Silverstone හිදී Yevan ට ලැබුණු රන්මය අවස්ථාව
Yevan ට සෙනසුරාදා පැවැත්වෙන Sprint Race එකෙහි ඉදිරිපෙළින්ම, එනම් 2 වැනි ස්ථානයෙන් තරගය ආරම්භ කිරීමේ අවස්ථාව හිමි වනවා.

Photo Courtesy - Yevan David_Fb
Formula 3 තරග සති අන්තයක සෙනසුරාදා පැවැත්වෙන Sprint Race එක දෙස බලන ආධුනික රසිකයෙකුට එක් විශේෂත්වයක් දැකගත හැකි වනවා.
එනම්, සිකුරාදා පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ වටයේ වේගවත්ම කාලය සටහන් කළ රියදුරා ඉදිරියෙන්ම තරගය ආරම්භ නොකර, මැදපෙළින් තරගය ආරම්භ කිරීමයි.
මෙය Reversed Grid ලෙස හදුන්වනවා. මෙය Silverstone ධාවන පථයට පමණක් සීමා වූවක් නොව, සමස්ත F3 තරගාවලියේම පොදු රීතියකි.
F3 තරගාවලියේදී සිකුරාදා දිනයේ විනාඩි 30ක එක් Qualifying වටයක් පමණක් පැවැත්වෙන අතර, එහි ප්‍රතිඵල මත ඉරිදා පැවැත්වෙන ප්‍රධාන තරගයේ ආරම්භක ස්ථාන තීරණය වනවා.
නමුත් සෙනසුරාදා Sprint තරගයේදී ක්‍රියාත්මක වන Reversed Grid රීතියට අනුව, සිකුරාදා Qualifying වටයේ පළමු ස්ථාන 12 ලබාගත් රියදුරන්ගේ ස්ථාන Reverse කරනු ලබනවා.
උදාහරණයක් ලෙස, Qualifying වටයේ 12 වැනි ස්ථානය ලබාගත් රියදුරාට සෙනසුරාදා Sprint තරගයේ Pole Position හිමිවන අතර, 1 වැනි ස්ථානය දිනාගත් වේගවත්ම රියදුරාට තරගය ආරම්භ කිරීමට සිදුවන්නේ 12 වැනි ස්ථානයෙනි.
ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනය විසින් F3 වැනි කනිෂ්ඨ තරගාවලියක් සඳහා මෙම උපක්‍රමය භාවිතා කරන්නේ ප්‍රධාන හේතු කිහිපයක් නිසායි.
වේගවත්ම රියදුරන්ට මැදපෙළ සිට ඉදිරියට ඒමට සටන් කිරීමට සිදුවීමෙන් ඔවුන්ගේ Overtaking සහ ටයර් කළමනාකරණ හැකියාවන් වර්ධනය වනවා.
එමෙන්ම Qualifying වටයේ P8 සිට P12 වැනි ස්ථාන ලබාගන්නා මැදපෙළ තරුණ රියදුරන්ට තරගයක් ඉදිරියෙන්ම ආරම්භ කර එහි පීඩනය දරාගනිමින් Podium ස්ථානයක් කරා යාමට අවස්ථාවක් ලබාදීම මෙහි තවත් අරමුණක්.
මෙම සුවිශේෂී රීතිය මෙවර Silverstone සති අන්තයේදී ශ්‍රී ලංකාවේ අපට වඩාත්ම වැදගත් වන්නේ, FIA Formula 3 තරගාවලිය නියෝජනය කරන Yevan David අද දින තරග බිමට අවතීර්ණ වන නිසාවෙන්.
AIX Racing කණ්ඩායම නියෝජනය කරන යෙවන්, සිකුරාදා Qualifying වටයේදී විශිෂ්ට ධාවනයක නිරත වෙමින් 11 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.
මෙම Reversed Grid රීතියට අනුව පළමු ස්ථාන 12 උඩුයටිකුරු වූ බැවින්, 11 වැනි ස්ථානය ලබාගත් Yevan ට සෙනසුරාදා පැවැත්වෙන Sprint Race එකෙහි ඉදිරිපෙළින්ම, එනම් 2 වැනි ස්ථානයෙන් තරගය ආරම්භ කිරීමේ අවස්ථාව හිමි වනවා.
මෙය යෙවන්ගේ F3 තරග දිවියේ ප්‍රථම Podium ස්ථානයක් කරා යාමට ඉවහල් වන කදිම අවස්ථාවක් නිර්මාණය කරනු ඇතියි
Comments (0)
No approved comments yet. Be the first to comment!