
වාහන නඩත්තු අංශයෙන් සිය ව්‍යාපාරික ගමන ඇරඹූ Würth Lanka ආයතනය, අද වන විට දේශීය වෙළඳපොළ තුළ නොමැකෙන නාමයක් බවට පත්ව තිබෙනවා.
උසස් තත්ත්වයේ Tools, Fasteners, නඩත්තු කටයුතු සදහා වන රසායන ද්‍රව්‍ය සහ ආරක්ෂක උපකරණ සැපයීම Würth Lanka ආයතනය මගින් සැපයීම සිදුකරනු ලබනවා.
වාහන ක්ෂේත්‍රයට අමතරව ගොඩනැගිලි ඉදිකිරීම්, වෙළඳ උපකරණ, ලෝහ සහ නඩත්තු ක්ෂේත්‍රයන් දක්වා සාර්ථකව සිය ව්‍යාපාරික ජාලය ව්‍යාප්ත කිරීමට Würth Lanka ආයතනය සමත්ව තිබෙනවා.
මෙම අවස්ථාව වෙනුවෙන් එක්වූ Würth Lanka ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ සුරංග කැකුලුවලගේ මහතා මෙලෙස අදහස් පළකොට තිබෙනවා.
" ලංකාවේ රේසින් තවම ජාත්‍යන්තර තලයේ නෑ. හැබැයි අපි ලංකාවෙන් හොද රියදුරන්/ධාවකයන් බිහිකරලා තිබෙනවා. අපි අද මේ වගේ පන්නරයක් ගත්තොත්, මේ කරන දේවල් එක්ක තව අවුරුදු 5කින් 10කින් අපිට හොද රියදුරන්/ධාවකයන් ප්‍රජාවක් හදන්න පුලුවන් වෙයි".
" ලංකාවේ රේසින් කියන්නේ අතින් වියදම් කරන් කරන දෙයක්. ජයග්‍රහණය කරා කියලා ලොකු මුදලක් ලැබෙන්නෙ නෑ. ඉතින් අපි හිතුවා ඉහළ මට්ටමේ රියදුරන්/ධාවකයන් එක්ක පාට්නර්ෂිප් එකක් පටන් ගන්න. අපි මේ දේ කිරීම තුලින් තවත් වෙළද සන්නාම මොවුන්ට අනුග්‍රහය දක්වන්න ඉදිරියට ඇවිත් තියෙනවා. ඇත්තටම ඒ පිලිබදව සතුටුයි."
යතුරුපැදි ක්‍රීඩාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ පවතින එකම ක්‍රීඩා පරිපාලන ආයතනය වන ශ්‍රී ලංකා යතුරුපැදි සම්මේලනයේ සභාපති සුදත් වීරසිංහ මහතා Speedmania වෙත සදහන් කොට සිටියේ Würth Lanka ආයතනය පිළිබද මනා අධ්‍යයනයකින් පසුව, හොද පිළිගත් ආයතනයක් බැවින් ඔවුන් සමගින් වසරක ගිවිසුමක් සදහා එළඹි බවයි.
Comments (0)
No approved comments yet. Be the first to comment!