F1 රසිකයන් මවිත කරන 2028 තත්පර 4 විප්ලවය!
2027 වසරේ සිට Formula 1 මෝටර් රථ වල බලය බෙදී යාමේ වෙනසක් සිදුවන බව ඊයේ දිනයේදී අප ලිපියක් මගින් තොරතුරු ගෙන ඒමට කටයුතු කළා.

වර්තමානයේ ක්‍රියාත්මක අභ්‍යන්තර දහන එන්ජිම සහ බැටරි බලය පවතින 53: 47 අනුපාතය සඳහා 2027 සහ 2028 වසරවලදී වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව 2027 වසරේදී එන්ජින් සහ බැටරි බලය අතර අනුපාතය 58: 42 දක්වා ද 2028 වසරේදී එය අවසන් ඉලක්කය වන 60:40 අනුපාතය දක්වා ද වෙනස් කිරීමට නියමිතයි.
ඉහත කී සංශෝධන හරහා බැටරියෙන් උපරිම ලබාදෙන ක්ෂණික බලය කිලෝවොට් 350 සිට 300 දක්වා අඩු කෙරෙන අතර, ඒ වෙනුවට ඉන්ධන ගලායාමේ වේගය 2027 දී 5% කිනුත්, 2028 දී 13% කිනුත් වැඩි කිරීමට නියමිතව තිබෙනවා.
ධාවන පථයේදී බැටරිය සම්පූර්ණයෙන්ම හිස්වීම වැළැක්වීම සඳහා තිරිංග තද කිරීමේදී ශක්තිය නැවත ලබාගැනීමේ ධාරිතාව සහ බැටරි ධාරිතාව ද ඉහළ නංවා තිබෙනවා:
ශක්තිය නැවත් ලබාගැනීම සදහා වර්තමානයේ පවතින 350kW සීමාව 2027 දී 375kW දක්වාද 2028 වසරේදී 400kW දක්වාත් ඉහළ නැංවීමට තීරණය වී තිබෙනවා.
වත්මන් Formula 1 මෝටර් රථයක භාවිත කෙරෙන4MJ බැටරි ධාරිතාවය 2027 වසරේදී 4.5MJ දක්වාත්, 2028 වසරේදී 5MJ දක්වාත් වර්ධනය කිරීමට සැලසුම් කොට තිබෙනවා.
මෙමගින් රියදුරන්ට ඍජු ධාවන පථවලදී තම උපරිම වේගය වැඩි වේලාවක් රඳවා තබා ගැනීමට අවස්ථාව ලැබෙන අතර, එන්ජිමේ උපරිම ධාරිතාවයෙන් ධාවනය කිරීමට ද අවස්ථාව හිමිවනවා.
මෙම පියවර ආදර්ශනය කරමින් ලබා ගත් Simulation දත්ත වලට අනුව 2028 වසර වන විට F1 මෝටර් රථ වත්මන් රථවලට වඩා තත්පර 3 සිට 4 දක්වා කාලයකින් වේගවත් වන බව අණාවරණය වී තිබෙනවා.
කණ්ඩායම් විසින් සිදුකරන ලද Simulations වලට අනුව, විවිධ ශක්ති මට්ටම් භාවිත වන ධාවන පථ ත්‍රිත්වයක දත්ත මෙලෙස විශ්ලේෂණය කළ හැකිය.
මෙල්බන් හි Albert Park වැනි අඩු ශක්ති මට්ටම් සහිත ධාවන පථ වල වංගු අධික නිසා බැටරි බලය කළමනාකරණය අපහසු වනවා. නමුත් 2028 වෙනස්කම් සමග එහි 9 වැනි වංගුව වැනි ස්ථානවල පැවති වේගය අඩුවීමේ ගැටලුව සම්පූර්ණයෙන් මඟහැරී යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා
Barcelona වැනි මධ්‍යම ශක්ති මට්ටම් සහිත ධාවන පථ වල Aerodynamics සහ එන්ජින් බලය යන දෙකෙහිම එකතුවෙන් වටයක කාලය තත්පර 3 කට වඩා අඩු කරගත හැකිබව අනාවරණය වී තිබෙනවා.
Shanghai වැනි ඉහළ ශක්ති මට්ටම් සහිත ධාවන පථ වල පවතින දිගු ඍජු මාවත් හේතුවෙන් එහිදී වටයක් සදහා තත්පර 4ක පමණ කාලයක් අඩුවන බව දත්ත අනුව පෙනී යනවා.
ඒ අනුව 2028 වසරේ නිෂ්පාදනය වීමට නියමිත මෝටර් රථ, ඉතිහාසයේ බිහිවූ වේගවත්ම මෝටර් රථ බවට පත්වීමේ හැකියාවක් පවතින බව විශ්වාස කෙරෙනවා.
මෙම සමස්ත ක්‍රියාවලිය දෙස බැලීමේදී පැහැදිලි වන්නේ Formula 1 බලධාරීන් 2026 දී සිදුකළ මූලික වැරදි වටහාගෙන ඇති බවයි.
FIA ආයතනය විසින් ආරක්ෂක හේතුන් මත Downforce නීති මාලාවන් සීමා නොකළහොත්, 2028 වසර යනු F1 ඉතිහාසයේ සර්වකාලීන වේග වාර්තා බිඳවැටෙන වසරක් වනු නොඅනුමානය.
Comments (0)
No approved comments yet. Be the first to comment!