Formula 1 සෙවණැල්ලෙන් මිදී ලෝකයම ජයගන්නට සැරසෙන Formula E

මෝටර් රථ ධාවන තරඟ පිටිය තුළ කලක් Formula 1 තරඟාවලියේ බාල සහෝදරයකු ලෙස සැලකුණු Formula E සැබවින්ම දැන් පරිණත වෙමින් පවතින බව පෙනෙන්නට තිබෙනවා.
ආරම්භයේදී පැවති සීමාවන් බිඳදමමින්, ලෝක මට්ටමේ දැවැන්ත ක්‍රීඩා සන්නාමයක් දක්වා Formula E වර්ධනය වී ඇති ආකාරය පිළිබඳව එහි ප්‍රධාන විධායක නිලධාරී Jeff Dodds මෑතකදී අතිශය වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කොට තිබෙනවා.
මීට වසර 12කට පෙර Formula E ආරම්භ වන විට එහි මෝටර් රථවල බැටරි ධාරිතාවය සහ වේගය පැවතුනේ සීමිත මට්ටමකයි.
මේ නිස නගර මධ්‍යයේ පිහිටි පටු සහ වංගු සහිත වීදි ධාවන පථවල පමණක් තරඟ පවත්වන්නට සිදු වුණා.
නමුත් 2026-27 තරඟ වාරයේදී හඳුන්වා දීමට නියමිත, 600kW ක ප්‍රබල බලයක් සහිත සියලුම රෝද ක්‍රියාත්මක වන All-wheel drive 'Gen4' මෝටර් රථ සමඟින් මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වනු නොඅනුමානය.
ලන්ඩන්හි පැවති සාම්ප්‍රදායික ධාවන පථය වෙනුවට බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ Brands Hatch පථයත්, ඇමරිකාවේ Circuit of the Americas සහ නෙදර්ලන්තයේ Zandvoort වැනි F1 මට්ටමේ ධාවන පථත් මෙවර Formula E දින දර්ශනයට එක් කර තිබීමද මෙහිදී සුවිශේෂ ය.
මෙය මෝටර් රථවල සැබෑ වේගය සහ තාක්ෂණය ප්‍රදර්ශනය කිරීමට ලැබුණු කදිම අවස්ථාවක් බව විචාරකයන්ගේ අදහසයි.
Jeff Dodds පෙන්වා දෙන්නේ ලොව පුරා මිලියන 400කට අධික ප්‍රේක්ෂක පිරිසක් Formula E තරග වටා රොක් වී සිටින බවයි.
නව Gen4 රථ F1 රථවල වේගයට ඉතා ආසන්න වන අතර, ඉදිරියේදී පැමිණීමට නියමිත Gen5 රථ F1 රථවලටත් වඩා වේගවත් විය හැකි බවට ඔහු අනාවැකි පළ කොට තිබෙනවා.
ඇමරිකාව සහ චීනය වැනි ප්‍රධාන වෙළඳපොළවල් ඉලක්ක කර ගනිමින් FE සිය තරඟ ව්‍යාප්ත කරමින් සිටින්නේ F1 සෘජුවම ඉලක්ක කරන ප්‍රේක්ෂක පදනම වෙතමය.
F1 හිSprin' තරඟ රටාව ප්‍රේක්ෂකයින් අතර විවිධ මතභේදයන්ට ලක්වන මොහොතක, Formula E විසින් 2026-27 වාරයේ සිට E-Prix Unleashed නමින් හැඳින්වෙන කෙටි තරඟ රටාවක් හඳුන්වා දී තිබෙනවා.
සාමාන්‍ය තරඟයකදී බැටරි කළමනාකරණය සහ උපායමාර්ගික ධාවනය වැදගත් වන නමුත්, මෙම මිනිත්තු 10ක් කෙටි නව තරඟයේදී රියදුරන්ට කිසිදු සීමාවකින් තොරව රථයේ උපරිම බලය සහ ඉහළ Downforce එක භාවිතා කරමින් වේගයේ උපරිම සීමාවටම යාමට අවස්ථාව හිමි වනු ඇතියි.
F1 තරඟාවලිය ඉදිරි වසර කිහිපය තුළ නැවතත් V8 එන්ජින් සහ දහන බලය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට තීරණය කර ඇති පසුබිමක, Formula E සම්පූර්ණයෙන්ම විද්‍යුත් තාක්ෂණය මතම රැඳී සිටීමට තීරණය කොට තිබෙනවා
2030 වන විට ලොව පුරා විද්‍යුත් වාහන මිලියන 45කට වඩා අලෙවි වනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, F1 හි මෙම තීරණය තරමක් පුදුමසහගත වුවත්, එයින් තරඟාවලි දෙක අතර පැහැදිලි අනන්‍යතා වෙනසක් ඇති වන බව Dodds පවසනවා.
Formula E යනු තවදුරටත් F1 අනුකරණය කරන සරල තරඟාවලියක් නොව තමන්ටම ආවේණික වූ නව්‍ය තාක්ෂණයක්, ආකර්ෂණීය තරඟ රටාවක් සහ ශීඝ්‍රයෙන් වර්ධනය වන ප්‍රේක්ෂක පදනමක් සහිතව, මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයේ අනාගතය විද්‍යුත්කරණය කිරීමට සැරසෙන ස්වාධීන දැවැන්තයෙක් බදුය.
Comments (0)
No approved comments yet. Be the first to comment!