F1 ප්‍රතිඵල උඩුයටිකුරු කළ අමුතුම තාක්ෂණික සාක්ෂි
Formula 1 ධාවන පථය තුළ මෙන්ම ධාවන පථයෙන් පිටතදීත් තම කණ්ඩායමට වාසියක් අතකර ගැනීම වෙනුවෙන් F1 කණ්ඩායම් දරුණු සටනක නිරත වනවා.

සාමාන්‍යයෙන් තරඟයක් අතරතුර සිදුවන වැරදිවලට Race Stewards විසින් දඬුවම් හෝ දඩ පනවනු ලබනවා.
නමුත් මෙම තීරණවලට එරෙහිව අභියාචනා කිරීම සදහා F1 කණ්ඩායම්වලට අවස්ථාව හිමිවනවා.
ඒ සඳහා ඔවුන් දඩුවම් පැනවීමට හේතුවූ තීරකවරුන් නොදුටු අලුත්ම සාක්ෂි ඉදිරිපත් කළ යුතු වනවා.
Formula 1 ඉතිහාසය තුළ ප්‍රතිඵල වෙනස් කරගැනීම උදෙසා කණ්ඩායම් භාවිතා කළ අමුතුම සහ තාක්ෂණිකව ඉතාමත් නිර්මාණශීලී සාක්ෂි 5ක් පිලිබදව Speedmania තබන සටහනකි මේ..
රූපවාහිනී විස්තර විචාරකයින්ගේ විශ්ලේෂණ සාක්ෂි ලෙස
බ්‍රිතාන්‍යයේ Sky Sports F1 නාලිකාව නරඹන ප්‍රේක්ෂකයන් හට Sky Pad තුලින් හිටපු ධාවකයින් තරඟයේ සිදුවීම් රූප රාමුවෙන් රාමුව ඉතා සියුම්ව විශ්ලේෂණය කර පෙන්වන අයුරු දැකගත හැකිවනවා.
2019 කැනේඩියානු Grand Prix තරඟයේදී Sebastian Vettel හට තත්පර 5ක දඬුවමක් හිමිව තිබුණා.
ඒ ඔහු අනාරක්ෂිත ලෙස නැවත ධාවන පථයට පැමිණ ලුවිස් හැමිල්ටන්ව ධාවන පථයෙන් ඉවතට තල්ලු කිරීමේ චෝදනාවටයි.
ඉන් කෝපයට පත් Ferrari කණ්ඩායම, දඬුවම ඉවත් ගැනීමට සාක්ෂියක් ලෙස ඉදිරිපත් කොට ඇත්තේ Karun Chandhok විසින් Sky Pad හරහා සිදුකළ වීඩියෝ විශ්ලේෂණයේ රූප රාමු කිහිපයක්.
නමුත් මෙය තුන්වන පාර්ශවයක පුද්ගලික මතයක් මිස නිල තාක්ෂණික සාක්ෂියක් නොවන බව සදහන් කරමින් තීරකවරුන් විසින් එය ප්‍රතික්ෂේප කොට තිබෙනවා.
සමාජ මාධ්‍ය වීඩියෝ පට සාක්ෂි ලෙස
2020 ඔස්ට්‍රියන් Grand Prix තරඟයේ සුදුසුකම් ලැබීමේ වටයේදී Valtteri Bottasගේ රථය ධාවන පථයෙන් ඉවතට යෑම හේතුවෙන් Yellow Flags දමන්නට සිදුවුණා.
නමුත් Lewis Hamilton ඒ අසලින් ගමන් කරන විට වේගය අඩු නොකළ බවට චෝදනා එල්ල වුණා.
එහි කොළ පැහැති කොඩි සහ කහ පැහැති කොඩි එකවර දර්ශනය වූ නිසා ව්‍යාකූලත්වයක් තිබූ බැවින්න් තරග තීරකවරුන්, Hamilton නිවැරදිකරු ලෙසින් සටහන් කරනු ලැබුවා.
නමුත් තරඟයෙන් පසුව නිල F1 Twitter ගිණුමේ පළ කර තිබූ 360-degree onboard වීඩියෝවක් Red Bull කණ්ඩායමේ ඇස ගැටුණා.
සාමාන්‍යයෙන් තරඟය අතරතුර එක් කැමරා කෝණයක් සජීවීව පෙන්වනු ලබන අතර ඉතිරි කෝණවලින් පටිගත වී දර්ශන ලැබෙන්නේ පසුවයු.
Hamilton හට කහ පැහැති ලයිට් පැනලය පැහැදිලිව දර්ශනය වූ බව එම පසුවට ලද වීඩියෝ පට තුලින් මනාවට පිලිඹිබු වද්දී Red Bull කණ්ඩායම එය සාක්ෂියක් ලෙස ඉදිරිපත් කොට තිබෙනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස තරඟය ආරම්භ වීමට පැයකට පෙර හැමිල්ටන්ට ස්ථාන 3ක Grid Penalty එකක් හිමි වූ අතර, Red Bull රියදුරන් වූ මැක්ස් වර්ස්ටැපන් සහ ඇලෙක්ස් ඇල්බන්ට ඉන් වාසි සැලසුණා.
Simulator භාවිතයෙන් අනතුර ප්‍රතිනිර්මාණය කිරීම
2021 බ්‍රිතාන්‍ය Grand Prix තරඟයේදී Lewis Hamilton සහ Max Verstappen අතර ඇති වූ ගැටුමින් පසු Hamilton හට තත්පර 10ක දඬුවමක් හිමිවුවද ඔහු තරඟය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.
ශූරතාවලියේ ලකුණු සටහනට ඉන් දැඩි බලපෑමක් වූ නිසාවෙන් Hamilton හට දැඩි දඬුවමක් ලබා දීමට Red Bull කණ්ඩායමට අවශ්‍ය වුණා.
මේ සඳහා Red Bull කණ්ඩායම ඇලෙක්ස් ඇල්බන් ලවා පැරණි F1 රථයකින් එම වංගුවේම Hamilton ධාවනය කළ ආකාරය සහ වේගය Simulator එකක් තුළ සහ Filming Day එකකදී ධාවන පථය මත ප්‍රතිනිර්මාණය කළා.
ඒ හරහා හැමිල්ටන්ගේ ධාවන විලාසය හමුවේ අනිවාර්යයෙන්ම අනතුරක් සිදුවන බව ඔප්පු කිරීමට ඔවුන් උත්සාහ කළා.
නමුත් තරග තීරකවරුන් විසින් එය ප්‍රතික්ෂේප කළා අතර ඔවුන් පැවසුවේ මෙය ස්වාභාවිකව සොයාගත් සාක්ෂියක් නොව, අභියාචනය ජයග්‍රහණය කිරීම සඳහාම කෘතිමවනිර්මාණය කරන ලද එකක් බවයි.
කාලය සාක්ෂියක් කරගැනීම
සංකීර්ණ GPS දත්ත හෝ Telemetry දත්ත භාවිතයෙන් තොරව, සරල ඔරලෝසුවකින් පවා තරඟ ප්‍රතිඵලයක් වෙනස් කළ අවස්ථා අපට හමුවනවා.
2022 ඇමරිකානු Grand Prix තරඟයේදී Fernando Alonso පැදවූ රථය අනාරක්ෂිත තත්ත්වයේ තිබියදී ධාවනය කිරීමේ චෝදනාවට ඔහුට තරගයෙන් පසු තත්පර 30ක දඬුවමක් හිමිවුණා..
F1 නීති අනුව තරඟ ප්‍රතිඵල නිකුත් කර විනාඩි 30ක් ඇතුළත මේ පැමිණිල්ල දැමිය යුතු වන නමුත් Haas කණ්ඩායම මිනිත්තු 24ක් ප්‍රමාද වී තිබුණද තීරකවරුන් එය භාරගෙන තිබුණා.
ඇලොන්සෝ ප්‍රමුඛ කණ්ඩායම මීට එරෙහිව අභියාචනා කළ අතර ඔවුන් ඉදිරිපත් කළ එකම සාක්ෂිය වූයේ FIA ආයතනය විසින්ම Haas කණ්ඩායම ප්‍රමාද වී පැමිණිලි කළ බව පිළිගෙන තිබූ නිල සටහනයි.
ඉන් Alpine කණ්ඩායම නඩුව ජයග්‍රහණය කළ අතර ඇලොන්සෝගේ තත්පර 30ක දඬුවම ඉවත් කර ඔහුට හිමි ලකුණු සංඛ්‍යාව නැවත ලබා දීමට තීරණය කෙරුණා.
කණ්ඩායම් කළමණාකරුවන්ගේ රැස්වීම් වාර්තා
2023 කැනේඩියානු Grand Prix තරඟයේදී Safety Car එක පිටුපස අනවශ්‍ය ලෙස සෙමින් ධාවනය කිරීම නිසා Lando Norris හට තත්පර 5ක දඬුවමක් හිමිවුණා.
තරග තීරකවරුන් මෙය හැඳින්වූයේ Unsportsmanlike Driving ලෙසයි. මෙම දඬුවම ඉවත් කරගැනීමට McLaren කණ්ඩායම අමුතුම උත්සාහයක් ගනු ලැබුවා.
ඔවුන් මීළග තරඟයට පෙර පැවැත්වුණු FIA කණ්ඩායම් කළමනාකරුවන්ගේ රැස්වීමක Meeting Minutes සාක්ෂි ලෙස ඉදිරිපත් කොට තිබෙනවා.
McLaren කණ්ඩායම තර්ක කළේ එම රැස්වීමේදී අනෙකුත් කණ්ඩායම් පවා මෙවැනි වැරදිවලට දඬුවම් නොකළ යුතු බවට එකඟතාවයකට පැමිණි බවයි.
Williams කණ්ඩායම මෙයට විරුද්ධ වූ අතර, තීරකවරුන් ප්‍රකාශ කළේ නිල නොවන සාකච්ඡා නිල නීතිමය සාක්ෂි ලෙස පිළිගත නොහැකි බවයි. ඒ අනුව Norris ගේ දඬුවම එලෙසම පැවතුණා.
Comments (0)
No approved comments yet. Be the first to comment!