ටෝකියෝවේදී Porsche පිට පිට දෙවන වරටත් ශූරතාව දිනයි

Jul 28, 2026 10:20 pm (6 days ago)
Formula EPorsche
ටෝකියෝවේදී Porsche පිට පිට දෙවන වරටත් ශූරතාව දිනයි

Photo Courtesy - FIA Formula E

ජපානයේ ටෝකියෝ නුවර පැවැති ABB FIA Formula E ලෝක ශූරතාවලියේ උණුසුම් තරග අදියරෙන් පසුව, පිට පිට දෙවන වරටත් නිෂ්පාදකයින්ගේ ලෝක ශූරතාව තම නමට සතු කර ගැනීමට Porsche කණ්ඩායම සමත් වී තිබෙනවා.

තරගාවලිය නිමා වීමට තවත් එක තරග අදියරක් ඉතිරිව තිබියදී, ප්‍රධාන තරගකරුවා වන Jaguar කණ්ඩායමට වඩා ප්‍රසාද ලකුණු 90 ක පැහැදිලි පෙරමුණක් ගනිමින් Porsche සමාගම මෙම කිරුළ තහවුරු කර ගන්නට සමත් වුණා.

සෙනසුරාදා පැවැති පළමු තරගය පුරා වර්ෂාවෙන් බාධා එල්ල වීමේ අවදානමක් පැවති අතර, එහිදී Porsche එන්ජින් මගින් බලගැන්වුණු මෝටර් රථ පළමු සහ දෙවන ස්ථාන දිනා ගැනීම කැපී පෙණුනා.

Cupra Kiro කණ්ඩායමේ Dan Ticktum ප්‍රථම ස්ථානය දිනාගත් අතර, Andretti කණ්ඩායමේ Jake Dennis දෙවන ස්ථානය දිනාගන්නට සමත් වුණා.

තරගයේ වැඩි වේලාවක් Dennis පෙරමුණේ පසුවුවද, අවසාන වටයේදී ඔහුගේ රථයේ ඇති වූ ක්ෂණික විදුලි බල විසන්ධි වීම ප්‍රයෝජනයට ගත් Ticktum, 16 වන වංගුවේදී Dennis පසුකර යමින් සිය දෙවන Formula E ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.

Porsche නිල කණ්ඩායමේ Pascal Wehrleinට 7 වන වංගුවේදී සිදු වූ අනතුරකින් රථයේ Front wing එකට හානි සිදු වීම නිසා තරගයෙන් ඉවත් වීමට සිදු වුණා.

එමෙන්ම සුදුසුකම් ලැබීමේ වටයේදී අනතුරකට ලක්වූ Nico Müller ගේ රථය කාර්මික ශිල්පීන් විසින් තරගයට තත්පර 95 කට පෙර අලුත්වැඩියා කර දුන්නද, තරගයේ පළමු වටයේදීම නැවතත් අනතුරකට මුහුණ දීමට ඔහුට සිදු වුණා.

ඉරිදා පැවැති දෙවන තරගයද වැසි සහිත කාලගුණික තත්ත්වයක් යටතේ ආරම්භ වූ අතර, තරගය අවසාන භාගයේදී ධාවන පථය වියළී යාමත් සමග තරගකරුවන්ගේ ටයර් උපායමාර්ගය තීරණාත්මක වුණා

Attack Mode තාක්ෂණය නිවැරදිව භාවිත කරමින් ඉදිරියට ආ Jake Dennis තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර, ඒ සමගම ධාවකයින්ගේ ශූරතාවලියේ පෙරමුණ ගැනීමටද ඔහුට හැකි වුණා.

Formula E 12 වන අදියරේ අවසන් තීරණාත්මක තරග ද්විත්වය අගෝස්තු 15 සහ 16 යන දිනවල ලන්ඩන් නුවර ExCel හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ධාවකයින්ගේ ශූරතාව සඳහා මුල් පෙළ ධාවකයින් තිදෙනා අතර ඇත්තේ ලකුණු 5 ක සුළු පරතරයක් වන අතර, කණ්ඩායම් ශූරතාව සඳහා Jaguar TCS Racing සහ Porsche Formula E Team අතර ඇත්තේ ලකුණු 16ක පරතරයකි.

එම නිසා ලන්ඩන් හි පැවැත්වෙන අවසන් තරග වටය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි විචාරකයන් ද සදහන් කොට තිබෙනවා.

Comments (0)

Join the conversation. Login or Register to comment.

No approved comments yet. Be the first to comment!

RELATED ARTICLES

Carlos Sainz's first laps of the Madrid | New Spanish GP track
F1 News
Carlos Sainz's first laps of the Madrid | New Spanish GP track
10 iconic races from Max Verstappen's 10 years at Red Bull
F1 News
10 iconic races from Max Verstappen's 10 years at Red Bull
GianPiero Lambiase & Max Verstappen’s most iconic radio moments
F1 News
GianPiero Lambiase & Max Verstappen’s most iconic radio moments
Ocon and Bearman react to iconic F1 moments and personal highlights
F1 News
Ocon and Bearman react to iconic F1 moments and personal highlights