Green Hell අත්දැකීම් සාමාන්‍ය පාරට ගෙනා ජපන් යක්ෂයා

Jun 3, 2026 07:26 pm (2 months ago)
Green Hell අත්දැකීම් සාමාන්‍ය පාරට ගෙනා ජපන් යක්ෂයා

Toyota සමාගමේ GAZOO Racing අංශය හඳුන්වා දුන් GR Corolla රථය මෝටර් රථ ලෝකය තුළ පෙරළියක් සිදුකරන්නට සමත් වුණා.

නමුත් GAZOO Racing ඉංජිනේරුවන් ඉන් නොනැවතී ජර්මනියේ සුප්‍රසිද්ධ Nürburgring ධාවන පථය සහ ජපානයේ Super Taikyu රේසිං තරගාවලිය හරහා ලබාගත් අත්දැකීම් ද උපයෝගී කරගනිමින් නවතම මෝටර් රථයක් හඳුන්වා දී තිබෙනවා.

GRMN Corolla නමින් හැඳින්වෙන එම රථයෙහි GRMN යන කෙටි නාමයෙන් Gazoo Racing tuned by the Master of Nürburgring යන්න අදහස් කොට තිබෙනවා .

සැබෑ ධාවන පථයක අත්දැකීම සාමාන්‍ය මාර්ගයට රැගෙන ඒමට නිර්මාණය කරන ලද මේ සුපිරි මෝටර් රථයේ තාක්ෂණික රහස් පිලිබදවයි මෙම ලිපියෙන් අවදානය යොමු වන්නේ.

සාමාන්‍ය GR Corolla රථයට වඩා මෙම රථය කිලෝග්‍රෑම් 30 ක අඩු බරකින් නිර්මාණය කොට තිබෙනවා.

මෙම මෝටර් රථයේ පසුපස අසුන් සම්පූර්ණයෙන්ම ඉවත් කර, මෙය සැබෑ 2-seater රථයක් බවට පත් කිරීමෙන් මෙහි බර අඩුකරගැනීමට ඔවුන්ට හැකිවී තිබෙනවා.

මීට අමතරව මෝටර් රථයේ එකේ Hood එක, ඉදිරිපස Fenders, Spoilers සහ පසුපස Wing එක සඳහා බරින් අඩු ඉතා ශක්තිමත් Carbon Fiber Reinforced ද්‍රව්‍යය භාවිතා කොට තිබෙනවා.


මේවා ටොයෝටා සමාගමේ සුප්‍රසිද්ධ Motomachi කර්මාන්තශාලාවේ විශේෂ කාබන් අංශයෙන් නිපදවා තිබීම මෙහිදී සුවිශේෂී වනවා.

මෝටර් රථයේ ශක්තිමත්භාවය වැඩි කිරීම වෙනුවන් සාමාන්‍ය GR Corolla රථයට වඩා තවත් මීටර් 13.9 ක විශේෂිත ඇලවුම් ද්‍රව්‍ය එක් කොට තිබෙනවා. ඒ අනුව සමස්ත Chassis එක වෙනුවෙන් මීටර් 32.7 ක ඇලවුම් ද්‍රව්‍ය ප්‍රමාණයක් භාවිතා කොට තිබෙනවා.

GRMN Corolla රථයේ භාවිතා වන්නේද ලොව බලසම්පන්නම සිලින්ඩර 3 එන්ජිමක් වන 1.6L G16E-GTS Turbo එන්ජිමයි. නමුත් මෙහි Torque එක 415 Nm වැනි ඉහළ අගයක් දක්වා වැඩි කොට තිබෙනවා. එය ඉහත කී සාමාන්‍ය එන්ජිමකට සාපේක්ෂව 15 Nm ක වැඩි Torque එකක්.

විශේෂයෙන්ම ධාවන පථයකදී උපරිම වේගයකට ළඟා වීම සදහා 3,600 RPM සිට 4,800 RPM දක්වා මැද පරාසයේදී උපරිම කාර්යක්ෂමතාවක් ලැබෙන අයුරින් එන්ජිම Tune කොට තිබෙනවා.

අඛණ්ඩ ධාවනයක යෙදෙන විට එන්ජිම රත් වීම පාලනය කිරීමට විශේෂ තාක්ෂණයන් දෙකක් මෙහි භාවිතා කොට තිබෙනවා.

එන්ජිමට ඇතුළු වන වාතයේ උෂ්ණත්වය අඩු කිරීම වෙනුවන් නිර්මාණය කළ Cool-air duct එකක් සහ Intercooler සිසිල් කිරීම වෙනුවන් නිර්මාණය කළ වතුර විදින Intercooler Spray පද්ධතියක් මෙහි ඇතුළත්.

වේගයෙන් වංගු ගන්නා විට Downforce නිවැරදිව පාලනය කිරීමට මෙහි ඇති පසුපස Wing එක පියවර 5 කින් වෙනස් කළ හැකි වන ලෙස නිර්මාණය කොට තිබෙනවා.

මෙය අංශක 1 බැගින් ඉතා සියුම් අයුරින් ධාවන පථයේ ස්වභාවය අනුව සකසා ගත හැකිවීම මෙහි ඇති විශේෂත්වයක්.

මෝටර් රථයේ Suspension පද්ධතිය සම්පූර්ණයෙන්ම මෝටර් රේසින් තරග සඳහා සුදුසු වන අයුරින් වෙනස් කොට තිබෙනවා.

ඉදිරිපස සඳහා Inverted monotube shock absorbers සහ පසුපස සඳහා Upright monotube shock absorbers මෙහිදී භාවිතා කොට තිබෙනවා.

ධාවන පථයේ ඇති ඉතා තියුණු වංගු සහ බැසීම් වලදී සුක්කානම පාලනය අපහසු නොවීම වෙනුවෙන් Electric Power Steering පද්ධතිය අලුතින්ම යළි ක්‍රමංකනය කොට තිබෙනවා.

ඉහත කී සියල්ලම මාර්ගය හා සම්බන්ධ කොට ඇත්තේද සුප්‍රසිද්ධ Michelin Pilot Sport Cup 2 ටයර් යුගලයකින්.

තවද රේසිං ධාවකයෙකුටම ගැළපෙන Cockpit එකකින් මෙය සමන්විත වනවා. රථයේ ඇතුළත දෙස බැලූ විට මෙය සාමාන්‍ය මාර්ගයක ධාවනය වන මෝටර් රථයක් මෙන් නොව රේසින් මෝටර් රථයක් යන හැඟීම උපදවනවා

මෙම සුපිරි GRMN Corolla රථය ඉතාමත් සීමිත සංඛ්‍යාවක් පමණක් නිපදවීමට ටොයෝටා සමාගම දැනට තීරණය කොට තිබෙනවා.

මෙය ප්‍රධාන වශයෙන්ම ජපානය, උතුරු ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව සඳහා පමණක් නිකුත් කිරීම ඔවුන්ගේ ඉලක්කය වී තිබෙනවා.

ජපානයේ සිටින පාරිභෝගිකයන්ට මෙය ඇණවුම් කිරීමේ අවස්ථාව සරත් සෘතුවේදී GR App එක හරහා හිමි වන අතර, වාහන බෙදාහැරීම 2027 වසරේදී ආරම්භ වීමට නියමිතයි.

Comments (0)

Join the conversation. Login or Register to comment.

No approved comments yet. Be the first to comment!

RELATED ARTICLES

Carlos Sainz's first laps of the Madrid | New Spanish GP track
F1 News
Carlos Sainz's first laps of the Madrid | New Spanish GP track
10 iconic races from Max Verstappen's 10 years at Red Bull
F1 News
10 iconic races from Max Verstappen's 10 years at Red Bull
GianPiero Lambiase & Max Verstappen’s most iconic radio moments
F1 News
GianPiero Lambiase & Max Verstappen’s most iconic radio moments
Ocon and Bearman react to iconic F1 moments and personal highlights
F1 News
Ocon and Bearman react to iconic F1 moments and personal highlights